gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුරාබදු වැටලීම් අදායම මිලියන 203යි

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2018 වර්ෂය තුළ සිදු කරන ලද වැටලීම් 49,305 ක සැකකරුවන් අධිකරණයට ඉදිරිත් කිරීම තුළින් රජයට රුපියල් මිලියන 203.46 ක ආදායමක් අය කර දී ඇති බව සුරාබදු නියෝජ්‍ය කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා සඳහන් කරයි.

පසුගිය වසර තුළ සුරාබදු නිලධාරීන් විසින් සුරාබදු ආඥා පනත යටතේ ග්‍රහනයන් 36958 ක් සිදු කර ඇත.
ඒ නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කිරීමේ ස්ථාන 1814 ක්,නීති විරෝධී මත්පැන් ළග තබා ගැනීම සහ අලවිය සිදු කළ ස්ථාන 839 ක්,නීති විරෝධී ලෙස නිපදවන ලද මත්පැන් ප්‍රවාහනය කිරීමේ වැටලීම්21,295 ක්, බලපත්‍ර නොමැතිව මහ රා ළග තබා ගැනීමේ සම අලවි කිරීමේ වැටලීම් 70303 ක්,නීති විරෝධී ලෙස බලත්‍ර නොමැතිව රජයේ අරක්කු ප්‍රවාහනය,ළග තබා ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් වැටලීම් 2476 ක්,නීති විරෝධී ලෙස විදේශීය මත්පැන් ප්‍රවාහනය,ළඟ තබා ගැනීම,අලවි කිරීමේ චෝදනාව යටතේ වැටලීම් 3231 ක්ද සිදු කර ඇත.

ඊට අමතරව වස විෂ අබිං ආඥා පතන යටතේ වැටලීම් 6044 ක් සිදු කර ඇත.

ඒ අනුව හෙරෝයින් මත් කුඩු ළග තබා ගැනීම,අලවිය සහ ප්‍රවාහනය කිරීමේ චෝදනාව යටතේ වැටලීම් 2173 ක්,කොකේන් මත් ද්‍රව්‍ය ළග තබා ගැනීම, ප්‍රවාහනය සහ අලවි කිරීමේ චෝදනාව යටතේ වැටලීම් 21 ක්,නීති විරෝධී ලෙස ගංජා ප්‍රවාහනය, ළග තබා ගැනීම සහ අලවි කිරීමේ චෝදනාව යටතේ වැටලීම් 3580 ක්,නීති විරෝධී ලෙස ගංජා වගා කර තිබූ ස්ථාන 31 ක් වටලා ඇති සුරා බදු නිලධාරීන් වෙනත් මත්ද්‍රව්‍ය වැටලීම් 48 ක් සිදු කර ඇත.

දුම්කොල සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරී පනත යටතේ වැටලීම් 6303 ක් සුරාබදු නිලධාරීන් විසින් පසුගිය වසර තුළ සිදු කර ඇත. බදු නොගවා මෙරටට ගෙන්වු දුම්වැටි ළග තබා ගැනීම සම්බන්ධයෙන් වැටලීම් 2125 ක්,වයස අවුරුදු 21 ට අඩු බාල වයස්කාර දරුවන්ට දුම්වැටි අලවි කිරීමේ වැටලීම් 985 ක්,ප්‍රසිද්ධ සහ ජනාකීර්ණ ස්ථාන වල දුම්පානය කිරීමේ වැටලීම් 1866 ක් සහ වෙනත් දුම්කොල අපරාධ සම්බන්ධ වැටලීම් 1327 ක්ද සිදු කර ඇත.

මෙම වැටලීම් වලදී පුද්ගලයින් 49305 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, කාන්තාවන් 5114 ක් ඒ අතර සිටීම විශේෂත්වයකි.සැකකරුවන් නොමැති වැටලීම් 34 ක්ද ඒ අතර සිදු කර ඇත.
මත්පැන් අලවි කිරීම සදහා රජය විසින් බලපත්‍ර ලබා දී ඇති ස්ථාන 3678 ක් සම්බන්ධයෙන්ද සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කටයුතු සිදු කර ඇත.එම බපත්‍ර ලාභීන්ට එරෙහින සුරාබදු ආඥා පනත අනුව කටයුතු කිරීම සිදු කර ඇත.

මහජනතාව විසින් ලබා දුන් තොරතුරු අනුව බහුතර වැටලීම් ප්‍රමාණයක් සිදු කර ඇති බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා සදහන් කරයි.මෙම වැටලීම් වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් රුපියල් 203,459,449.60 ක මුදලක් රජයට අය වී ඇති බවත්,වැටලීම් වලදී අත්අඩංගුවට ගත් දේපල වල මුළු වටිනාකම රුපියල් 440,660,252.59 ක් වන බවද නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.

ජුඩ් සමන්ත - පුත්තලම
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka