gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රීඩකයින් තේරීමේ කටයුතු සිදුකරන ආකාරය වෙනස් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කරයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට කී‍්‍රඩකයින් තේරීමේ කටයුතු සිදුකරන ආකාරය වෙනස් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කණ්ඩායම තේරීමේදී ප‍්‍රධාන පුහුණුකරු සතුව මෙතෙක් කලක් පැවති බලතල අහෝසි කරනු ඇති.
සංචාරයක් අතරතුර කණ්ඩායම තේරීමේ බලයද තේරීම් කමිටුවට පැවරීමටයි තීරණය කර ඇත්තේ.

සංචිතයකින් තරගයක් සඳහා කණ්ඩායම තේරීමේ බලය මෙතෙක් පැවතියේ කණ්ඩායමේ නායකයා, කළමණාකරු සහ ප‍්‍රධාන පුහුණුකරු සතුවයි. එහෙත් කී‍්‍රඩා ආරංචිමාර්ග පැවසුවේ කණ්ඩායම තේරීමේදී ප‍්‍රධාන පුහුණුකරු ඒකාධිපති බලතල භාවිත කරමින් කටයුතු කරන බවයි.

නව තීරණයට අනුව සංචාරයක් අතරතුර කණ්ඩායමක් තේරීමේ බලය කණ්ඩායමේ නායකයා, කළමණාකරු සහ තේරීම් කමිටුවට හිමිවනු ඇති. පුහුණුකරුට හිමිවන්නේ තේරීම් සඳහා සිය මතය ඉදිරිපත් කිරීම පමණක් බවයි වාර්තා වන්නේ.  කාර්යක්‍ෂම සහ විනිවිදභාවයකින් යුත් තේරීම් යාන්ත‍්‍රණයක් ඇති කිරීම මෙහි අරමුණයි. ඒ අනුව වහාම කි‍්‍රයාත්මක වන පරිදි මෙම තීරණය කි‍්‍රයාත්මක කරන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka