gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කිරිපිටි මිල ගැන තීන්දු වෙයි

කිරිපිටි මිල ඉහළ දැමීමට ආනයනික සමාගම් සිදුකර තිබූ ඉල්ලීම් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අනුව ආනයනික කිරිපිටි පවතින මිලටම අලෙවි කළ යුතු බවද එම අධිකාරිය සඳහන් කරයි.

කිරිපිටි මිල ඉහළ දැමීමට අවසර ලබාදෙන ලෙස කිරිපිටි ආනයනය කරන සියලු සමාගම් පසුගිය දිනවල පාරිභෝගික කටයුතු අධිකාරියට යෝජනාවක් කර තිබිණි.
ආනයනික කිරිපිටි සඳහා ඉදිරි සති දෙක තුළ මිල සූත්‍රයක් හදුන්වාදීමට රජය තීරණය කළ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ කිරිපිටි මිල සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවක දී මිල සූත්‍රයක් හදුන්වාදීම සඳහා අවසන් එකඟතාවකට පැමිණි බවයි.

ඒ අනුව කිරිපිටි සමාගම්වල නියෝජිතයින් මුදල් අමාත්‍යංශ නියෝජිතයින්, වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශ නියෝජිතයින් සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී ඉන්ධන මිලට මෙන් ආනයනික කිරිපිටි සඳහා ද මිල සූත්‍රයක් හදුන්වාදීමට එකඟතාව පලවී ඇති අතර එය ඉදිරි සති දෙක තුළ සකස් කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් ලැබී ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර වෙළෙඳපලේ පවතින කිරිපිටි මිල ගණන්වලට අනුව මෙරට කිරිපිටි මිල ද වෙනස් වන ආකාරයට මෙම මිල සූත්‍රය හදුන්වාදීමට නියමිතය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka