gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කිරලාගල චෛත්‍යයට නැග්ග අග්නිදිග සිසුහු රිමාන්ඞ්

හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළු වී එහි ඇති පුරාවිද්‍යා වටිනාකමක් ඇති චෛත්‍යක් මතට නැග ඡායාරූප ගෙන එය සමාජ ජාල වෙබ් අඩවිවලට මුදා හැරීමේ චෝදනාව සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුන් 8 දෙනෙකු පෙබරවාරි 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා ඊයේ (24 දා) පස්වරුවේ නියෝග කළේය.
මෙම සැකකාර සිසුන් අට දෙනා ඊයේ (24 දා) පස්වරුවේ හොරොව්පොතාන පොලිසිය මගින් කැබිතිගොල්ලෑව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරුන් මහෙස්ත‍්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ මෙම සැකකාර සිසුන් අග්නිදිග විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන විභාගයකට පෙනී සිටීමට නියමිත බැවින් ඔවුන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙසයි.

නීතිඥවරුන්ගේ එම ඉල්ලීම තරයේ ප‍්‍රතික්‍ෂේප කළ මහෙස්ත‍්‍රාත්වරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ සැකකාර සිසුන් විභාගයකට පෙනී සිටින්නේ නම් ඔවුන් ඒ සඳහා සහභාගි කරවීමට බන්ධනාගාර නිලධාරීන් මගින් අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මොහොමඞ් සාමිල්, අබ්දුල් සලාම් මොහොම්බදු, අබ්දුල් අසීක් මොහොමඞ් ආසික්, මොහමිමදු ජලිල් හිදයාන්, මොහොමඞ් ඊබ‍්‍රාහිම් සිපාන්, මොහොමඞ් රිපාස් මොහොමඞ්, අබ්දුල් අසීස් දිල්ෂාන් සහ කරීම් මොහම්මදු සබ්රා යන අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන සිසුන් අටදෙනෙකි.

මෙම සැකකාර සිසුන් හොරොව්පෙතාන පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා (23දා) පස්වරුවේ අම්පාර සහ අක්කරේයිපත්තු යන ප‍්‍රදේශවල දීය.

ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කිරලාගල කලාප භාර නිලධාරී සුමිත් බණ්ඩාර රත්නායක මහතා විසින් 22 වැනිදා සවස හොරොව්පොතාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුවය.

පැමිණිල්ල වෙනුවෙන් හොරොව්පොතාන සහකාර පොලිස් අධිකාරී සේනක බී. ජයසිංහ මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා පෙනී සිටි අතර සැකකාර සිසුන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රංග සුජීව මහතා සහ නීතිඥ නිලූකා ප‍්‍රියදර්ශනී මහත්මිය පෙනී සිටියහ.

මිහින්තලේ - රංග චතූ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka