gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශී‍්‍ර ලංකාව ලෝක කුඩු කෙරුමන්ගේ ග‍්‍රහණයේ

පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් කොළඹ කොල්ලූපිටියේදී කිලෝ ග‍්‍රෑම් සියයක හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සම`ග ලෝක හෙරොයින් ජාවාරමේ භයානකම කේන්ද්‍රස්ථානය ලෙස හදුනාගෙන තිබෙන ‘රන් චන්ද්‍රවංකයේ’ කි‍්‍රයාත්මක ජාත්‍යන්තර මාෆියා කල්ලිවල ග‍්‍රහණයට ශ‍්‍රී ලංකාව ගොදුරු වී ඇති බව හෙළි වී තිබේ.
ඉරානය, ඇෆ්ගනිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ පාකිස්තානය යන රටවලට මැදිව තිබෙන ලෝකයේ විශාලම හෙරොයින් මත්කුඩු නිෂ්පාදනය කෙරෙන භූමි ප‍්‍රදේශය මෙසේ ලෝක හෙරොයින් නිෂ්පාදන ‘රන් චන්ද්‍රවංකය’ ලෙස හැ`දින්වේ. එසේම මෙම ප‍්‍රදේශවල කෙරෙන පොපි වගාවන්ගෙන් නිෂ්පාදනය කරන හෙරොයින් ලෝකයේ ඉස්තරම් හෙරොයින් බවද පැවසේ.
 කොල්ලූපිටියේදී අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයට සම්බන්ධ ජාවාරම මෙහෙයවා ඇත්තේ ටර්ක්මෙනිස්තාන ජාතිකයන් දෙදෙනකු බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදු කළ වැඩිදුර විමර්ශනවලදී හෙළිවීමත් සම`ග මෙම භයානක තත්ත්වය අනාවරණය වී ඇත.
 මෙතෙක් කලක් පාකිස්තානය සහ ඉන්දියාව කේන්ද්‍ර කරගෙන මෙරට හෙරොයින් ජාලය කි‍්‍රයාත්මක වුවද ටර්ක්මෙනිස්තානය වැනි හෙරොයින් ජාවාරමේ මාෆියාව පවතින ජාත්‍යන්තර සීමාවන් දක්වා එය ව්‍යාප්ත වී තිබෙන බව අනාවරණය වූ ප‍්‍රථම අවස්ථාව මෙය වේ.
 මෙහි ඇති තවත් භයානක තත්ත්වයක් වන්නේ හෙරොයින් නිෂ්පාදනයේ රන් චන්ද්‍රවංකයට අයත් ඇෆ්ගනිස්තානය, ඉරානය ආදී භූමි ප‍්‍රදේශය ඉස්ලාම් අන්තවාදය හා ත‍්‍රස්තවාදය ව්‍යාප්තව තිබෙන ප‍්‍රදේශ ලෙස හදුනාගෙන තිබීම බව බුද්ධි අංශ ස`දහන් කරයි.

‘හෙරොයින් නිෂ්පාදනයේ ‘රන් චන්ද්‍රවංකය’ට අයත් මෙම භූමි ප‍්‍රදේශය හැරුණුවිට ලෝක හෙරොයින් නිෂ්පාදනයේ කේන්ද්‍රීය ප‍්‍රදේශ ලෙස බුරුමය, ලා ඕසය, තායිලන්තය සහ වියට්නාමය යන රටවලට මැදිව ඇති හෙරොයින් නිෂ්පාදනයේ ‘රන් ති‍්‍රකෝණය’ ලෙසින් ප‍්‍රකට භූමිය සහ මෙක්සිකෝවත්, කොළොම්බියාවත් හ`දුනාගෙන ඇත.

මෙම සියලූම ප‍්‍රදේශ කේන්ද්‍ර කරගෙන ජාත්‍යන්තර හෙරොයින් ජාවාරමේ ප‍්‍රබල මාෆියා කල්ලි කි‍්‍රයාත්මක වන අතර කොල්ලූපිටියේදී අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයත් සම`ග ඇමරිකානු ජාතිකයන් දෙදෙනකුද කොටුවී සිටීමෙන් ජාත්‍යන්තර මාෆියා කල්ලිවල ග‍්‍රහණයට ශී‍්‍ර ලංකාව ගොදුරු වී තිබෙන බව තවදුරටත් තහවුරු වන්නේ යැයිද බුද්ධි අංශ ස`දහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka