gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කාලෙකට පස්සේ ආ දුමින්දට පුටුවත් හොයාගන්න බැරිවෙලා

පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක ඊයේ (23දා) දීර්ඝ කාලයකට පසුව මැතිසබයට පැමිණ විපක්ෂයේ අසුන් ගත්තේය.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වීමෙන් පසු පැවැති සභාවාරවලට සහ ඉන් පසුව පැවැත්වුණු සභාවාරවලට මන්ත්‍රිවරයා සහභාගි නොවීමද විශේෂත්වයකි.

දීර්ඝ කාලයකට පසු පැමිණි නිසා ඔහුට වෙන්කළ ආසනය සොයා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ අතර පසුව සභා ගර්භයේ සේවක මහතකු පැමිණ මන්ත්‍රිවරයාගේ අසුන සොයා දීමට කටයුතු කළේය.

ඔහුට විපක්ෂයේ තුන්වැනි පෙළ අසුනක් හිමිවී තිබිණි.

"ඔබතුමාට ආසනය තියෙන්නෙ මේ පැත්තේ" යැයි ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා මේ අවස්ථාවේ කීවේය.

අසුන් ගැනීමෙන් පසුව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා සමඟ දීර්ඝ කතාබහක නිරත වී සිටින අතර එය මැතිසබේ කාගේත් අවධානයට ලක්විය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka