gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"සේනා පිටුපස ඉන්නේ මොන්සැන්ටෝ"

සේනා නම් වු පලිබෝධ වසංගතයට ඔරොත්තු දිය හැකි එකම බීජ ප්‍රභේදය නිපදවන්නේ මොන්සැන්ටෝ සමාගම පමණක් වන නිසා මොන්සැන්ටෝ බීජ සමාගම සේනා වසංගතය පිටුපස ඇති බවට සැක පළ කරන බව සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පක්ෂයේ ප්‍ර‍ධාන ලේකම් තුසිත බාලසූරිය මහතා පවසයි.
සේනා දළඹුවන් තුරන් කිරීමට කිසිදු සාර්ථක විසදුමක් ඉදිරිපත් වී නොමැති නිසා මොන්සැන්ටෝ බීජ ඒකාධිකාරයට යටත් වීමට ගොවීන්ට සිදුව ඇතැයි පැවසේ.

ලංකාවේ අත්හදා බලා ඇති අළු යෙදීම වැනි ස්වභාවික විකල්ප විශාල වගාවකට නොගැලපෙන බව ගොවීන්ගේ අදහසයි.

ඊට අමතරව දේශීය ක්‍ර‍මවලට නිපදවන පලිබෝධනාශකයන් නිෂ්පාදනයට හා ගොවිතැනට යෙදීමට වැයවන අධික පිරිවැය හේතුවෙන් මොන්සැන්ටෝ සමාගම ගොවීන්ගේ එකම ගැලවුම්කරුවා බවට පත්වී ඇත.

සේනා දළඹුවන් ව්‍යාප්තියට වසවිස නැති ගොවිතැන දිරිමත් කිරීම හේතුවක් වී ඇතැයි කෘමිනාශක සමාගම් හා එම සමාගම්වල පහස ලබන දේශපාලකයන් විසින් ඉදිරිපත් කරන තර්කයට පදනමක් නැතත් එමගින් වසවිස නැති ගොවිතැන අධෛර්්‍යමත් වනු ඇති බව ඒ මහතා සදහන් කරයි.

"මුලින් දුම්කොළ වගාවට යොදන අධික සැර කෘමිනාශක යොදා සේනා මැඩිය හැකි බවට රාවයක් පැතිර ගියේයග එය ගොවීන් මුලාකිරීමක් බව ඔප්පු කරමින් සේනා වසංගතය දුම්කොළ වගාවද ආක්‍රමණය කළ අතර එහි වාසියත් කෘමිනාශක සමාගම් හිමි කර ගත්තේය.අවසාන වශයෙන් සිදුවීමට නියමිත ලෝකය පුරාම වසවිස නැති ගොවිතැනට වින කරන අන්තර්ජාතික බීජ මාෆියාව හා පලිබෝධනාශක නිෂ්පාදන සමාගම් මාෆියාව ලංකාව ආක්‍රමණය කිරීමයිග ජාන වෙනස් කළ බීජ හා අධික විස සහිත කෘමිනාශක භාවිතයට අකමැති ගොවීන්ට තවදුරටත් පාඩු සිදුවිය හැකියග එය ආහාර අර්බුදයක් වීමේ අවධානමක්ද පවතීග ඊට අපගේ විසදුම වසවිස නැති ගොවිතැනට විකල්ප යොදා අතිරික්තයක් දක්වා නිෂ්පාදනය වර්ධනය කිරීම" යැයි තුසිත බාලසූරිය මහතා වැඩිදුරටත් සදහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka