gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෆේස්බුකියේ රැල්ලට ගිය ආරුක්කු පාලම බලන්න ගිය පිරිසකට බඹර ප්‍රහාර - විස්සකට අසාධ්‍යයයි!

ෆේස්බුක් ඇතුලු සමාජජාලා වෙබ් අඩවි වල පසුගිය දිනවල ජනප්‍රිය වූ සංචාරක නවාතැනක් වූයේ දෙමෝදර ආරුක්කු නවය පාලමයි. ඉන්පසුව ආරුක්කු නවය පාලම නැරඹීමට යෑම රැල්ලක් වූ අතර දෛනිකව සිය ගණනින් පිරිස ආරුක්කු නවය පාලම නැරඹීමට පැමිණියා.
මෙලෙසින් පැමිණි විදේශීය හා දේශීය සංචාරකයින් පිරිසක් ඊයේ (29) දහවල් 1.30ට පමණ ආරුක්කු නවය පාලම නරඹමින් සිටියදී එල්ල වූ බඹර ප‍්‍රහාරයක් හේතුවෙන් විදේශීය සංචාරකයින් දසදෙනකු ඇතුළු සංචාරකයින් විසිදෙදෙනකු අසාධ්‍ය තත්වයෙන් දෙමෝදර ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලිසිය පවසනවා.

මෙම බඹර ප‍්‍රහාරයට විදේශීය සංචාරකයින් දසදෙනකු හා දේශීය සංචාරකයින් දොලොස්දෙනකු ලක්වී ඇති අතර අතර ඉන් විදේශීය සංචාරකයින් දෙදෙනකු බරපතල අසාධ්‍ය තත්වයෙන් දෙමෝදර ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.

ඇල්ල දෙමෝදර ආරුක්කු නවය පාලම නරඹමින් සිටියදී සංචාරකයින් පිරිසට මෙම ආරුක්කු නවය පාලමේ බැඳ තිබූ බඹරයක් හදිසියේම ඇවිස්සී එලව එලවා බඹරුන් පහරදීම නිසා මෙම අනතුරට ලක්වී තිබේ.

මෙම බඹරය ඇවිස්සීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka