gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇඹිලිපිටියේ සුමිත්ගේ මරණයට සම්බන්ධ සියලු නිලධාරීන් අත්අඩංගුවට ගන්න නියෝග

මීට තුන් වසරකට පෙරදී ඇඹිලිපිටිය නව නගරයේ නිවසක පැවති සාදයක් අතරතුර ඇති  වු ගැටුමකින්  පසු මියගිය සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන නම් තරුණ එක්දරු පියාගේ මරණය සම්බන්‍ධයෙන් අත්අඩංගුවට ගැනීමට ඇති සෙසු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ආර්.ජී.එන්.කේ.රන්කොත්ගේ මහත්මිය ඊයේ (29) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.
වර්ෂ 2016 ජනවාරි 04 දින රාත‍්‍රී ඇඹිලිපිටිය නව නගරය පාරේ මෙන්ඩිස් ගොඩනැගිල්ලේ නිවසක පැවති සාදයට කඩා වැදුණු පොලිස් නිලධාරීන් අතර සිටි එවක ඇඹිලිපිටිය පොලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයාව සිටි ඩි.ඩබ්.ධර්මරත්න මහතා විසින් සුමිත් ප‍්‍රසංග ජයවර්ධන (29) තරුණයා ඉහළ මාලයකින් පහලට තල්ලූකළ බවට සැකකරමින් මෙම නඩුව පැවැත්වෙයි.

එම සිද්ධියෙන් දින තුනකට පසු රත්නපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දී සුමිත් ප‍්‍රසංග මිය ගියේය.
සැකකාර සහකාර පොලිස් අධිකාරීවරයා මෙදින අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

මේවනවිට සිද්ධියට වසර තුනක් ඉක්මවා ඇත. මෙම නඩුව ඇඹිලිපිටිය අත්රේක මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී ඊයේ (29) නැවත කැඳවූ අවස්ථාවේ මෙතෙක් නඩුව විභාග කළ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්‍දු මහතා ස්ථානමාරුවීම නිසා නව මහේස්ත‍්‍රාත්වරිය හමුවේ විභාග වෙයි.

සිද්ධිය සම්බන්‍ධයෙන් විමර්ශන පවත්වන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවයි. එවක ඇඹිලිපිටිය පොලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයාව සිටි ඩි.ඩබ්.ධර්මරත්න මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්භාරයේ තබා වැඩ තහනමට ද ලක්කරනු ලැබීය. මේ වනවිට ඔහු ඇපමත නිදහස්ව යළි සේවයේ පිහිටුවා සිටී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka