gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාපනයෙන් ඉන්දියාවට ගුවන් ගමන් !

යාපනයේ පලාලි ගුවන් තොටුලේ ධාවන පථය සංවර්ධනය කිරීම සඳහා රජය රුපියල් බිලියන දෙකක් වෙන් කිරිමට තීරණය කර තිබේ.

මීට අදාළ කැබිනට් පත්‍රිකාව උතුරු පළාත් සංවර්ධන අමාත්‍යංශය විසින් සකස් කර ඇති අතර අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. යුද සමයේ හමුදාව හා යුද උපකරණ ප්‍රවාහනය සඳහා පලාලි ගුවන් තොටුපළ පුළුල් ලෙස භාවිතා කරන ලදී.
මේ අතර, කලින් පැවැති රජය කාලයේ ගුවන් තොටුපළ නවීකරණය කිරිම සඳහා ඉන්දියාව ඉදිරිපත් විය. අමාත්‍යංශ ආරංචි මාර්ග පවසන පරිදි ශ්‍රී ලංකා රජය විසින් ධාවන පථය සංවර්ධනය කරනු ඇත.

පසුකාලීනව, කලාපීය ගමනාන්තයන්වලට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරිම සඳහා ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරිමට ඉන්දියාවෙන් ආධාර ලබාගැනීමට රජය සැලසුම් කරයි.

‘ඉන්දියාවේ සමහර නගර අතර ගුවන් ගමන් සිදුකිරිමට සම්බන්ධකම් ඇති වනු ඇති’ යනුවෙන් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka