gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තවත් දළඹුවෙක් ගොයමට බසී

'සේනා' දළඹුවා මෙන් බඩඉරිඟු වගාවට සහ වී වගාවට හානි කරන තවත් දළඹු වර්ගයක් දිඹුලාගල, මනම්පිටිය, වෙල්යාය ප්‍රදේශයේ ගොයමක සිටියදී ඊයේ (23දා) ගොවි මහතෙකුට හමුවී තිබේ.

මනම්පිටිය, දළුකාන ප්‍රදේශයේ පදිංචි එස්. ප්‍රේමදාස (අවු.50) මහතාට ඔහුගේ කුඹුරේ ගොයම් කොළවල සිටියදී අදාළ දළඹුවා හමුවී ඇත.
එම දළඹුවා ගොයම් කොළද කා ඇති අතර, එවැනි දළඹුවන් තම කුඹුරේ තවත් දැකිය හැකි බවත්, අනිකුත් වී වගාවන්ට මෙන් භෝග වගාවටද බෝවීමට පෙර මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් එස්. ප්‍රේමදාස මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දිඹුලාගල මහවැලි කොට්ඨාස කළමනාකාර තුසිත හේරත් මහතා පවසා සිටියේ, සේනා දළඹුවා පිළිබඳ මනම්පිටිය ප්‍රදේශවලින් වාර්තා වූ නමුත් ගොයමට හානි කරන මෙම දළඹුවා පිළිබඳව නොදන්නා බවයි. මේ පිළිබඳව කෘෂිකර්ම උපදේශක දැනුවත් කර වහාම පරීක්ෂණයක් කරන බව පවසන ඒ මහතා ගොයමට හානි කරනවා නම් එය බරපතල අවදානමක් බව කියා සිටී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka