gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ අයි.ආර්.සී ලයිස්තුවට කාන්තාවන් 1200ක් - වැඩි පිරිස බස්නාහිර පලාතෙන්

දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් හෙවත් අයි.ආර්.සී ලයිස්තුවට කාන්තාවන් 1200ක් ඇතුලත් කර තිබෙනවා.

පොලිස් අපරාධ තොරතුරු කොට්ඨාශය පවසන්නේ මින් වැඩි පිරිස බස්නාහිර පලාතෙන් වාර්තා වන බවයි.

අයි.ආර්.සී ලයිස්තුවට ඇතුළත් පිරිස අතර, වයස අවුරුදු 70ට ආසන්න කාන්තාවන් මෙන්ම පාසල් යන වයසේ පසුවන ගැහැණු ළමයින් ද සිටීම විශේෂත්වයක්.
මේ සම්බන්දයෙන් සිදුකළ විමසීමකදී පොලිස් අපරාධ තොරතුරු කොට්ඨාශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ජගත් සේරම් සඳහන් කළේ අයි.ආර්.සී ලයිස්තුවට දිවයින පුරා සිටින පුද්ගලයන් 43,000ක් පමණ ඇතුලත් කර ඇති බවයි.

මෙම පිරිස අතර පාසල් සිසුන් 608 දෙනෙකු ද වනවා.

එම ළමයින් බොහෝවිට බයිසිකල්, ලැප්ටොප්, ජංගම දුරකතන සොරකම් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වරදකරුවන් වී ඇති අතර ඇතැමුන්ට අධිකරණයෙන් අත්හිටවූ සිරදඩුවම් පවා නියම කර තිබෙනවා.

අයි ආර් සී ලයිස්තුවේ සිටින පිරිසගෙන් බහුතරය මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, ස්ත්‍රී දූෂණ සහ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති පුද්ගලයන්.

අපරාධ වැලැක්වීමේ අඥා පණතේ දෙවන උප වගන්තියට අනුව අයි.ආර්.සී කරුවන් ලයිස්තු ගත කිරීම තවදුරටත් සිදුවන අතර පාසල් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කර ඇති බවයි පොලිස් අපරාධ තොරතුරු කොට්ඨාශය සඳහන් කළේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka