gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රජයේ විධායක නිලධාරීන් අනතුරු අඟවයි !

රජයේ විධායක සේවාවල නිරත නිලධාරීන්ගේ වැටුප් හා දීමනා ගැටලුව සති දෙකක් තුළ විසඳුම් නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අවධාරණය කරයි.
2018 වසරේ ජනවාරි මාසයේදී නීති ක්ෂේත්‍රයේ පිරිස්වලට පමණක් 340% කින් වැටුප් වැඩිකිරීම නිසා විධායක සේවාවල නිරත තිස් පන්දහසකට අධික පිරිසක විශාල වැටුප් විෂමතාවක් ඇතිවී තිබෙන බවද එම සංගමයේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා සඳහන් කළේය.

මෙම ගැටලු විසඳීම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී කමිටුවක් පත්කළ බවත් කමිටු වාර්තාව මේ වනවිට ජනාධිපතිවරයාට ලබාදී තිබෙන බවද ඊයේ (22 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

එහෙත් කමිටු වාර්තාව එළිදැක්වීමක් හෝ කමිටු වාර්තාවට අනුව ගැටලු විසඳීමට කටයුතු කර නොමැති බවද හෙතෙම පවසා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka