gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෝඨාගේ නඩුව කල් ගිය හේතුව මෙන්න !

වීරකැටිය මැදමුලන ඞී. ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයට අයත් රුපියල් තුන්කෝටි තිස්නව ලක්‍ෂයක මුදලක් සාවද්‍ය සාපරාධී පරිහරණය කිරීමේ චෝදනා යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනකුට බස්නාහිර පළාත්බද ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා ගොනු කර තිබෙන නඩුව විභාග කිරීම සඳහා, ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අධිකරණමය බලයක් නොමැති බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කිරීම හේතුවෙන් මෙම මූලික විරෝධතාව පිළිබඳව රජයේ පාර්ශවයට කරුණු ඉදිරිපත් කිරීම සඳහා නඩුව නැවත ජනවාරි 31 වනදා කැඳවන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නියෝග කරන ලදී.
අධිකරණයේ නියෝගය පරිදි ඊයේ (22 ) උදෑසන නඩුව කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ භාෂණ පරිවර්තක ටී. ඞී. තුවාන් සදාම් මහතා විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අධිචෝදනා වෙන් වෙන්ව කියවා දුන්නේය. එකී අධිචෝදනා හතම කියවා දීමෙන් අනතුරුව අධිචෝදනාවලට වරද පිළිගන්නේ ද නැතිනම් නිවැරැුදිකරුවන් දැයි අධිකරණය විමසා සිටියේය.

මූලික විරෝධතාවක් !

එයට පිළිතුරු දීමට පෙර අධිකරණ බලය සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බැවින් ඒ සඳහා අවසර ලබාදෙන ලෙස පළමු වන විත්තිකාර ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එකී මූලික විරෝධතාව සියලූම විත්තිකරුවන් වෙනුවෙන් ගොනු කරන බවද එහිදී පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා අධිකරණ සංවිධාන පනත යටතේ ස්ථාපිත කළ එම විශේෂ මහාධිකරණයට විභාග කළ හැක්කේ විශේෂ මූල්‍යමය හා ආර්ථිකමය වංචා සම්බන්ධයෙන් පවරනු ලබන නඩු පමණක් බව පැවසීය.

එකී විශේෂ මහාධිකරණය වෙනුවෙන් උගත් විනිසුරු මඩුල්ල පත්කිරීමට හා එකී නඩුව විභාග කිරීමට අදාළ අගවිනිසුරුවරයාගේ ලිපිය පවා අධිකරණ නඩු ගොනුවට ගොනුවී නොමැති බවද ජනාධිපති නීතිඥවරයා එහිදී පෙන්වා දුන්නේය.

අගවිනිසුරුවරයාගේ එකී ලිපිය නඩු ගොනුවේ ඇති බව පෙන්වා දුන් සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා එය විත්තියේ නීතිඥවරයාගේ නිරීක්‍ෂණය සඳහා ඉදිරිපත් කිරීමට ද පියවර ගත්තේය.

මහ පරිමාණ වංචාවක් නොවේ !

විශේෂ මහාධිකරණය පත්කිරීමේ අභිලාශය හා පරමාර්ථය වනුයේ බරපතළ මූල්‍යමය හා ආර්ථිකමය වංචා සම්බන්ධයෙන් පවරපු නඩු මිස රුපියල් මිලියන 33 ක් වැනි මුදලක් සාවද්‍ය සාපරාධී පරිහරණය වැනි අල්ප වූ නඩු නොවන බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පැවසීය.

පුරා පැය තුනකට ආසන්න කාලයක් ජනාධිපති නීතිඥවරයා කළ දේශනයට පිළිතුරු ලබාදීමට තමන්ට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බව පැමිණිල්ල මෙහෙය වන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙම මූලික විරෝධතාව පිළිබඳව රජයේ පාර්ශවයට කරුණු ඉදිරිපත් කිරීම සඳහා නඩුව නැවත ජනවාරි 31 වනදා කැඳවන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නියෝග කරන ලදී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka