gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිංහරජයට අත නොතබනු.. පාර වසා විරෝධතා

කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සූරියකන්ද. පොත්දෙනිය. කල්ලුමලේ. නිල්දෙණිය. කඩ මුදුන. යන සිංහරාජ වනාන්තරයට අයත් ජල පෝෂක ප්‍රදේශ තේ වගාව සඳහා එළි පෙහෙළි කිරීම නිසා ජල පෝෂක ප්‍රදේශවල ජලය සිඳී ගොස් ඇතැයි පවසමින් මෙම වන විනාශය වහාම නතර කරන  දෙන ලෙස ඉල්ලමින් සූරියකන්ද නගරයේ විරෝධතාවයක් ඊයේ දින පැවැත්විණි.
විරොධතාව හේතුවෙන් සූරියකන්ද දෙනියාය මාර්ගය, සූරිය කන්ද රක්වාන පාර, සූරියකන්ද ඇඹිලිපිටිය මාර්ගය, අවහිර කරමින් 200ක් පමණ දෙනා විරෝධතාවයක් ආරම්භ කරන ලදී. දිය උල්පත් රැක ගනිමු,වන විනාශය වහා නවතනු,බලධාරීන් නිදිද,ජනපති තුමනි ලෝක උරුමය රැකදෙන්න,ලෝක උරුමය අපිට රැක දෙන්න,සිංහරාජය සුරකිමු,යනුවොන් පොස්ටර් ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාවය පැවැත්විණි.

විරොධතා කරුවන් වනසංරක්ෂන නිධාරීන් මෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරන කොමිසමේ නිලධාරීන් චෝදනා කලේ වන විනාශයට ඔහුන්ගේ සහයෝගය ලැබෙන බවටය.

විරෝධතාකරුවන් ප්‍රකාශ කරන්නේ ජනාධිපති තුමා පරිසර ඇමැතිවරයා හැටියට මැදිහත් වී වහාම  මේ ලෝක උරුමයක් වන මේ සිංහරාජ වනාන්තර විනාශය නතර කර දෙන ලෙසයි .බොහෝ කාලයක් කාලයක් මේ ආකාරයෙන් සිංහරාජ වනාන්තරය හා ඒ අවට පරිවාර කැලෑවන් විනාශ කරමින් පවතී.මේ පිළිබදව මාධයයන් තුලින් කොතෙක් අණාවරණය කලද මේ දක්වා බලධාරීන් සිංහරාජ ලෝක උරුම වනාන්තරය මේ ව්‍යවසනයෙන් මුදා ගැනීමට අසමත්ව ඇත.

– ප්‍රගීත් ජනක
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka