gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වසර 20 ක්‌ විදුලිය නිපදවිය හැකි ස්‌වභාවික වායු නිධියක්‌ මන්නාරමේ - ඇමැති අර්ජුන රණතුංග

වසර 20 ක කාලයක්‌ මෙගවොට්‌ 300 බැගින් විදුලිය නිපදවිය හැකි ස්‌වභාවික වායු නිධියක්‌ මන්නාරම් ද්‍රෝණියෙන් හමුවී ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා (22 දා) පැවසීය.

 මෙම නිධිය ඝන අඩි 350 කින් යුක්‌ත බවත් එය සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට විවෘත ටෙන්ඩර් කැඳවීමක්‌ ඉදිරි දිනවලදී සිදුකිරීමට
නියමිත බවත් (22 දා) එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් ඇමැතිවරයා පැවසීය.

 තෙල් සහ ගෑස්‌ නිධි ගවේෂණය කරන "ස්‌ලම්බුජා" නමැති ජාත්‍යන්තර සමාගම විසින් මන්නාරම් ද්‍රෝණිය කොටස්‌ කර කළ නිරීක්‍ෂණයේදී "එම්"  ලෙස නම් කළ කොටසේ මෙම ස්‌වභාවික ගෑස්‌ නිධිය පවතින බවද ඇමැතිවරයා අවධාරණය කර සිටියේය.

 මෙම නිධිය මන්නාරම් ද්‍රෝණියේ මීටර් 1500 ක ගැඹුරු මුහුදේ සිට තවත් මීටර් 2000 ක්‌ පමණ භූගතව පිහිටා තිබෙන බවද ඇමැතිවරයා කීය. මෙම නිධිය ලබාගැනීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 750 ක පමණ ආයෝජනයක්‌ කළ යුතු බවද ඒ සඳහා ජාත්‍යන්තර වෙළෙඳපළේ ටෙන්ඩර් කැඳවීමක්‌ සිදුකරන බවද ඇමැතිවරයා පැවසීය.

 ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් සම්පත තිබේදැයි සොයා මේ දිනවල පරීක්‍ෂණ සිදුකරන බවත් එයට තව මාස 06 ක්‌ වැනි කාලයක්‌ ගතවන බවත් ඒ මහතා කීය.

 මෙහිදී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජනරාල් වජිර දිසානායක මහතා ද අදහස්‌ දැක්‌වීය.

- දිවයින


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka