gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශිෂ්‍යත්වය අනිවාර්ය නෑ; චක‍්‍රලේඛය ඉවතට

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම අනිවාර්ය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබූ චක‍්‍රලේඛය ඉවත් කරන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාට උපදෙස් දී තිබේ.

ඇමැතිවරයා මෙලෙස උපදෙස්‌ දී තිබෙන්නේ ශිෂ්‍යත්ව විභාගය වෙනස්‌ කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කර ඇති කමිටුවේ මූලික
නිර්දේශයන්ද සැලකිල්ලට ගනිමිනි. මෙම කමිටුව ඊයේ (25 වැනිදා) රැස්‌වූ අතර විභාගය දරුවන්ට පීඩාකාරී වී ඇති ආකාරය සම්බන්ධයෙන් කමිටුවේ දැඩි අවධානයට ලක්‌වූ බව අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ශිෂ්‍යත්ව විභාගය අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීමේ අරමුණින් සහ පහසුකම් සහිත මධ්‍ය මහා විද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා ඉඩකඩ සලසමින් ආරම්භවූ අයුරුත්, වර්තමානයේ දී එම අරමුණු සියල්ල බැහැර කරමින් ජනප්‍රියතම ජාතික පාසල් 120 කට ආසන්න ප්‍රමාණයකට ලක්‌ෂ 3 කට අධික දරුවන් පිරිසක්‌ ඇතුළත් කිරීමේ බරපතළ හිංසාකාරී විභාගයක්‌ බවට පත්ව ඇති ආකාරයත් එම කමිටුවේ අවධානයට ලක්‌ව ඇත.

මීට අමතරව උපකාරක පන්ති හරහා කුඩා දරුවන් තවදුරටත් මානසික පීඩනයට ලක්‌වන බවත්, සමබර පෞරුෂයකින් හෙබි පුරවැසියන් ලෙස සමාජගත කිරීමේදී ඔවුන්ගේ සමාජානුයෝජන කාර්යයට මෙම තරගකාරී විභාග මානසිකත්වය අහිතකර ලෙස බලපා ඇති බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

ශිෂ්‍යාධාර සඳහා රජය වාර්ෂිකව වැයකරන මුදල රුපියල් එක්‌කෝටි තිස්‌පන්ලක්‍ෂයකට ආසන්න වන අතර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පමණක්‌ වැයවන මුදල රුපියල් කෝටි දෙකකට ආසන්න බවද අනාවරණය වී තිබේ. මෙම තත්ත්වය තුළ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණාත්මක තීන්දු රැසක්‌ ගැනීමට නියමිත අතර විද්වත් කමිටුවේ නිර්දේශයන්ට අදාළව එක්‌ තීරණයක්‌ ලෙස සියලුම සිසුන්ට ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම අනිවාර්ය කර තිබූ චක්‍රලේඛය අවලංගු කිරීමට තීරණය වී ඇත.

ඊට හේතුව වී තිබෙන්නේ ශිෂ්‍යාධාර අපේක්‍ෂා නොකරන සහ ශිෂ්‍යත්ව විභාගයෙන් ජනප්‍රිය පාසල් අපේක්‍ෂා නොකරන සිසු දරුවන් පවා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගයේ තරගකාරිත්වය තවදුරටත් ඉහළ යැම සහ දරුවන් මතට පැටවෙන අනවශ්‍ය බර ප්‍රමාණය වැඩිවීමයි.

ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය කර තිබූ චක්‍රලේඛය අවලංගු කිරීමට අමතරව ශිෂ්‍යත්ව විභාගයේ ව්‍යහය, එය පැවැත්වෙන ශ්‍රේණිය හා පැවැත්වෙන අරමුණු ඇතුළු කරුණු රැසක්‌ පිළිබඳ කමිටුවේ අවධානය යොමුවී ඇති අතර ඉදිරියේදී ඒ සම්බන්ධ නිර්දේශයන්ද අධ්‍යාපන ඇමැතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka