gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ළමා අපයෝජනයට රිමාන්ඩ් කළ පොහොට්‌ටු මන්ත්‍රී පක්‍ෂයෙන් දොට්‌ට

ළමා අපයෝජන සිද්ධියක්‌ සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී තරංග අනුරුද්ධ බණ්‌ඩාර ඒකනායක මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කර පක්‍ෂයෙන් නෙරපා හැරීමට පසිගියදා (23වැනිදා) පැවැති මාතලේ දිස්‌ත්‍රික්‌ ආසන බල මණ්‌ඩලයේදී තීරණය කළ බව පළාත් පාලන සංසදයේ සභාපති/උකුවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සමන්ත ධර්මසේන මහතා පැවැසීය.

 මාතලේ දිස්‌ත්‍රික්‌ ආසන බල මණ්‌ඩලය නෙළුම්
පොකුණ මාවතේ පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේදී බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පක්‍ෂ විනය නීතිවලට අනුව තවදුරටත් පක්‍ෂයේ තනතුරක්‌ දැරීමට නුසුදුස්‌සෙකු බව මාතලේ දිස්‌ත්‍රික්‌ ආසන බල මණ්‌ඩලය ඒකමතිකව තීරණය කර ඇත.

 පක්‍ෂයේ විනය නීති කඩ කරන විනය විරෝධී දූෂණ වංචා අක්‍රමිකතාවලට සම්බන්ධ බවට තහවුරු වන ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සාමාජිකත්වය ඉවත් කිරීමට පක්‍ෂය තීරණය කර තිබෙන බවද ධර්මසේන මහතා පැවැසීය. පළාත් පාලන විධායක සභාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති හමුවේදීද මෙම තීරණය ගෙන ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka