gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකා හා මහජන බැංකුවලට අද අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් !

ලංකා බැංකුව සහ මහජන බැංකුව සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම අද (22දා) සිදු කෙරෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතනයන්හි අධ්‍යක්ෂ මණ්ඩලවලට සිය තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉකුත් සති අන්තයේදී දැනුම් දී තිබිණි.

ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ
මණ්ඩලය ඉකුත් සිකුරාදා සිය තනතුරවලින් ඉල්ලා අස්විය.

ලංකා බැංකුව සහ මහජන බැංකුව තමා යටතේ පවතින බැවින් එම බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩලවලට ඉල්ලා අස්වන ලෙස නියෝග කිරීමේ අයිතිය ඇත්තේ තමාට යැයි විෂය භාර ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පැවැසීය.

තමා ජනාධිපතිවරයා මුණගැසුණු අවස්ථාවේ එම බැංකු දෙකේ අධ්‍යක්ෂ මණ්ඩල සඳහා නම් නිර්දේශ කර එවන ලෙස තමා වෙත දැනුම් දුන් බැව් පැවැසූ බවද ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේය.

බැංකු දෙක ගැන විශ්වාසය බිඳ දමලා !

''බැංකු වල අක්‍රමිකතා සෙවීමට ජනාධිපති විශේෂ කොමිසමක් පත්කළ යුතුයි'' - බන්ධුල ගුණවර්ධන

මේ අතර ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ, මෙරට විශාලතම බැංකු දෙක වන ලංකා බැංකුව හා මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ජනාධිපතිවරයා අතර ඇතිවී තිබෙන මතභේදය හේතුවෙන් එවායේ ගණුදෙනුකරුවන් දැඩි කැලඹීමකට ලක්ව ඇති බවත්, අදාළ ආයතනවල පවතින අස්ථාවරභාවය හේතුවෙන් මෙරට ආර්ථිකයට ද බලපෑම් එල්ල විය හැකි බවත්ය.

මෙම බැංකු දෙකෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා පසුගියදා දැනුම් දී සිටියේ ඇතැම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ දුෂණ ක්‍රියා හෙලිදරව්වීම නිසා බවට අනාවරනයවිමත් සමග එම බැංකු දෙක සම්බන්ධයෙන් විශ්වාසනීයත්වය බිඳවැටී ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියි.

මේවනවිට මෙම බැංකු දෙක විසින් නිකුත් කරනු ලබන ණයවර ලිපිය නොපිළිගැනීමේ ලෝක ප්‍රවණතාවක් ඇතිවෙමින් තිබෙන බවත් ඕස්ට්‍රේලියාව එම ණයවර ලිපි පිළිගන්නේ නැති පසුබිමක් නිර්මාණය වී ඇති බවට ආනයනකරැවන් දැනටමත් පවසමින් ඇති බවත් ඔහු සදහන් කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් ඊයේ (21) කොළඹදී සංවිධානය කර තිබු මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

ජනාධිපති විශේෂ කොමිසමක් අවශ්‍යයි

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සෙවීමට ජනාධිපති විශේෂ කොමිසමක් පත්කළ ලෙසම රාජ්‍ය බැංකු තුළ සිදු වී ඇති අක්‍රමිකතා සෙවීමට ද ජනාධිපති විශේෂ කොමිසමක් පත්කළ යුතු බව මන්ත්‍රීවරයා එහිදී පැවසිය.

ලංකා ආයෝජන මණ්ඩලය, මහජන බැංකුව සහ ලංකා බැංකුව යන ආයතන සම්බන්ධයෙන් මෙලෙස ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කළ යුතු බව ඔහු එහිදී අවධාරණය කර සිටියේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka