gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිසියේ ඇස් වසා ජීව උණ්ඩ 3000 ක් ගාල්ලට ගෙනියන්න හැදූ සුජිගේ ගෝලයාට වැඩ වරදියි...! ජයලත් සුද්දාගේ කොන්ත්‍රාත්තුවක් බවත් හෙළිවෙයි..!

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජිගේ ගෝලයෙකු බව කියන හික්කඩුව ප්‍රදේශයේ පදිංචි ලද්දු රොෂාන් නමැත්තා ජීව උණ්ඩ 3000 කට ආසන්න ප්‍රමාණයක් සමඟ ඊයේ (21) සියඹලාණ්ඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

පොලීසියට ලැබුණු තොරතුරක් මත වෑන් රථයකින් එම උණ්ඩ තොගය ප්‍රවාහනය කරමින් සිටියදි  සැකකරු සහ වෑන් රථයේ රියදුරු ඇතුළු තවත් පස්
දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. එසේම අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකුද සිටින බවත් ඔවුන් විනෝද චාරිකාවක් යන මුවාවෙන් මෙම උණ්ඩ ප්‍රවාහනය කර ඇති බවත් අනාවරණය කරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙලෙස අත්අඩංගුවටගත් ජීව උණ්ඩ තොගය අතර  ටී 56  උණ්ඩ 2958ක් සහ මිලිමීටර් නවය වර්ගයේ උණ්ඩ 32ක් තිබී ඇති අතර ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින ජයලත් සුද්දා නැමති පුද්ගලයාගේ කොන්ත්‍රාත්තුවක් මත සැකකරු මෙම ජීව උණ්ඩ තොගය ගාල්ල ප්‍රදේශයට රැගෙන යමින් සිට ඇති බව පොලිසිය සිදුකළ මුලික විමර්ශනවලින් අනාවරණය කරගෙන තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka