gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එජාප උද්ඝෝෂණයට වාරණ නියෝගයක් !

එක්සත් ජාතික පක්ෂය අද පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වාරණ නියෝගයක් පනවා තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු පිරිසකට නිකුත් කළ එම වාරණ නියෝගයට අනුව රජයේ පරිශ්‍රවලට ඇතුළු
වීම තහනම් බවයි වාර්තාවන්නේ.

මහජනතාවට පීඩාවන අයුරින් උද්ඝෝෂණ පැවැත්වීම හා මහජන සාමය කඩවන අයුරින් උද්ඝෝෂණ පැවැත්වීම ද මේ යටතේ තහනම් වනු ඇති.

කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට කළ දැනුම්දීමක් අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම වාරණ නියෝගය නිකුත් කළේ.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අද දින සියලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද දින කොළඹ කිසිදු කළහාකාරී සිද්ධියක් නොවන ලෙසත් උපරිම ආරක්ෂාව යොදවන ලෙසත් උපදෙස් ලබාදුන් බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka