gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බොරලැස්ගමුව මාරක රිය අනතුරක් සිදු කළ වෛද්‍යවරියට අද අධිකරණයෙන් ලැබුණු තීන්දුව

බොරලැස්ගමුව ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට මරුකැඳවූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාර ගතකරසිටි වෛද්‍යවරියට ඇප නියමකර තිබෙනවා. බොරලැස්ගමුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර පොලිස් පරීක්ෂකවරයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු විශේෂඥ වෛද්‍යවරිය අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුනා.

කොළඹ පොලිස් ක්‍ෂේත්‍ර බලකා මුලස්ථානයට
අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂවරයෙකුට මරු කැදවමින් බොරලැස්ගමුවේදී අදාල විශේෂඥ වෛද්‍යවරිය විසින් මෙම අනතුර සිදුකර තිබුණේ පසුගිය 30 වනදායි.

මෙම වෛද්‍යවරිය බීමතින් රිය පදවා අනතුරක් සිදුකළ ඇති බවට ප්‍රකාශ කෙරුණ ද ඇයව කළුබෝවිල රෝහලට ඉදිරිපත් කර ලබාගත් මූලික වෛද්‍ය පරීක්ෂණයේදී ඇය බීමතින් නොසිටි බවට ප්‍රකාශ වී තිබුණා.

එහෙත් පොලීසිය සඳහන් කළේ අනතුර සිදුවූ අවස්ථාවේදී කළ ස්ථානීය බැලුම් පරීක්ෂාවේදී ඇය බීමතින් සිටි බවට අනාවරණ වූ බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka