හඳුනා නොගත් අසනීප තත්ත්වයකින් පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයෙක් මිය යයි

හඳුනා නොගත් හදිසි අසනීප තත්ත්වයක් නිසා  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු ඊයේ (22) අලුයම හදිසියේ   මියගොස් ඇත.
අසනීප තත්ත්වය හේතුවෙන් පේරදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙසේ මියගොස් ඇත්තේ මන්නාරම මුරුක්කන් ප්‍රදේශයේ පදිංචි තීවින් සාහිත්‍යන්   නැමැති විසි දෙහැවිරිදි සිසුවෙකි.


මොහු නතරවී සිට ඇත්තේ විශ්වවිද්‍යාලය ආසන්නයේ පෞද්ගලික නේවාසිකාගාරයක තවත් සිසුන් දෙදෙනෙකු සමඟය.

හුස්ම ගැනීමේ අපහසුතාවක්  නිසා ඊයේ (22) අලුයම 2.00 ට පමණ එම සිසුන් දෙදෙනා  මිය ගිය ශිෂ්‍යයා  පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර  ඇත.

රෝහල ට ඇතුළත් කර පැයක පමණ කාලයක දී සිසුවා මියගොස්  ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

ධනුෂ්ක පොලීසියේදි කදුළු සළමින් සාක්ෂි දුන් වීඩියෝව එළියට (VIDEO)

තරුණියක් ඇයගේ කැමැත්තෙන් තොරව ලිංගික අපයෝජනයට ලක්කළේ යැයි චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් වූ නඩු විභාගය ඊයේ  (21) අවසන් වුණා.

ඒ ඕස්ට්‍රේලියාවේ ඩවුන්නින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේදීයි.

එහිදි ධනුෂ්ක අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලීසියේදී සාක්ෂි ලබාදුන් ආකාරය දැක්වෙන වීඩියෝවේ කොටසක් මාධ්‍ය වෙත මුදාහැරුණා.

ධනුෂ්කගේ නඩුවේ තීන්දුව එළඹෙන 28 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

වනිදු ආබාධයි.. ලෝක කුසලානයෙන් ඉවතට!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අහිමි වීමේ අවදානමක් මතු වී තිබේ.

පසුගියදා පැවති ශ්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරඟාවලියේදී ඔහුට ඇති වූ මස්පිඩු පෙරළීම තවමත් සුව නොවූ හෙයින් එම තත්ත්වය මතු වී ඇත.

ආසන්නයේදීම සිදුකරන පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඔහුගේ පාදයේ ආබාධය තවමත් යහපත් අතට පත්වී නොමැති බවයි.

කෙසේ වෙතත් ඔහු ලෝක කුසලාන තරගාවලියට සහභාගී කරවීමට උපරිම උත්සාහ කරන ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෛද්‍ය මණ්ඩල ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.

උදාරිට TRY කරපු රංජන්ගෙන්, උදාරිගේ අම්මා වයස අහලා වෙච්ච දේ!

රන්ජන් රාමනායක කියන්නෙ සිංහල සිනමාවේ සුපිරි තරුව බවට ආයෙමත් විවාදයක් නැහැ.

රන්ජන් මහා විශ්මකර්මයෙක් නොවුණා වුණත් රන්ජන් සිනමාව ඇතුළේ කරපු සුවිශේෂී වෙනසට සහ අත්හදා බැලීම්වලට ප්‍රේක්ෂකයින් ප්‍රිය කළා.

සිනමාවේ රන්ජන් හා එක්ව රඟන්නට බොහෝ රංගන ශිල්පිනියන්ට හීනයක් තිබුණා කියන එකත් රහසක් නෙවෙයි.

පසුගිය දවසක රූපවාහිනි වැඩසටහනකට එක් වූ රන්ජන් රාමනායක, උදාරි වර්ණකුලසූරිය සමඟ රංගනයේ යෙදුණු පායා එන්න හිරු සේ චිත්‍රපටය රූගත කිරීමේ දී සිදු වූ රසවත් සිදුවීම් කිහිපයක් මෙසේ හෙළි කර තිබුණා.

‘උදයකාන්ත මහත්මයා තමයි කළේ ෆිල්ම් එක පායා එන්න හිරු සේ… මට චරිත දෙකක් තිබුණා. හොරෙක් ගෙදර එනවා මැරුණු මිනිහා විදිහට. ඒකට අලුත් ගර්ල් කෙනෙක් විදිහට උදාරි වර්ණකුලසූරිය තෝරගෙන තිබුණා, ඔිඩිශන් කරලා. මාත් බැලුවා… ලස්සන කෙල්ලෙක්… මාත් ඉතින් පොඩි ට්‍රයි එකක් දුන්නා. අපි එහෙමනේ ඉතින්…. අවංකවම කියන්නෙ… සෙට් වේගෙන ආවා ඉතින්….’

‘සෙට් වේගෙන එන අතරේ මහත ආන්ටි කෙනෙක් ආවා, ඒ උදාරිගේ අම්මා… මම උදාරිට ඉතින් අවවාද දෙනවා.. මම චරිත හොයලා දෙන්නම්, සපෝට් කරන්නම්, ඩාන්සින් කරන්න කිය කිය කියනවා, ආන්ටිටත් කියනවා, මෙයාව ඩාන්සින් එවන්න, අරෙහෙ මෙහේ කියලා.’

‘ඔහොම ගිහින් ඉතින් ෂුටින් ඉවර වෙලා, පැකප් කරලා… ‘එහෙනම් පුතා … ෂුටිං ඉවරයි අපි යනවා’ කියලා ගියා.. යන්න කලින් ආන්ටි හැරිලා ඇවිත් ‘පුතා ඇහුවට තරහා වෙන්න එපා, පුතා ඉපදුනු අවුරුද්ද මොකද්ද’… කියලා ඇහුවා. මම කිවුවා, ‘ආන්ටි මම 63’, කියලා. ‘ඇත්තද පුතා මම 64 කිවුවා’….. (සිනාසෙමින්..) මම ඒත් ගණන් ගන් නැතුව ‘ආ එහෙම ද ආන්ටි’ ඇහුවා.’

ජලනි ප්‍රේමදාස ගැන කවුරුත් නොදැන සිටි රහසක් හිරුණිකා පළමුවරට එළියට දමයි

දේශපාලන භූමිකාව තුළ වැඩි වශයෙන් මේ දවස්වල කතාබහට ලක්වෙච්ච කාන්තා නියෝජනයක් තමයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියන්නේ.

ඇය හැමදාමත් දේශපාලනය තුළින් කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙච්ච නිරන්තරයෙන්ම කාන්තාවන් වෙනුවෙන් පෙනී ඉන්න දේශපාලන චරිතයක් විදිහට හඳුන්වන්න පුළුවන්.

රූපයෙන් බොහෝම ආකර්ෂණීය චරිතයක් වන ඇය සෑම අවස්ථාවකදීම අභියෝගාත්මක අවස්ථාවන් බාරගත් කාන්තාවක්.

ඇයගේ පියාගේ අභාවයෙන් පස්සේ තමයි ඇයගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ.

තනි ගැහැනියක් විදිහට පියාගේ මරණයට සාධාරණත්වයක් හොයපු ඇය අදටත් තමාගේ ලෝකයේ පූර්වාදර්ශි චරිතයක් බවට පත් කරගෙන ඉන්නේ තාත්තා.

හිරුණිකා ගැන කතා කරද්දී ඇය විවාහ වෙන්නේ කලා ක්ෂේත්‍රයේ අති දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් සමඟයි.

මේ වන විට ඔවුන්ගේ කැදැල්ලට ආදරණීය  දුවාදරුවනුත් එකතු වෙලා හරිම සැහැල්ලුවෙන් සතුටින් තමයි හැමෝම ජීවත් වෙන්නේ.

දැන් ඈ අම්මා කෙනෙක්. අම්මා කෙනෙක් විදිහට ජීවිතේ අභියෝග පහු කරපු හැටි ඈ මෑතක යූටියුබ් නාලිකා හා බෙදා හදාගෙන තිබුණා.

ඒ මොහොතේ ජලනි ප්‍රේමදාස ගැනත් ඇය කියනවා.

‘ජලනි ප්‍රේමදාස ගැන විශේෂයෙන්ම කියන්නෙ. මම ඉස්සර එයාව දැනන් හිටියේ නෑ. මම එයාට කැමති වුණෙත් නෑ. හැබැයි මම එයාව ආශ්‍රය කරන්න ගත්තම සමාජයෙන් ඇයට අපහාස එල්ල වුණා. එක්තරා දේශපාලඥයෙක් ඇයට දරුවන් අහිමි වීම ගැන ප්‍රසිද්ධියේ කතා කළා. එතනදි මම කණගාටු වුණා හරියට…’

‘මොකද මම කතාව දන්න නිසා. ඇය මා එක්ක කොච්චර ඇඬුවද කියලා මම දන්න නිසා. ඇත්තටම ඒ වේදනාව දන්නෙ ඒ මනුස්සයා විතරනේ.. අපි දන් නෑනේ ඒ කෙනා කොයි තරම් වේදනාවක ඉන්නවද කියලා. මිනිස්සුන්ගේ හිත් අපි දන් නෑනේ. මම කියන්නෙ සැමියා නැති කෙනෙක් ඉස්සරහා අපි අපේ පවුල් ජීවිතේ ගැන වුණත් කතා කරන්න හොඳ නෑ….’

ලග්න 06කට අද ඉතාමත් ශුභයි..දියුණුවේ දොරගුලු විවර වන ග්‍රහයෝගයක්!

මේෂ ලග්නය
 
දක්ෂතා මතු වේ, ඉ‍ගෙනීමෙන් ඉහළටම අද දින ඔබගේ ලග්නයෙන් නව වැන්නේ සඳු ගෝචරය වීම ඔබේ දියුණුවේ දොරගුලු විවර කිරීමට සමත් වෙයි. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට පෑදේ. ගුරු වෘත්තියේ හෝ උපදේශක තනතුරුවල නියැලෙන්නන් ගෞරවාදරයට පාත්‍ර වේ. නිරෝගී භාවය ඇති වේ. ලෞකික සහ ලෝකෝත්තර දෙයාකාරයෙන්ම ඔබේ දියුණුවට මග සැළසේ.

වෘෂභ ලග්නය

හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. සඳු ලග්නයෙන් අට වැන්නේ ගෝචරය එතරම් යහපත් නොවේ. එබැවින් අද දවසේ ඔබෙගේ හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකි බැවින් බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත්වීම නුවණට හුරුය. ශරීර අභ්‍යන්තරය දුර්වල කරන රෝග ඇතිවීමටද ඉඩ තිබේ. යහපත් ලෙස සිටියහොත් ඉහත කී අශුභ ඵල ද අඩු විය හැකිය.

මිථුන ලග්නය

ලග්නයෙන් හත් වැන්නේ චන්ද්‍රයා ගෝචරය වන අද දින විවාහ අපේක්ෂකයන්ට ශුභයි. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි. ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී. අද දිනයේ ඔබගේ සිතුවිලි චංචල විම ඊට හේතුවයි. සඳු උච්ච, ස්වක්ෂේත්‍ර හෝ මිත්‍ර රාශියක තැන්පත් වීමෙන් හෝ ශුභ දෘෂ්ඨි ලද හොත් සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ලැබේ.

කටක ලග්නය

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින අන්‍යයන් ඇසුරු කිරීමේදී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත. කෑමට ප්‍රිය වේ. මන්දාග්නිය ආහාර අරුචිය විය හැකි නිසා පැණි රස, තෙල් බැදුම් ආශ්‍රිත ආහාර රුචි විය හැකියි. අජීර්ණය ඇතුළු ආමාශ ගත රෝගවලට ඉඩ ඇති බැවින් ඒවා කෑමෙන් වැළකීම සුදුසුය. ශරීර සෞඛ්‍ය හීන වන නිසා මානසික තෘප්තිය අඩු විය හැක.

සිංහ ලග්නය

ලග්නයෙන් පස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වන අද දින ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩිවීමට හේතු වෙයි. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි. ක්‍රීඩාවට ඇළුම් කරන අයට නිරෝගී සුවය හිමියි. දරුවන් ඇති අය දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් වෙහෙසෙයි. ඔවුන් සමග ප්‍රීතියෙන් කල් ගෙවයි. උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය.

කන්‍යා ලග්නය

සඳු ලග්නයෙන් හතර වැන්නේ ගෝචරය වන අද දින ඔබට මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙනු ඇත. ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගැනීමෙන් සතුටට පත් වේ. ගමන් බිමන් යන්නේනම් සුඛෝපභෝගී යාන වාහන සඳහා සිත යොමු වේ. දුබල සඳු විසින් සිතේ ඇති කරවන නොසන්සුන්කම පාලනය කර ගැනීමෙන් ගෙදර දොර පරිසරය සහ වටාපිටාව සුවදායී එකක් වනු ඇත.

තුලා ලග්නය

ලග්නයෙන් තුන් වැන්නේ ගෝචර වන වන්ද්‍රයා ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි. තම පරපුර බබලවමින් කරන සහෝදර සහෝදරියන් හා යහපත් ඇසුර කාගෙත් හිත් දිනා ගනී. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත. බොහෝ ඇවිදිලි වේ. පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වීමට ඩැඩි ඉඩක් ඇත.

වෘශ්චික ලග්නය

යහපත් ඇසුර සහ යහපත් ආර්ථිකයක්. අද දින චන්ද්‍රයා ඔබගේ ලග්නයෙන් දෙවැන්නේ ගෝචරය වෙයි. එය ඉතාම ශුභයි. දැකීමට ප්‍රිය උපදවන සිනහවෙන් පිරි මුහුණින් යුතු කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. ගෙදරට ඉතා හිතවත්ය. පවුලේ අය සමග, විවාහ සහකාරාදිය සහ දරුවන් සමග ඉතා සතුටින් කාලය ගෙවීමට අද දිනයේදී ඔබට අවස්ථාව සැළසේ.

ධනු ලග්නය

චන්ද්‍රයා ලග්න භාවයේ සැරිසරන අද දින ඔබ අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙන අතර ඔවුනගේ උදව් උපකාරද ඔබට හිමියි. ඔබටත් උසස් සිතුවිලි ඇති වන අතර ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව ති‍බේ. ඔබ අද දින ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.

මකර ලග්නය

අද දින ලග්නයෙන් දොළොස් වැන්නේ චන්ද්‍රයා ගමන් කිරීම ඔබට ශුභදායක නොවූවකි. සිත නිතර චංචල වන අතර දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. අද දින නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය. එහෙත් රෝහල්වල, අනාථ මඩම්වල නේවාසිකාගාරවල ආදීයෙහි රැකියාවන්ට නියුතු අයගේ සිත සුවපත් වන අතරම එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා අතමිට හිඟ නොවේ.

කුම්භ ලග්නය
 
අද දින ඔබේ අයස්ථානය වූ ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වේ. එය ඉතාමත් ශුභය. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අද අතමිට සරු වෙන දවසකි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. විශේෂයෙන්ම තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබේ. එහෙත් ඔබේ ගති පැවතුම් ඒකාකාරී නොවී නිතර වෙනස් විය හැකිය.

මීන ලග්නය

ලග්නයෙන් දහ වැන්නේ ගෝචරය වන චන්ද්‍රයා අද ඔබට යහපත් ප්‍රථිඵල ප්‍රධානය කරයි. සාමාන්‍යෙයන් හුරුපුරුදු ක්‍රියාවන්හි වෙනස් වීම්වලටද භාජනය වුවත් එය ඔබගේ දියුණුව පිණිසම වේ. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ. දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ මනා සහයෝගය ඔබට වස්තුව සහ සැප සම්පත් ලබා දේ. අද ඔබට හැමතින්ම වාසනාවන්ත දිනයක්ද වේ.

ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය අවසන් – තීන්දුවට දින දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේදී තරුණියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ නඩු විභාගය අද (සැප්. 21) සිඩ්නිහි ඩවුනින් සෙන්ටර් දිසා අධිකරණයේදී අවසන් විය.

එහි අවසන් තීන්දුව සැප්තැම්බර් මස 28 වන දා ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

පසුගිය වසරේ පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලිය අතරවාරයේදී ධනුෂ්ක ගුණතිලක ටින්ඩර් හරහා හඳුනාගත් 29 හැවිරිදි තරුණියක ලිංගික අපයෝජනයට ලක් කළ බවට එරට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව, සිඩ්නි පොලිසිය 2022 වසරේ නොවැම්බර් මස 6 වන දා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලය තුළදී ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගත්තේ ය.

ඔහු සිඩ්නිහි රැඳවුම් මධ්‍යස්ථානයක දින 11කට ආසන්න කාලයක් රඳවා සිටියේ ය.

පසුව, දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබුවේ, 2022 නොවැම්බර් මස 17 වන දා ය.

"සීතලටත් එක්ක තේ එකක් බිලම යමු..." - ඡන්ද දායකයාගෙන් ගමේ මන්ත්‍රීට රෙද්ද අස්සෙන් ආචාරයක්!

ඡන්ද දායකයකු රෙද්ද අස්සෙත් තම මන්ත්‍රීවරයාට ආචාර කිරීමේ සිද්ධියක් පසුගියදා වාර්තා විය. ඔහු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඔහුට තමන් පත් කළ  ගම කෙමෙන් කෙමෙන්  අමතක වන්නට වූ අතර මන්ත්‍රීධුරයේ  කටයුතු කළ අවස්ථාවල සිදු වූ යම් යම් සිදුවීම් හේතුවෙන්  සිය හිතවතුන් පිරිසක් නොහොඳ නෝක්කාඩුවෙන් පසු වූහ.

එම පිරිස කවදා  හෝ නැවත තම මන්ත්‍රීවරයා ගම්මානයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසු වූයේ ඔහුට පාඩමක් ඉගැන්වීම් අරමුණිනි. මෙම ගම්මානය  කඳුකර ප්‍රදේශයක පිහිටි අතර මේ කියන දිනවල උදෑසන කාලයේ පවතින  සීත කාලගුණය නිසා ගම්මානයේ ජනතාව තම නිවස් ඉදිරිපිටට වී හිරු එළියෙන් ගත උණුසුම් කර ගැනීම බොහෝ තැන්වල දක්නට ලැබුණි.

මේ අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණයක පෙරහුරුවක් ලෙස ඡන්ද දායකයන් මුණ ගැසීමට ගම් ප්‍රදේශයේ ඇවිදීමට ගියේය.

ගම් ප්‍රදේශයේ ගෙවල් කීහිපයකටම ගොඩ වූ ඔහු තමත් සමඟ අමතායෙත් පසුවන අයකුගේ නිවසක් කරාද ගියේය.

මන්ත්‍රීවරයා යනවිට පෙරකී අමනාප වූ පුද්ගලයා සහ ඔහුගේ සගයකුද සමඟ හිස සිට දෙපතුළ දක්වා සරම පොරවාගෙන හිරු එළිය තපිමිත් සිටි අයුරු මන්ත්‍රීවරයා දුටුවේය.  මන්ත්‍රීවරයා ඔවුන් සිටි තැනට පැමිණ ආයුබෝවත් කොහොමද සැප සනීප‍ෙ යැයි. දෑත් එක්කර ආචාර කරමින් විමසුවේය. ඒ සමඟම හිස සිට දෙපතුළ දක්වා සරම් පොරවා සිටි දෙදතා තම දෙපතුල අසලින් සරම ඉහළට දෑත් ඔසවා සමාචාර දැක්වූහ. එය දැක හීත් දාඩිය දැමූ මන්ත්‍රීවරයා ඡන්ද දායකයාගේ ආචාරය පිළිගැනීම පසෙක තබා ආපයින්ම දිවයද්දී ඡන්ද දායකයෝ ඇයි ඔබතුමා ආ පයින්ම යන්නේ, සීතලටත් එක්ක තේ එකක් බිලම යමු” යයි සිනාසෙමින් ඇසූහ.

 පී.එම් රාප්පක්ෂ

වඳ කොත්තු වලින් පසු කරලියට එන ප්ලාස්ටික් බිත්තර – ඇත්ත කතාව මෙන්න

ලංකාවේ ප්‍රකට අවන්හල් ජාලයක දකුණු පළාතේ පිහිටි ශාඛාවකින් මිලදී ගත් කෙටි ආහාරයක් තුළ රසායනික ද්‍රව්‍ය හෝ ප්ලාස්ටික් යොදාගෙන කෘත්‍රීමව සකස් කළ බිත්තරයක් හමු වූ බව⁣ට වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා.

මීට අමතරව පසුගිය කාලය පුරා කෘත්‍රීම බිත්තර සම්බන්ධ කතාබහක් මතු වී තිබුණේ බිත්තර ආනයනය කිරීමට රජය ගත් තීරණයත් සමඟයි.

කෙසේ වෙතත්, ෆ්ලොරීඩා තාක්ෂණ ආයතනයේ රසායන විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරියක් වන පවිත්‍රා පතිරත්න විසින් ප්ලාස්ටික් බිත්තර සම්බන්ධව පැහැදිලි කරමින් සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්.

“‼️ 🥚 ප්ලාසිටික් බිත්තර 🥚‼️

ලංකාවේ අලුත්ම හිට් එක “ප්ලාසිටික් බිත්තර” ගැන මගේ සත දෙක කියන්න හදන්නේ 🤭 මේක කියන්නේ අවුරුදු බර ගානක් chemicals එහෙම නැත්තන් රසායනික ද්‍රව්‍ය එක්කම ජීවිතේ ගෙවෙන කෙනෙක් නිසා හොඳෙ 🤭

ලංකාවේ සමහර අය හිතන් ඉන්න තරම් මේ chemicals කියන ජාති ලාභ නෑ, කවුරුත් පිනට දෙන්නෙත් නැ (unless those are expired)🤭 මේ ගනන් ජාති කීපයක් එකතු කරලා කන්න පුළුවන් විදියට බිත්තරයක් හදනවා කියන එකක් මේ ලෝකේ නැති වුනාට එහෙම කාට හරි කරන්න හිතුනොත් ඒ බිත්තරේ විකුණණ්න වෙන්නේ ඇමෙරිකාව, ජපානේ වගේ සල්ලි තියෙන රටවල් වල සල්ලි උතුරන්න තියෙන මිනිස්සුන්ට විතරයි🤭 රැපියල් 50-60 ට ඒ බිත්තර හදන්න තරම් තාක්ෂණයක් මේ ලෝකේ තවම හොයා ගෙන නැ 😂😂 කිකිලියන්ට කන්න දීලා බිත්තර ටිකක් ගන්න එක මීට වඩා සිය දහස් ගානකින් ලාභ වැඩක් 🤦‍♀️

අනිත් එක ලංකාවේ මිනිස්සුන්ට එදා වේල කන්න හොයා ගන්න විදියක් නැති වුනාට චීනය, ඉන්දියාව කියන රටවල් වලට තියෙන්නේ වෙන ප්‍රශ්න. ඒ මිනිස්සු බලන්නේ අඟහරු වලට යන්නේ කොහොමද කියලා මිසක් ප්ලාස්ටික් බිත්තරයක් හදලා සල්ලි හම්බ කරන්න නෙවෙයි 😂😂 දූපතේ තියෙන ප්‍රශ්න තියෙන්නේ දූපතට විතරයි හොඳෙ 🤦‍♀️

ලංකාවේ මේ දවස් වල වයිරල් වෙන පහල තියෙන වීඩියෝ එක මිනිසුන්ට කන්න බිත්තර හදන තැනක එකක් නෙවෙයි, පොඩි බබාලගේ සෙල්ලම් බිත්තර හදන factory එකක වීඩියො එකක් 🤭🤦‍♀️

කවුරු හරි මානසික රෝගියෙක් තමන්ගේ පේජ් එකක රීච් වැඩි කර ගන්න මේ වගේ බොරු පෝස්ට් එකක් share කර ගත්තට පලියට ඒක ඇත්තක් කියලා දොහොත් මුදුන් දීලා පිලි ගන්න එපා ✋ Facebook එකට යනවා වගේම තව එකක් තියෙනවා Google කියලා. ඒකේ search කරලා බලන්න මේ කියන කතා ඇත්තද කියලා. එතකොට විස්තරේ දැන ගන්න පුළුවන් ‼️

මේත් එක්කම කියන්න ඕනි “Lab-grown eggs” තියෙනවා. ඒ කියන්නේ රසායනිකව හදන බිත්තර නෙවෙයි, ජාන තාක්ෂණය ඔස්සේ වෙන ක්‍රියාවලියක්. ඒ දෙකත් පටලව ගන්න එපා ‼️

වඳ බ්‍රා, වඳ කොත්තු තිබුනු රටේ ප්ලාස්ටික් බිත්තර අමුතු කතාවක් නෙවෙයි උනාට බිත්තර නොකා ඉන්න තරම් මෝඩ වෙන්න එපා ‼️”

"ලංකාවේ කිසිම ග්‍රවුන්ඩ් එකක ශ්‍රී ලන්කන් පස් නෑ..." -ඉන්දියා මැච් එක පැරදුණු දුකට තරුණයෙක් කියූ කතාව (VIDEO)

"ලංකාවේ කිසිම ග්‍රවුන්ඩ් එකක ශ්‍රී ලන්කන් පස් නෑ..." -ඉන්දියා මැච් එක පැරදුණු දුකට තරුණයෙක්  කියූ කතාව

මුණේ ලස්සනට වඩා හදවතේ ලස්සනයි වැදගත්...බලන්නකෝ එයාගේ ලස්සන (PHOTOS)


මීගමුවේ 17 කෙල්ලගේ සෙල්ලම් සල්ලන් වෙයි!

‘ටික්ටොක්’ සමාජ ජාලය තුළින් තරුණයන් සමග පෙම් සබඳතා පවත්වා පසුව එම තරුණයන් (පෙම්වතුන්) තමන් පදිංචි කොච්චිකඩේ ප්‍රදේශයට උපක්‍රමශීලීව ගෙන්වා තම පෙම්වතා සහ ඔහුගේ මිතුරු කල්ලියත් සමග එක්වී තරුණයන් (පෙම්වතුන්) පැහැරගෙන සිරකර කප්පම් ලබා ගැනීමේ සංවිධානාත්මක ජාවාරමක් මෙහෙයූ බව කියන 17 හැවිරිදි මීගමුවේ සුරූපී තරුණියක් ඇතුළු කප්පම් කල්ලිය කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ්‍රීනික ජයකොඩි මහතාගේ මෙහෙයවීම මත එහි අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කොට තිබෙනවා.

මෙම විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව මෙම කොල්ලයට මුහුණ පෑ අය පස්සර ප්‍රදේශයේ පෞද්ගලික ආයුර්වේද රෝහල් සේවකයෙකි.

ඔහු ටික්ටොක් සමාජ ජාලය හරහා මෙහි සැකකාර තරුණිය සමග පෙම් සබඳතාවයක් පවත්වා ඇත.

පසුව සැකකාරිය තරුණයාගෙන් මුදල් ඉල්ලා ඇත. තමා අත දැනට මුදල් නොමැති බව තරුණයා ඇයට දැන්වීමෙන් අනතුරුව පෙම් සබඳතාවය තාවකාලිකව නතරවී ඇත.

"අදට ඇති පාඩම් කළා...ලයිට් එක off කරලා, මල්ලි මගේ ඇඳට එන්න..." - මල්ලිව ගෙන්නා ගෙන අක්කා අමුතුම වැඩක් කරලා

තරුෂි මාතර, දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියකි. වයස අවු. 18 කි.

එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගිය ඇය උසස් පෙළ හදාරමින් සිටියාය. ඇය අධ්‍යාපන කටයුතුවලට වඩා මුල් තැන දුන්නේ බාහිර කටයුතු සඳහාය.

ඔන් ලයින් අධ්‍යාපනය පසෙක දැමූ ඇය අන්තර්ජාලය භාවිතා කරමින් විවිධ වීඩියෝ පට නැරඹුවාය. ඉන් සමහරක් වීඩියෝපට වැඩිහිටියන්ට පමණක් සුදුසු ඒවා විය.

යෞවන වයසේ සිටි ඇය එවැනි වීඩියෝපට නරඹා මනස කාමයෙන් විකෘති කරගෙන සිටියාය.

”සඳුනි ඒ දවස්වල කොල්ල එක්ක රවුම් ගහලා ඇවිල්ලා කරපු කියපු දේවල් කියනකොට මම ඒකිට බැන්නා. ඒ වගේ වැඩ දැන්ම කරන්න එපා කියලා. අපරාදේ මට දැනුයි තේරෙන්නෙ ඒකී ඒ දවස්වල කොල්ලා එක්ක කොච්චර සතුටින් ඉන්න ඇද්ද කියලා.

 ”සඳුනි විතරද, තව අපේ කෙල්ලෝ කීදෙනෙක් කොල්ලො එක්ක රවුම් ගැහුවද?. ඉස්කෝලේ පටන් ගත්ත ගමන් මමත් හොඳ කොල්ලෙක් එක්ක සෙට් වෙන්න ඕනා.නැත්නම් මේ ජීවිතය වැඩක් නැහැ. ඉගෙන ගෙනම ජීවිතය රහක් නැහැ. පොඞ්ඩක් විඳින්නත් ඕනා.”දෙමව්පියන්ට හොර රහසේ වැඩිහිටියන්ට පමණයි වීඩියෝ පට බලන ඇය නිතරම එලෙස සිතුවාය.

පාඩම් කිරීම සඳහා පොතක් අතට ගත්තත් ඇයගේ මනස පිරී තිබුණේ කාමුක සිතුවිලිවලින්ය.

එලෙස සිටි ඇය දිනක් මෙලෙස සිතුවාය. ''මට කොල්ලෙක් නැතුව ඉවසගෙන ඉන්න බැහැ.අපේ චමත් මල්ලිව යාළු කරගන්න ඕනා. මිනිහා දැන් හොඳ ඉලංදාරියා.ඒ වගේ වැඩකට අකමැති වෙන එකකුත් නැහැ.”

චමත් යනු ඇයගේ ඥාති සහෝදරයෙකි. වයස අවුරුදු 15කි.ඔහු ජීවත් වූයේ ඇයගේ නිවස ආසන්නයේය.

පසු දිනම ඇය චමත්ගේ නිවසට ගියාය. එලෙස ගිය ඇය චමත්ගේ මව සමග මෙලෙස කතා බස් කළාය.

”කෝ නැන්දෙ චමත්.”
”සෙල්ලම් කරන්න ගිහිල්ලා දුවේ.”
”ඇයි දැන් පාඩම් කරන්නෙ නැද්ද?
”මොන පාඩම් ද පොතක් අතින් අල්ලන්නේ නැහැ.”
”ඒක තමයි. ඒ උනාට පාඩම් කරන්න කියන්න.”
”මොන මං කියන දෙයක් සතපහකට අහන්නේ නැහැ.”
”එහෙනම් රෑට අපේ ගෙදර එන්න කියන්න පාඩම් කරන්න.මම පාඩම් කියලා දෙන්නම්.”
”අනේ කොච්චර ලොකු දෙයක්ද කෙල්ලේ එක.”
” ඕක මොකක්ද නැන්දෙ.මම රැට තමයි ගොඩක් පාඩම් කරන්නේ. අදම එන්න කියන්න.”
”හරි දුවේ.අදම එවන්නම්.”

චමත් යළි නිවසට පැමිණි පසු මව ඔහුට මෙලෙස පැවසුවාය.
”තරුෂි අක්කා ඇවිල්ලා උඹව ඇහුවා.”
”ඒ මොකටද?”
”උඹගෙ ඉස්කෝලේ වැඩ ගැන ඇහුවේ…”
”ඉතින් මම ඒව කරනවනෙ”
”උඹ කරන හැටි මම නේ දන්නේ.ඒක නෙවෙයි අක්කා කිව්වා පාඩම් කියලා දෙන්නම් කියලා.අදම එවන්න කිව්වා.”
”අනේ මට බෑ එහෙ යන්න.”
”ඇයි බැරි ඒ පිට තැනක් ද?. අපේම තැන්නෙ.
අද රැට පොත් ටිකත් අරගෙන එහෙ යන්න ඕනා.”
”අනේ අම්මේ මම ගෙදර ඉඳං පාඩම් කරන්නම්.”
”මම දන්නවනේ උඹගෙ පාඩම් කිරිල්ල. ආයි කතාවක් නැහැ. හවසට එහෙ පලයන් කෑමත් හදනවා කිව්වා.”කොච්චර කතා කළත් තම මවගෙන් බේරුමක් නොමැති බව ඔහු දැන ගත්තේය.එම නිසා පාඩම් කිරීම සඳහා එහි යෑමට ඔහු තීරණය කළේය.

එදින රාත්‍රී 7ට පමණ පොත් කිහිපයක් ද රැගෙන ඔහු තරුෂිගේ නිවස වෙත ගියේය.

එම නිවස ඔහුට නුපුරුදු තැනක් නොවුණි.

කුඩා කල සිට ඔහු එම නිවසේ හැදී වැඩුණේය. කොටින්ම කියතොත් ඔවුනොවුන් ළඟම ඥාතීන් වූහ.

එලෙස පැමිණි චමත් තරුෂිගේ මවට මෙලෙස පැවසුවේය.

”කෝ ලොකු අම්මේ අක්කා.
බලන්නකෝ එයා මට ලෙඩක් දාලානෙ.”
”ඒ මොකක්ද?”
”මම පාඩම් කරන්නේ නැහැ කියලා අපේ අම්මට කියලා.''
දැන් පාඩම් කරන්න මෙහෙ එන්න කියලා අපේ අම්මා කියනවා.”
”ඒක ලෙඩක් වෙන්නෙ කොහොමද. අක්කා උඹගෙ හොඳටනෙ කරලා තියෙන්නේ.මටත් ඔය ටික කිව්වා. අන්න අක්කා කාමරේ.”චමත් ඒ අනුව ඇයගේ කාමරයට ගියේය.

''මේ එන්නේ හොර ගෙඩියා.අද ඉඳන් හැමදාම ඔයා මාත් එක්ක රෑට පාඩම් කරන්න එන්න ඕනා.”
”අනේ මේ පිස්සු කෙළින්න එපා. අද විතරයි මම එන්නෙ.”
”ඇයි ඒ.”
”පිස්සුද ඔයා එක්ක පාඩම් කරන්නේ.”
”ඇයි නරක් වෙලා තියේවි මාත් එක්ක පාඩම් කළොත්.”
”අනේ මේ නිකන් ඉන්නවා.”
”මෙන්න මේ ටික පාඩම් කරල තියන්න. මම වොෂ් එකක් දාගෙන එන්නම්.”
”ඒක නොවෙයි මට ගොඩක් වෙලා පාඩම් කරන්න බෑ නිදා ගන්න ඕනා.කොහෙද මං නිදාගන්නනෙ.”
”මගේ කාමරයේම නිදා ගමු.” එලෙස පැවසූ ඇය කාමරයෙන් එළියට පැමිණියාය.

ඇඟපත සෝදා ගත් ඇය තම මවට ”අද මල්ලි මගේ කාමරේ නිදා ගන්නවා යැයි” පැවසුවාය.
ඇය එයට කිසිදු විරුද්ධත්වයක් දැක්වූයේ නැත.
ඒ ඔවුන් කුඩා කල සිටම සහෝදර ප්‍රේමයෙන් ඇසුරු කරන නිසාය. රාත්‍රි 10 පසු වී තිබුණි.
නිවසේ වැඩිහිටියන් තද නින්දෙ පසුවිය.
ඒ අතර තම යටි සිතේ තිබූ අරමුණ ක්‍රියාත්මක කිරීමට සුදුසුම මොහොත උදා වී ඇති බව ඇය තේරුම් ගත්තාය.
ඒ අනුව ඇය තම ඥාති සහෝදරයාට මෙලෙස පැවසුවාය.
”අදට ඇති පාඩම් කළා. අපි නිදාගමු.”
”මම කොහෙද නිදාගන්නෙ බිමද.”
”පිස්සුද ඇඳට එන්න.”
”අනේ මට බැහැ.”
”බැහැ කියන්නේ ඇයි. මෙන්න මෙහෙ එනවා.ලයිට් එක ඔෆ් කරලා.”ඒ අනුව චමත් විදුලි පහන් නිවා දමා නිදා ගැනීම සඳහා ඇයගේ ඇඳට පැමිණියේය.
එලෙස ඇඳට පැමිණෙනවාත් සමඟම තරුෂි ඔහුව බදා ගත්තාය.

ඉන්පසු සිදුවූයේ චමත් සිහිනෙකින්වත් නොසිතූ දෙයකි.
ඇය කිහිප වරක්ම ඔහු එපා කියද්දී බලහත්කාරයෙන් ලිංගික අපයෝජනයට ලක් කළේය.
ඒ අනුව එදින ඇය තම සිතේ තිබූ කාමාශාවන් සියල්ලම පාහේ තම ඥාති සහෝදරයා ගෙන් බලහත්කාරයෙන් ඉටු කර ගත්තාය. පසු දින උදාවිය.
චමත් නිවසට ගොස් සිදු වූ සියලූ දෙය තම මවට පැවසුවේය.
එය අසා පුදුමයට පත්වූ ඇය පොලීසියට ගොස් මේ පිළිබඳ පැමිණිල්ලක් දැමුවාය.
පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු සැකකාර තරුණිය අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළහ.
වර්තමාන සමාජයේ බාල වයස්කාර ඥාති සහෝදර, සහෝදරියන් අතර මෙවැනි ලිංගික ක්‍රියා ඇති වීමට බොහෝ ඉඩකඩ තිබේ.
එම නිසා දෙමව්පියනි ඔබගේ දරුවන් ගැන ඉතාමත් විමසිල්ලෙන් සිටින්න.
උපුටා ගැනීම :ගයාන් සමරසිංහ

"මම උප්පැන්නෙට දරුවාට මගේ නම දෙන්නම්"...සැමියාගෙන් පළි ගැනීමට අනියම් ඇසුරකින් දරුවෙක් හදා ගත් බිරිඳක්!

නීතිඥ බුද්ධිකා දයාරත්න මෙනෙවියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකසා ඇත.වෘත්තීය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ.

පාසල් ප්‍රේමය ඕනෑම කෙනෙකුගේ ජීවිතයට ඇති සුන්දරම අත්දැකීමක්.සමල් සහ හිරුණි එකම පාසලක එකට ඉගෙන ගත් යුවලක්.එකම සරසවියක අධ්‍යාපනය හදාරන්නටත් වාසනාව ලබන මේ යුවල ප්‍රථම ප්‍රේමය කිසිලෙසක අතනොහැර ගන්නට සමත් වුණා.සමල්,ප්‍රදේශයේ ගෞරවයක් හිමි පවුලක එකම පුතු වුණත් හිරුණිගේ කතාව ඊට වඩා ඉතාම වෙනස් එකක්.හිරුණිට සිටියේ අම්මා පමණයි.ඇගේ අම්මාට යොවුන් වියේදී ඇතිවන ප්‍රේමයකින් උපන් හිරුණිට කිසිම දවසක තාත්තාගේ සෙනෙහස ලැබෙන්නේ නැහැ.එපමණක් නෙමෙයි ලෝකයට අනුව ඇය සහජාත දරුවෙකු වන්නේ ද නැහැ.පියා උප්පැන්නයට නම නොදුන් නිසා සහජාත දරුවෙකු වීමේ අයිතිය හිරුණි ට හිමි වන්නේ නැහැ.නමුත් ඇය ඉතා හොඳින් ඉගෙන ගන්නා රූමත් සහ යහපත් යුවතියක්.සරසවි අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු සමල්ට විවාහයක් කර ගන්නට දෙමව්පියන් මතක් කරනවා.මේ වෙද්දී වසර දහයක ප්‍රේමයක් තමන්ට ඇති බව සමල් දෙමාපියන්ට කියන්නේ ඒ අවස්ථාවේදී.නමුත් ඒ කවුදැයි දැන ගන්නා දෙමාපියන් ඉතා කෝපයට පත් වනවා.හිරුණිගේ පවුල් පසුබිම ගැන කියමින් දැඩි ලෙස අපහාස කරන ඔවුන් සම්බන්ධය වහාම නවත්වන්නට ඔහුට බල කරනවා.ඉන් නොනැවතී ඔවුන් වහාම ගැළපෙන පවුලකින් සමල්ට යෝජිත විවාහයක්ද සැලසුම් කරනවා.

“අපේ මූණේ දැලි ගාල ඔය කසාදෙ කරගන්න දෙන්න බෑ.ඒක කරොත් මම බෙහෙත් නොබී මැරෙනවා.”

සමල්ගේ පියා ඔහුගේ හෘද රෝගී තත්ත්වය ඇපයට තබමින් සමල්ව බියට පත් කරන්නට කටයුතු කරනවා.සමල් ඉන් මඳක් සසැලෙනවා.

ඔහු යෝජිත යුවතිය වූ අයේෂා සමඟ තමන්ගේ දසවසරක ප්‍රේම සම්බන්ධය ගැන කියන්නේ ඒ නිසා.නමුත් චිත්‍රපට කතාවක මෙන් සමල් සහ හිරුණි එක්කරන්නට අයේෂා ක්‍රියාකරන්නේ නැහැ.

“අවුරුදු දහයක් නෙමේ අවුරුදු කීයක් ආදරය කරත් එයාව අයිති වෙන්නේ මට.ඕනෙම පිරිමියෙක්ට ඔය ආදර කතා කසාදෙන් පස්සේ අමතක වෙනවා.දරුවො එහෙම ඉන්න කාලෙකට සමල්ට ඕවා ගැන හිත හිත ඉන්න වෙලාවක් නෑ”

කිසිම ආකාරයකින් මේ විවාහය අත නොහරින අයේෂා තීරණය කරනවා.දෙමව්පියන්ට පෙනෙන්නට විවාහ වූ නිසා සමල්ට විවාහ ජීවිතයක් රැගෙන යාමේ හැකියාවක් නැහැ.හදවතින් හිරුණි ලඟ ජීවත්වෙන ඔහුට අයේෂා සමඟ කායික සම්බන්ධයක් ඇතිකරගන්නට කිසිසේත්ම නොහැකි වී තිබෙනවා.තමන්ගේ කතාව පැහැදිලිව ප්‍රකාශ කරද්දී ද විවාහයකට පෙළඹුණු නිසා මේ තත්ත්වය දරා ගන්නා ලෙස ඔහු අයේශාට පවසා තිබුණා.

මේ අතර හිරුණි විශාද රෝගයට ලක්වන්නේ තමන් දස වසරක් තිස්සේ ආදරය කළ ප්‍රේමවන්තයා වෙනත් තරුණියකට හිමි වූ වේදනාවෙන්.ඇගේ මව ගර්භාෂ පිළිකාවක මූලික අවධියේදී සිටීමත් හිරුණිට ජීවිතය දරා ගැනීම අපහසු කර තිබෙනවා.ඒ නිසා ඇය දෙවතාවක්ම සියදිවි නසා ගැනීමේ උත්සාහයක් ගෙන තිබෙන්නේ ඒ අතර.

“මේ කතාව ඔයාට කියන එක හරිම වැරදියි.ඒත් නොකියා ඉන්න බෑ.එක වතාවක් හරි ඔයා හිරුණිට කතා කළොත් හොඳ නැද්ද?”

සමල් සහ හිරුණිගේ ආදර කතාවට මුල සිටම සම්බන්ධ වූ මිතුරියකගෙන් සමල්ට එවැනි පණිවුඩයක් ලැබෙන්නේ ඒ අතර.සමල් හිරුණි දකින්නට පැමිණ පවතින තත්ත්වය දරා ගන්නට ඇයට උදව් දීමට පටන් ගන්නවා.සාමාන්‍ය පෙළ පන්තිය දක්වා ම හොඳ මිතුරන් වූ ඔවුන්ට නැවත මිත්‍රත්වයෙන් ජීවත් වීම අපහසු නැහැ.ඒ නිසා කිසිම කායික බැඳීමකින් තොරව මානසික බැඳීමක් පවත්වාගෙන යමින් අම්මගෙ අසනීප තත්ත්වය දරාගන්නටත් හිරුණිගේ රෝගී තත්වයෙන් සුව වන්නටත් සමල් උදව් කරන්නට පටන් ගන්නවා.මේ සම්බන්ධය අයේශාට ආරංචි වන්නේ ඒ අතර.අයේෂා හිරුණිට දුරකථන ඇමතුම් ලබාදෙමින් ඇයට පහත් ලෙස බැණ වදින්නට පටන් ගන්නවා.මේ අනියම් සම්බන්ධය නැවැත්වීමට ඕනෑම දෙයක් කරන්නට තමන් පෙළඹෙන බව ඇය පවසන්නේ ඒ අතර.

දෙපාර්ශ්වයේ ඥාතීන් ප්‍රීතියට පත් කරමින් අයේෂා ගැබ් ගන්නවා.නමුත් දෙදෙනා අතර කිසිම කායික බැඳීමක් නොවූ බව දන්නෙ සමල් පමණයි.මේ සම්බන්ධයෙන් දැඩි ව්‍යාකූලත්වයට පත් වෙන ඔහු දික්කසාද නඩුවක් වෙනුවෙන් අප වෙත පැමිණෙනවා.

“මට අයේෂා එක්ක කවදාවත් කායික බැඳීමක් හදාගන්න පුළුවන් වුණේ නැහැ.ඒ නිසා මේ මගේ දරුවෙක් නෙමෙයි.මම මත්පැන් පාවිච්චි කරන කෙනෙක් නොවෙන නිසා අහම්බයකින් වත් මෙහෙම දෙයක් වෙන්න බැරි බව මට විස්වාසයි “

ඔහු අපෙන් උදවු පතන්නේ එසේ කියමින්.ඔහු පවසන කාරණා අනුව දික්කසාද නඩුව ගොනු කරන්නට අපි කටයුතු කළා. විත්තිකාරිය වූ අයේශා සිතාසි බාර ගෙන තිබුණා.නමුත් ඇය දරුවා වෙනුවෙන් නඩත්තු නඩුවක් ගොනු කරනවා.දරුවා සමල්ගේ වෙන නිසා දරුවා වෙනුවෙන් නඩත්තු ගෙවිය යුතු බවයි ඇය පවසන්නේ.
එසේම සමල්ට අනියම් සම්බන්ධයක් ඇති බවත් ඇය කරුණු ගොනු කර තිබුණා.

දරුවකු වෙනුවෙන් නඩත්තු නඩුවකදී නඩත්තු ඉල්ලා සිටීමේදී පීතෘත්වය ඔප්පු කළ යුතුයි.මේ නඩුව DNA මත පදනම් වූ නඩුවක් වන්නේ ඉන්පසු.අප විසින් දරුවාගේ පීතෘත්වය සනාථ කරගන්නට DNA පරීක්ෂණයක් වෙනුවෙන් අධිකරණ නියෝගයක් ඉල්ලා සිටින්නට කටයුතු කළා.අපට එයට අවසර ලැබුණා.දික්කසාද නඩුව ඒ අතරේ විභාග වුණා.පරීක්ෂණයේ ප්‍රතිඵල පැමිණි අතර දරුවා සමල්ගේ දරුවෙකු නොවන බව ඉන් සනාථ වුණා.ඒ ප්‍රතිඵල අනුව දික්කසාදය ලබා දෙන්නට අයේෂා කැමති වී තිබුණා.

මේ දරුවාගේ තාත්තා කවුද කියන කාරණාව ද ඔබට හෙළි නොකර බැරි වන්නේ මේ කතාව කාන්තා වෙබ් අඩවියක ඔබ වෙනුවෙන් සැකසෙන ලිපියක් වන නිසා.ජීවිතයේ සමහර කාරණා වලදී කාන්තාවන් ක්‍රියා කරන ආකාරය සියතින්ම තමන්ගේ ජීවිතය විනාශ කරගැනීමක් වනවා.අයේෂා ද එවැන්නියක්.

යෝජිත විවාහය සිදු වූ පසුද සමල් හිරුණි ට බැඳී සිටීම අයේශාට දරා ගන්නට අපහසු වී තිබුණා.නමුත් හිරුණි ගෙන් මිදී තිබුණේ නැහැ.ඒ නිසා අයේශා ද දැඩි මානසික පීඩනයකට ලක් වී තිබුණා.සමල් තමන්ට නතු කර ගත හැකි බව සිතමින් විවාහ වූවාට එය එසේ නොවන වග වැටෙද්දී ඇය ඉතා ප්‍රමාදයි.”හදාගන්නට හිතමින් කිසිවෙකුත් විවාහ කරගත යුතු නැති බව”ඔබ මේ කතාව නිසා හෝ තේරුම් ගත යුතුමයි.අයේෂා තමන්ගෙ දුක කියන්නට තෝරා ගෙන තිබුණේ සමල්ගේ වැඩිමහල් සහෝදරයා වන අමල්වයි.දරුවාගේ පියා සමල්ගේ සහෝදරයා වූ අමල් බව ඇය හෙළි කර සිටියා.එය සමල් ද දැන ගත්තේ නඩුව අතරේ දී.අමල් ද ඒ වන විට දෙදරු පියෙක් වූවා.දරුවා ලැබෙද්දී සමල් සහ අයේෂා දික්කසාද නොවූ නිසා උප්පැන්නයට දරුවාගේ පියා ලෙස සමල්ගේ නම යොදා තිබුණා.

“ඒක වෙනස් වෙන්න ඕනේ නැහැ.මම උප්පැන්නෙට දරුවාට මගේ නම දෙන්නම්.අයියා ගැන කවුරුත් දැනගන්න ඕන නැහැ.මට අවශ්‍ය ඩිවෝස් එක විතරයි.”

සමල් උසාවියේදී එසේ පවසා සිටියා.නඩත්තු ගෙවීමකින් තොරව නඩුව අවසන් වුණා.

නමුත් අදටත් අමල්ගේ බිරිඳ අයේෂා සම්බන්ධ මේ සිදුවීම ගැන කිසිවක් ම දන්නේ නැහැ.මේ කතාව තුළ ඇය ද අසාධාරණයකට ලක් වූ බව මම සිතනවා.මේ කාන්තාවන් තිදෙනෙකුගේ කතාවක්.මේ කාන්තාවන් තිදෙනාම අසාධාරණයට ලක් වූ බවයි මගේ හැඟීම.මේ තිදෙනාම ලංකාවේ විවාහ ක්‍රමය නිසා අසරණ වූ බව නොකියාම බෑ.ඔබ පීඩාවට පත් වූ කිසිම අවස්ථාවක ඔබව පාවිච්චි කරන වර්ගයේ පිරිමියෙකුට ඔබේ වේදනාව හෙළි කළ යුතු වන්නේ නැහැ.එසේම හදාගන්නට බලාගෙන කිසිවකු සමඟ විවාහ වී පලක් ඇත්තේ ද නැහැ.නියමිත වයස ගෙවීමට පෙර විවාහ වීමට සහ කෙසේ හෝ විවාහයක් කරගැනීම වෙනුවෙන් භෞතික කාරණා පමණක් විවාහයට ගලපා ගන්න එපා.ඔබට ආදරය කරන්නේ නැති ඔබ ප්‍රතික්ෂේප කරන පිරිමියකු ජීවිතයට අලවා ගැනීමෙන් ඔබට අයේෂාට මෙන්ම වේදනා විඳින්නට සිදු වෙනවා.එවැනි පිරිමියෙකු සමඟ විවාහ වන්නට සිදුවී ඔබ රැවටීමට ලක් වන බව හෙළි වනවා නම් කළ යුතු වන්නේ අයේෂා මෙන් අනතුරුදායක පියවර තැබීම නොවේ.සැමියාගේ අනියම් සම්බන්දතාවය නිවැරදිව ඔප්පු කර දික්කසාදය ලබා ගැනීමයි.

ඒ වගේම ආදරය වසර ගණනාවක් පැරණි වුවත් ඔබව අතැර වෙනත් කෙනෙකු සමග නීතියෙන් බැඳෙන පිරිමියෙකු නැවත ඔබේ ජීවිතයට ළංකර ගත යුතු වන්නේ ද නැහැ.ඉන් ඔබට ලැබෙන්නේ මානසික පීඩාව සහ කසාද නඩුවක සම විත්තිකාරිය වීමේ අවදානම පමණයි.

නීතිය සෑම විටම පවතින්නේ සාධාරණ පාර්ශවයේ.ඒ නිසා ඔබටත් අකටයුත්තක් සිදුවන්නේ නම් ඔබේ ක්‍රමයට ඒ ගැටළු විසඳන්නට නොයා නීතියේ පිළිසරණ පතන්නට අමතක කරන්නට එපා.

මංගල ඇදේදී මනාලයා දුන් පළමු හාදුවෙන්ම මනාලියගේ හොරේ එළියට – එක රැයින් මගුලත් ඉවරවෙයි

මංගල රාත්‍රියේදීම පමණට වඩා අවංකවීමට ගොස් මංගල්‍යයත්, මධු සමයත් යන දෙකම අහිමි කරගත් මනාල යුවළක් ගැන තොරතුරු බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ දිස්ත්‍රික්කයකින් අසන්නට ලැබෙනවා.

මනාලයා රජයේ සේවකයෙකු වූ විසි හය හැවිරිදි කඩවසම් තරුණයෙක්.

මනාලිය ඇඟලු‍ම් කම්හලක සේවය කළ අතර විසි හතර හැවිරිදි රූමත් තරුණියක් වුණා.

දෙදෙනාගේ හමුව යෝජනාවකට අනුව සිදුවුනු අතර “ඔයාට නම් ගොඩක් කෙල්ලෝ ඉන්නැති” යනුවෙන් කුළුපග බවින් පිරීගිය දිනෙක මිතුරු දොඩමළුවකදී මනාලිය කීවා.

“ඉස්කෝලේ යන කාලේ පොඩි සම්බන්ධයක් තිබුණා. ඒත් ඒක එච්චර දුරදිග ගියේ නෑ. ඊට පස්සෙ මට හම්බවුණ පළවෙනි කෙල්ල ඔයා තමයි.” මනාලයා පැවසුවා.

“ඇත්තමයි කියන්නේ මට නම් එක සම්බන්ධයක්වත් තිබුණෙම නෑ. කොල්ලොනම් පස්සෙන් ආවා. ඒත් ඒ එකකටවත් මම කැමැති වුණේ නෑ. මගේ “ෆස්ට් ලව් එක ඔයා” මනාලිය ආදරණීය ලීලාවෙන් කීවා.

දෙදෙනාගේම ප්‍රකාශ අවිශ්වාස කිරීමට දෙදෙනාටම අවශ්‍ය නොවුණු අතර ඒවා පරම සත්‍ය ලෙස දෙදෙනාම ඇඟවූවා.

නගරයේ ඉහලම ගනයේ සුවිසල් හෝටලයක මංගල උත්සවය ජයටම පැවැත්වීමෙන් අනතුරුව මධු සමය සඳහා නව යුවළ ගියේ සීත කඳුකර ප්‍රදේශයේ හෝටලයකටයි.

ජීවිතයේ පැතුම් ප්‍රාර්ථනා එලෙසින්ම ඉටු වීම ගැන දෙදෙනාටම අප්‍රමාණ ප්‍රීතියක් දැනුණි.

හෝටල් කාමරයට ගිය සැණින් මනාලිය වැළඳගත් මනාලයා උතුරන සතුටෙන් “අද ඉඳලා මගේ ජීවිතේ හිරුත් ඔයා සඳුත් ඔයා තරුත් ඔයා” යනුවෙන් පැවසුවා.

මේ පවසන්නේ හිරු, සඳු, තරු ගැන නොව මනාලයා මීට පෙර යාළු වී සිටි ගැහැනු ළමයින්ගේ නම් යැයි වරදවා තේරුම් ගත් මනාලිය “මගේ මහත්තයා මට අවංක වුණා වගේම මමත් වෙන්න ඕනෑ” යැයි සිතූ මනාලිය මෙසේ කීවා.

“ඇයි අනේ ඔයාට විතරක් අද ඉඳලා මගේ ජීවිතේ සරතුත් ඔයා, පියලු‍ත් ඔයා කමලු‍ත් ඔයා.” ක්ෂණයෙන් මනාලයාගෙන් මනාලියට කම්මුල් පහරක් හිමි වුණා.

“තමුසෙ නටන්න ඕනෑ හැම නාඩගමක්ම නටලා අන්තිමට මාවත් රැවට්ටුවා, තමුසෙ වගේ ගෑනියෙක් මට එපා, දැන්ම අම්මලට කතා කරලා තමුසෙගෙ ගෙදරට යනවා.” යනුවෙන් පැවසූ මනාලයා වෙනත් කාමරයක් කුලියට ගෙන එහි නිදා ගැනීමට ගොස් තිබෙනවා.

'ඔයාලටත් පුළුවන් කුමාරි අක්කා එක්ක වනගත වෙන්න.. මේ බලන්න ජීවත් වෙන හැටි!': ඔලුව උදුම්මාගත් වරදද මේ? එදා යූටියුබ් හෙල්ලූ 'කුවේට් කුමාරි' අක්කාට අද අත්ව ඇති ඉරණම!

ඉන්දියාවේ 'රානු මොන්ඩාල්' වගේ ම ලංකාවේ 'කුවේට් කුමාරි' අක්කත් ජනප්‍රිය වෙන්නෙ එකම කාලවකවානුවක. (එතැන තිබුණු එකම වෙනස ඇත්තටම රානු මොන්ඩාල්ට ගායන හැකියාව තිබුණු එක....)

'රානු' හා සමානවම 'කුවේට් කුමාරි'ටත් අතිවිශාල පිළිගැනීමක් ලැබෙනවා. ඈ බොහෝම ඉහළකින් 'ඔසවන්න' ගත්තූ පාර්ශව කිහිපයක්ම ඈව 'මුදල් පරමාර්ථයෙන්' භාවිතා කරන්න ගන්නවා. ඉන් නොනැවතී ඈව 'ප්‍රසංග වේදිකාවට' නග්ගපු උනුන් ඈව දැක දැක (කොටින්ම ඈ වැරදියට ගයන ගීත පවා රහ බලන අතරේ...) අත්පොළසන් දෙන්න ගන්නවා.

රානු වගේම 'කුමාරි අක්කා'ත් 'ඔලුව උදුම්මගත්තා' කියන කතාව බොරුවකුත් නෙවෙයි.

ලංකාවට ආපු 'කුමාරි අක්කා'ට ඇගේ 'ජනප්‍රියත්වය' ලොකු ඉල්ලමක් වුණා. තමන්ගේ ගීත නොගැයීමේ 'හැකියාව' (එහෙම නැත්තම් ගොඩක් අය කියන විදිහට සිංදු කන එක, විනාශ කරන එක) හොඳ 'අලෙවියක්' බවත් ඈ දැනන් හිටියා.

ඈව මුළුමුනින්ම 'අලෙවි කරන්නට' යෙදුණු 'යූටියුබ්' නාලිකා බොහෝමයක් ඇගේ ජීවිත 'වතගොත' එකින් එක ප්‍රචාරය කරන්නට පටන් ගත්තා.

'ජනප්‍රියත්වය' මහා ඉහළින් ඇදහූව 'කුවේට් කුමාරි' අනතුරුව 'මුදල් නොමැතිව' වැඩසටහන් වලට 'පැමිණීම' පවා ප්‍රතික්ෂේප කළා. (හරියට රානු ඇගේ රසිකාවියක් හා සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට අකැමැත්ත පළ කළා හා සමානව...)

'කුමාරි අක්කාව' බලාපොරොත්තුවෙන් හිටපු, ඈට 'අනුකම්පා' කරපු හුඟක් 'උත්තමයෝ' අනතුරුව ඈ එක්කලා තරහා ගත්තා.

දැන් කෝ කුමාරි අක්කා? දැන් කෝ රානු මොන්ඩාල්..?

මේ දෙන්නා ම ඉන්නෙ අතරමං වෙලා. (තමන්වම හොයාගන්න බැරි වුණු තැනක..) මොන්ඩාල් 'කැලෑවල' ඇවිදින අතරේ 'සරම් කොට' ගහගෙන විකාර රූපී 'ටික්ටොක්' වීඩියෝ කරනවා. කුමාරි අක්කත් ඊට 'නොදෙවනි' නෑ. ඇගෙත් එවැනිම වූ 'වීඩියෝ පටයක්' පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ සැරිසරන්නට වුණා.

'රටවිරුවන්' නාමයෙන් 'කුවේට් අක්කාව' යොදාගෙන 'හරි හම්බ කරගත්' උනුන්ද මේ වෙනකොට 'කුමාරි අක්කාව' අමතක කර දමා අවසන්. (කොටින්ම අහම්බෙන් හෝ ඇගේ වීඩියෝවක් දැක්කා වුණත් නොදැක්කා වගේ යන්න අරන්...)

'අයියෝ යාලුවනේ මේ බලන්න ජීවත් වෙන හැටි. කාටවත් කරදරයක් නැතිව වනගත වෙලා ජීවත් වෙන එක කොච්චර හොඳද? ඔයාලටත් පුළුවන් වනගත වෙන්න. ඔයාලටත් පුළුවන් කුමාරි අක්කා එක්ක වනගත වෙන්න...' (මෑතක ඇය පළ කෙරූ වීඩියෝවක්...)

මොන දේ වුණත් 'කුමාරි අක්කලා'ත්... 'රානු' අක්කලත් අපි හැමෝටම බොහෝම ලස්සන පාඩම් ටිකක් කියලා දෙනවා. ඒක එහෙම තමයි... එච්චරයි...

'ගනේමුල්ල සංජීව ඇතුළට දාන ගේම ගැහුවේ මං. දිනේෂ් ෂාෆ්ටර්ව මරන්නෙ බිලියන 1.4කට? මරපු කෙනාව මං දන්නවා?': ගනේමුල්ල සංජීවගේ කියලා බුකියේ ගිය හඬපටය අයිති 'රූමත් කාන්තාව' සියල්ල දිගහරී!

පසුගිය 13 වැනිදා 'කටුනායක' ගුවන් තොටේ දී මෙරට 'පාතාලය' හෙල්ලූ දාමරිකයෙක් අත්අඩංගුවට පත් වෙනවා.

ඔහු අන් 'කවරෙක්' හෝ නොවන 'ගනේමුල්ල සංජීව'යි.

සංවිධානාත්මක 'අපරාධකරුවන්ගේ' ලැයිස්තුවේ ප්‍රධාන තැනක් ගත් 'පාතාල නායකයෙකු' ලෙස මාධ්‍ය විසින් හඳුන්වා දුන් 'ගනේමුල්ල සංජීව' මීට කලකට පෙර දී 'රටින් පැන' ගොස් තිබුණා.

නමුත් නැවත වතාවක් ඔහු පැමිණ ඇත්තෙ 'ජාත්‍යන්තර රතු වරෙන්තුවක්' මත දිගින් දිගටම 'විදෙස් රටවල' රැඳී සිටීම 'අවදානම් සහගත' නිසාවෙනු යි.

මේ වන විට අත්අඩංගුවේ සිටින 'සංජීව' නිදහස් කරගැනීමට ගම්පහ හිටපු ඇමතිවරයෙකු ද 'දත කමින්' සිටින බැව් පසුගිය දිනෙක සතිඅන්ත පුවත්පතක් වාර්තා කර තිබුණා.

මීට දින ගණනාවකට පෙර 'ගනේමුල්ල සංජීව'ගේ යැයි සඳහන් 'හඬ සංවාද' පටයක වීඩියෝවක් ද සමාජ මාධ්‍යයේ හුවමාරු වූ අතර, එහි 'සංජීව' කාන්තාවකට ඇමතුමක් ලබාදෙන අයුරු දැකගත හැකිවුණා.

'ඔය ගාමිණිගේ දුව නේද? සුරංග මුතුකුඩගේ බිල්ඩන් එක... ගනේමුල්ල සංජීව කතා කරන්නෙ...' (අදාළ හඬපටයේ සඳහන් සංවාදය...)

මෙම හඬපටය හිමි අන් කිසිවෙකුට නොව ප්‍රබල ව්‍යාපාරිකවක් වන හරිනි විජේතුංගට යි. (ඇය ව්‍යාපාරික ගාමිණි විජේතුංගගේ දියණියයි.)

පසුගිය දිනෙක මාධ්‍යවේදී 'චමුදිත සමරවික්‍රම' සමඟ 'සම්මුඛ සාකච්ඡාවක'ට එක් වෙමින් 'හරිනි විජේතුංග' මෙම හඬපටය ගැනත්, ඇයට 'ගනේමුල්ල සංජීව' විසින් සිදු කෙරූ තර්ජන පිටුපස ඇති 'කතාවත්' මෙසේ හෙළිදරවු කර තිබුණා.

'මේ ආවේ නෝමල් කෝල් එකක්. ගනේමුල්ල සංජීවගෙන් එන්නෙ. මේ තමයි එකම කෝල් එක මට ආපු... මට විශ්වාසයි මේ මාව මරන්න කොන්ට්‍රැක් එක් දීලා තියෙන්නෙ සුරංග මුතුකුඩ. ගනේමුල්ල සංජීව ඇතුළට දාන ගේම ගැහුවේ මං. ඔත්තුව දුන්නෙ විදෙස් බුද්ධි අංශයකට...'

ඔබ වැඩ කරන්නෙ ‌ජොන්සන්ටන්ට? (චමුදිත)

'සාක්ෂි තියනවද? පොදු පෙරමුණේ රැස්වීමකට සහභාගී වුණා කියලා දේශපාලකයින් ට වැඩ කරනවා කියලා කියන්නෙ කොහොමද?'

සංජීව ලංකාවට එන්නෙ ඔයාව මරන්නද? ගෙදරට වෙඩි තියපු අය මරන්නද? (චමුදිත)

අනිවාර්යෙන්ම මාව මරන්න නේද? එහෙම කියලා හිතන්න වෙනවා. මොකද ඔහු මට ප්‍රබල තර්ජනයක්නේ කරන්නෙ. මේක ලොකු දේපලක්... දිනේෂ් ෂාෆ්ටර් මරන්නෙ බිලියන 1.4කට. (ඒක මීඩියාවලින් කිවුවනේ... මම කියන එකක් නෙවෙයි...)

දිනේෂ් ෂාෆ්ටර්ව? කවුද මරපු අය? ගාණ දන්නෙ කොහොමද? මම මෙච්චර ප්‍රෝගෑම් කරලත් දන් නෑ. ඔයා දන්නවා, හංඟන්නවා. ඔයාගේ හිනාවෙන් තේරෙනවා ඔයා දන්නවා, හංඟනවා කියලා..... ඔබට දැන් බයක් නැද්ද‍‍‍‍ පාතාලයන්ට මරන එක මරන්න පුළුවන්. (චමුදිත)

'ඒකනේ මම එච්චර පිරිසක් වටේ තියන් ඉන්නෙ. බැකප් දෙකක් යනවා. සිකුරිටි එකේ හත් අට දෙනෙක් ඉන්නවා. වෙපන්ස් අරන් යන් නෑ. දක්ෂ නිලධාරින් ටිකක් ඉන්නවා. අපි ගාව වැඩකරපු කෙනෙක් තමයි සුරංග මුතුකුඩ කියන්නෙ. මැනේජර් කෙනෙක් විදිහට අපි ළඟ වැඩ කරපු මිනිහා මේ.. සුරංග දැන් සල්ලි ගොඩක් වියදම් කරනවා, නීතියේ රැහැනෙන් බේරෙන්න. බෙලෙක්ක චන්දන 7/10 වැනිදා මගේ මූණටම ඇවිල්ලා තර්ජනය කරලා යනවා. මම කුලියාපිටිය පොලිසිය‌ට පැමිණිලි කළා.'

'අවුරුදු 63ක් වුණු මම හයර් එකට වාහනේ යන ගමන් ඇඬුවා 9 වැනිදා! අද ඒ සාපේ තමයි රාජපක්ෂලා විඳින්නෙ!': 'රාජපක්ෂ මහත්තයා'ට අනතුරු ඇඟෙවුවද? නැද්ද? සුමනදාස උතුමාණන් උත්තර දෙයි!

සුමනදාස අබේගුණවර්ධන කියූ සැණින් අපේ මතකයට එන්නේ 'රාජකීය දෛවඥයා’ කියන විශේෂණ පදය.. (සත්‍ය වශයෙන්ම ඒ හඳුන්වා දීමේ ගෞරවය හිමි රාජපක්ෂ බලඇණියට...)

ඉන් අනතුරුව 'සුමනදාස උන්නැහේ' ගහලා පැන්නුවා කියලත්... 'අවමානයට' පත්වුණා කියලත්... ඒ නිසාම මාධ්‍යයෙන් පවා 'වහං'ව ඉන්නවා කියලත් ඒ සමයේ කතා පැතිර ගියා.

රාජපක්ෂ 'සමාගමේ' සියලු ජ්‍යෙතිෂ කටයුතු (නැකැත් සැදීමේ ඉඳන් සියලු ම දේ...) භාරව හිටියා වුණත් ඔහු 'මහින්දගේ' නික්ම යාමෙන් පසුව 'නිහඬ' වෙනවා.

කොහොම වුණත් මෑතක 'හෙළරහස්' කියන යූටියුබ් නාලිකාව හා 'සම්මුඛ' වෙමින් සුමනදාස අබේගුණවර්ධන මෙරට 'මිළඟ ජනපතිවරයා' ගැන හෙළිදරවුවක් සිදු කර තිබුණා.

'මේ රට ආර්ථික අතින් ගොඩගන්න පුළුවන් නායකයා මම හඳුනාගෙන තියෙන්නේ. මේ දවස්වල ඉස්කෝලවලට බස් බෙදන මහත්තයෙක් ඉන්නේ, ඉස්පිරිතාවලට බෙහෙත් දෙන මහත්තයෙක් ඉන්නේ. එතුමා තමයි ඒ නායකයා.1967 ජනවාරි මාසේ බොහොම වාසනාවන්ත දවසක උපත ලබාපු සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි ඒ....'

මහින්ද රාජපක්ෂ ගැනත් ඒ මොහොතේ කියන්න ඔහු අමතක කර තිබුණේ නැහැ.

'2015 ජනවාරිවලින් පස්සේ එතුමා පන්සල් ගානේ ගිහින් වොයිස් කට් දෙනකොට කිව්වා නම් ‘මගේ ජ්‍යොතිෂ උපදේශකවරයාත් මගේ පරාජය ගැන අනතුරු ඇඟෙව්වා’ කියලා අදත් ඒගොල්ලෝ බොහොම ජයට ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයා අද බොහො ප්‍රපාතයකට වැටිලා ඉන්නේ. ඔවුන් හිතාමතාම රටට හඳුන්වා දෙන්න උත්සාහ කළා මට වැරැදීමක් වෙලයි එතුමා පරාජය වුණේ කියලා. මට කොහේවත් වැරැදුණේ නෑ. රජ කෙනෙක් එක්ක වැඩකරනවා කියන එක දැළි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. හැබැයි මට කොහේවත් වැරදුණේ නෑ. ඒගොල්ලන්ට වැරැදුණා. මම නිවැරැදියි කියන එක ඔච්චර පන්සල්වලට ගිහින් වොයිස් කට් දෙද්දී එතුමා කිව්වා නම් අද එතුමාට ඔහොම වෙන්නේ නෑ. අද ඒ සාපේ තමයි ඒගොල්ලෝ විඳින්නේ කියන එක මම පැහැදිලිව කියනවා. මොකද මම කවදාවත් වැරැදි වැඩක් කරපු කෙනෙක් නෙවෙයි.'

මින් ඉහත සුමනදාස අබේගුණවර්ධන, දේශක 'සන්නස්ගල' සමඟ සිදු කළ 'සත්‍යාගාරය' වැඩසටහනත් මහත් ආන්දෝලනයට ලක්වුණා ඔබට මතක ඇති.

එයින් සුමනදාස අබේගුණවර්ධන ජ්‍යෙතිෂවේදීයා කොපමණක් අපහසුතාවයට පත්වූවාද කිවහොත් පසුව ඒ ගැන 'සන්නස්ගල' විසින් ම හෙළිදරවු කර තිබුණා.

'සුමනදාස ප්‍රෝගෑම් එක ඉවරවෙලා ඉමෝෂනල් විදිහට මාව බ්ලැක්මේල් කළා, මේක ඉවරවෙලා මම ගෙදර යද්දි, මගේ දුව වහ බීලා හරි, එල්ලිලා හරි හිටියොත් වග කියන්න කියලා කිවුවා.....'

එ‌සේම මීට කලකට පෙරදී සුමනදාසගේ යැයි කියන 'හඬපටයකුත්' සමාජ මාධ්‍යතුළ සංසරණය වුණා. (අදාළ හඬපටයේ සුමනදාස විසින් මාධ්‍යවේදීනියකට බැන වැදී තිබුණා....)

'මගේ අම්මා තාත්තා මිය ගිය දවසේ වගේ මට විශාල වේදනාවක් ආවා 9 වැනිදා. මම මගේ කාර් එක භාරදීලා, මට පොඩි නිල නිවාසයක් තිබ්බා, ඒකත් භාරදීලා. හාප්ෂිප් එකේ ඉඳන් භාරදීලා මම හයර් කාර් එකක ගමේ යනවා. ඒ යනකොට මේ මාධ්‍යවේදිනියක් මට කතා කරනවා. ඇත්තෙන්ම අවුරුදු 63ක මිනිහෙක් අඬනවා. අවුරුදු 32ක් අපි ළඟින් හිටියා. (මහින්ද රාජපක්ෂ සමඟ...) ලොකු වේදනාවකින් මම හිටියේ. ඒ වේදනාවෙනුයි කතා කළේ. ඊට කලින් ඩේලි මිරර් එකේ දාලා තිබුණා මට හාර්ට් ඇටෑක් හැදිලා හොස්පිට්ල් කියලා. ඒක දැක්ක ගමන් මම කතා කළා. ඒ දාපු නෝනාම තමයි මේ...'

ෂර්මා කෙත්තාරාම කාර්ය මණ්ඩලයට මුදල් තෑග්ගක් දුන්නු කතාව බොරුද?

ආසියාවේ ක්‍රිකට් වීරයින් කිරුළු පැළඳූ ආසියානු කුසලාන තරගාවලිය පසුගියදා නිමාව දුටුවා.

ඒ අසල්වැසි ඉන්දියාවට මෙවර ආසියානු කුසලානයේ ආඩම්බරය හිමිකර දෙමින්.

තරගාවලිය ඒ විදියට නිමාව දුටුවත් ඒ ගැන ඇහෙන කතාබහ නම් තවම නිම වී නෑ.

ආසියානු කුසලානයත් එක්ක වැඩි කතාබහට ඇගයීමට ලක්වුණේ ක්‍රීඩකයින් විතරක්ම නෙවෙයි.

වැසි සහිත කාලගුණයක පැවති තරගාවලිය සාර්ථකව නිමකරන්න අපේ ක්‍රීඩාංගණ සේවක මඬුල්ල ඇප කැපව ක්‍රියාත්මක වූ අන්දම ලෝකයේම කතාබහට ලක්වෙන මාතෘකාවක් බවට පත් වෙලා.

ඉතින් එහෙම කතා අතරේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විසින් කෘතගුණ දැක්වීමක් ලෙස තමාට හිමි වූ මුදල් ත්‍යාගය ක්‍රීඩාංගණයේ සේවකයින් හට ලබා දුන්නා කියලා ඡායාරූපයක් එක්කම කතාවක් පැතිරෙන්න ගත්තා.

ඒ සුපිරි සිව්දෙනාගේ වටයේ පැවති පකිස්තානු සහ ඉන්දියානු කණ්ඩායම් අතර තරගයේදී.

ඇත්තටම එහෙම වෙලාද !

ඔය ගැන ආයෙම කතාවක් ඇදිලා ආවේ ”ආරංචිය අසත්‍ය” විත්තිය කතාබහට ලක්වීමත් එක්ක.

අර අපි මුලින්ම කිව්ව කතාවට තටු ලැබුණේ මෙන්න මේ ඡායාරූපය නිසා.
 
 


ඒ විතරක් නෙවෙයි මේ කතාව සනාත කරමින් සහ කළ ක්‍රියාව අගයමින් සටහන් ද සමාජ මාධ්‍යයේ හුවමාරු වෙන්න පටන් ගත්තා.
 

 

ඡායාරූප : facebook
 

 

නමුත් ඇත්ත කතාව ඒක නෙවෙයි.

ඒක සංස්කරණය කළ ඡායාරූපයක්.

සැබෑ ඡායාරූපය තමයි මේ පහතින් දැක්වෙන්නේ..
 

 

කොහොම නමුත් ඇද හැළුණු වර්ෂාවෙන් පිටිය ආවරණය කරගන්න කැපවුණු අපේ ක්‍රිඩාංගණ සේවක මඬුල්ල පැසසුමට ලක් කරන්න නම් රෝහිත් ශර්මා මෙන්ම කේ.එල් රාහුල් ද කටයුතු කරලා තිබුණා.

එවන් මොහොතක ගත් සේයා රුවක් තමයි මේ විදියට සංස්කරණය කරලා සංසරණය වෙන්න පටන් අරන් තිබුණෙ.

හැබැයි හුවමාරු වුණු අසත්‍ය පුවත වගේම පසුව මෙහෙම සටහන් ද යළි දකින්න ලැබුණා….
 

 
ඒ වගේම KL රාහුල් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට ද ක්‍රීඩාංගණ සේවකයින්ගේ කැපවීම අගය කරමින් මෙහෙම සටහනක් එකතු කර තිබෙන ආකාරයත් දක්නට ලැබුණා.



"මට වැඩ කරන්න ලැබුණු ඉන්දීය සුපිරි නළු කවුරු වෙන්න පුලුවන්ද?" - ජනප්‍රිය නිළි රශිප්‍රභාවත් ඉන්දියාවට සින්න වෙන ලකුණු!

ඉන්දියාව සහ ලංකාව අතර කලාත්මක ගනුදෙනු නිතර සිද්ද වෙනවා.

ඒ අතර අපේ තරු ඉන්දියාවේ සෑහෙන ලොකු ජනප්‍රියත්වයක් ලබන අවස්ථා ගැනත් සෑහෙන්න අපිට අහන්න දකින්න ලැබෙනවා.

ජැක්ලීන්, යොහානි කියන්නෙ ඊට කදිම උදාහරණ.

ලෝකයේ අතිශය කතාබහට ලක්වන බොලිවුඩ් කලා තරු එක්ක තම හැකියාවන් රසිකයින් හමුවට අරන් එන්න ලැබෙනවා කියන්නෙම සැබවින්ම ජයග්‍රහණයක්.

ඉතින් එවන් අවස්ථා ලද තරු ගැනත් විටින් විට අපේ කන වැකෙනවා.

ජනප්‍රිය රංගන ශිල්පිනි රශිප්‍රභා සංදීපනී ගැනත් අපිට එහෙම කතාවක් අහන්න ලැබුණා.

ඒ ගැන ඇයම සිය ෆේස්බුක් ගිණුමට මෙන්න මෙහෙම සටහනක් එකතු කරලා තිබුණා.

''My next Indian Project !

Guess the Indian super star whom I worked with !!!

මට වැඩ කරන්න ලැබුනු ඉන්දීය සුපිරි නලු කවුරු වෙන්න පුලුවන්ද ?

Guess කරන්න බලන්න..! ''



 
කොහොම නමුත් නිර්මාණය මොකක්ද සහ ඇය සමඟ රඟන තරු කවුද කියන කාරණා නම් තවම ඈ හෙළිකර නෑ....

"ඉපදෙන්නෙ තනියම, මියයන්නෙ තනියම...." - ප්‍රසංග වේදිකාව හෙල්ලූ 'සන්ෆ්ලවර්' කතාකරු 'නෙල්සන් වාස්' හදිසියේ ම රෝහල්ගත කරයි!

80-90 දශකයෙත් ඉන් එහා නොනැවතී 'ප්‍රසංග වේදිකාව' අත්පත් කරගත් 'සන්ෆ්ලවර්' සංගීත කණ්ඩායම ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.

'නීල් වර්ණකුලසූරිය'ගේ නායකත්වයෙන් ඇරඹී 'සන්ෆ්ලවර්' එදා මෙදා තුර වැඩි ම 'කැසට් ප්‍රමාණයක'ට 'සංගීතය' සපයමින් වාර්තා අතරට එක් වන්නට සමත් වුණා.

'සන්ෆ්ලවර්'හි කතාකරුවා නොහොත් 'නිවේදන ශිල්පීයා' වුණේ 'නෙල්සන්' වාස්'..


'ඉපදුනු දා පටන්ම ආදරයෙන් මා හදා....', 'ඉපදෙන්නෙ තනියම', 'දෙන්නම්කෝ ලොක්කා', 'ඔරුවේ නැඟලා', 'බෝතලේ', 'දිනනදාට කොල්ලො' වැනි අතිශය ජනප්‍රිය ගීත ගැයූ ඔහු ඒ බොහෝමයක් ගීත වල 'පදරචකයා' මෙන්ම 'සංගීත නිර්මාපකයා'ද වුණා.

තවමත් 'සන්ෆ්ලවර්' අත දරාගෙන සිටින මේ 'සුන්දර ශිල්පීයා' රෝහල්ගත කළ පුවතක් මීට මොහොතකට පෙර දී වාර්තා වුණා.

ඔහුට ඉක්මණ් සුව පතමින් සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දෙනා 'සංවේදී සටහන්' ද තබා තිබුණා.


හදිසියේ ඇති වූ 'හෘදයාබාධ' තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ ඔහු මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.



'හිතවත් සන්ෆ්ලවර් නෙල්සන් අයියා ඇතිවූ අසනීප තත්වයක් නිසා රෝහල් ගතව ප්‍රථිකාර ලබමින් සිටි. ඉක්මන් සුව පතමු' (ජනක මධුශංඛගේ ෆේස්බුක් සටහනක්...)

සහෘද සංගීත ශිල්පීයාට ඉක්මණ් සුව ලැබේවා යැයි 'මොනරා' අපිත් ප්‍රාර්ථනා කරමු!!

පාසලට යාබද ක්‍රීඩා පිටියට යමින් සිටි සිසුවා බිලිගත් ඩෝසරය

ජේසීබී යන්ත්‍රයකට යටවී පාසල් සිසුවෙකු ඊයේ  පස්වරුවේ මියගොස් ඇති බව මතුගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සෙනුමිත ජයසුන්දර නමැති සිසුවෙකු බව පොලිසිය කීය.

මියගොස් ඇති සිසුවා මතුගම නෑබඩ පාරේ පදිංචි 12 හැව්රිදි දරුවෙකු බව සදහන් වේ.

සිසුවා චෙස් ක්‍රීඩා පුහුණුවීම් අවසන්ව පාසලට යාබද ක්‍රීඩා පිටියට යමින් සිටියදී පාසල ඉදිරිපිටදී ජේසීබී යන්ත්‍රයට යටවී ඇති බව සදහන් වේ.

මෘතදේහය වෑත්තෑව ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

ජේසීබී යන්ත්‍ර රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මතුගම මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

මතුගම මුලස්ථාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති.

(කළුතර -සම්පත් කුලරත්න)

බෙදුණු තීන්දුවකින් දසුන් ශානකට නායකත්වය හිමි වුණ හැටි එළියට එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් දසුන් ශානකව ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය ඊයේ (20වැනිදා) යළි ආපසු හැරවෙමින් තවදුරටත් නායකත්වයේ රැඳීම සඳහා ඔහුට අවස්ථාව ලබාදීමට තීරණය වී තිබේ.

ඒ අනුව එළැඹෙන එක්දින ලෝක කුසලාන සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව ඔහුට පැවරෙනු ඇත.

තරග කිහිපයකදීම පිතිකරුවෙකු ලෙසින් අසාර්ථක වූයෙන්, කණ්ඩායමට ක්‍රීඩකයෙකු ලෙසින් ලැබෙන දායකත්වයේ මද බව හේතු කරගනිමින් දසුන්ව නායකත්වයෙන් ඉවත් කර ලෝක කුසලාන තරගාවලියේදී නව නායකයා ලෙසින් කුසල් මෙන්ඩිස්ව නම් කිරීමට පෙරේදා වන විට සියල්ල තීරණය වී තිබූ අතර එම තීරණය ඊයේ දිනයේදී දසුන්ට දැනුම් දීමට ද යෙදී තිබුණි. පෙරේදා ගනු ලැබූ මෙම තීරණය සම්බන්ධයෙන් ඊයේ ‘අරුණ’ වාර්තා කිරීමට යෙදුණු අතර එම වාර්තාව පළවීමත් සමගින්, නායකයකු ලෙස අසාර්ථක නොවුණු දසුන් ශානක තවදුරටත් නායකත්වයේ රැඳිය යුතු බවට ප්‍රබල ජනතා මතයක් ප්‍රකාශ වන්නට විය. ඒ සමග ඊයේ තේරීම් කමිටුව රැස්වීමේදී මෙම තීරණය පිළිබඳව නැවතත් සලකා බැලීමට සිදුවන තත්ත්වයක් උද්ගතවී ඇති අතර එහිදී දසුන් තවදුරටත් නායකත්වයේ තබාගන්නේද යන කරුණ සම්බන්ධයෙන් බෙදුනු තීරණයක් ලැබී ඇතැයි සැලවේ. අවසානයේ වැඩි මතයට එකඟ වෙමින් දසුන් තවදුරටත් නායකත්වයේ තැබිය යුතු බවට තීන්දු වී ඇති අතර ඒ අනුව ඊයේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය වෙනුවෙන් යවන ලද ලෝක කුසලාන සංචිතයේ කණ්ඩායම් නායකයා ලෙසින් දසුන්ව නම් කර තිබුණි.

මූලාශ්‍රය – අරුණ

කොහොමද ඇමති මනුෂ නටපු නැටුම්...! ගම්මුන්ටත් සතුටුයි ඇමතිටත් සතුටුයි (VIDEO)

ඇමති මනුෂ කැරකි කැරකී නටයි - ගම්මුන්ටත් සතුටුයි ඇමතිටත් සතුටුයි - කොහොමද ඇමති නටපු නැටිල්ල

චෝදනා කළ තරුණිය ධනුෂ්ක ගේ පෙර භවය ගැන පැවසූ බවට අනාවරණයක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සහ ඔහුට එරෙහි චෝදනා එල්ල කරන ඔස්ට්‍රේලියානු කාන්තාව අතර පළමු හමුවේ සීසීටීවී දර්ශන අද (20) ප්‍රථම වරට මාධ්‍යයට නිකුත් කර තිබිණි.

අත්අඩංගුවට ගත් පළමු දිනයේ ධනුෂ්ක පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ, එම රැයේ දී ඇය තමා ගේ පෙර භවය ගැන ද පැවසු බවයි.

කෙසේ වෙතත් ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය හෙටින් අවසන් වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ දී සාරා හගට් විනිසුරුවරිය ඉදිරියේ අද තුන්වැනි දිනටත් විභාග කෙරිණි.

එහි දී ධනුෂ්ක අත්අඩංගුවට ගත් දින ඔස්ට්‍රේලියානු පොලිසියට දුන් පැය දෙක හමාරක ප්‍රකාශය අධිකරණයට ඇසීමට සලස්වනු ලැබිණි.

එහි දී ධනුෂ්ක පොලිසියට පවසා තිබුණේ, තමාට චෝදලා එල්ල කරන කාන්තාව ඇගේ නිවසේ දී හමු වූ රාත්‍රියේ තමා සහ ඇය පෙර භවයක අසල්වාසින් ලෙස සිටි බව පැවසූ බවයි.

තමන් ඇය සමඟ තායිලන්තයේ අසල්වාසීන් ලෙස පෙර භවයක සිටි බවට පැවසීමත් සමඟ ඇය ගේ ගුප්ත හැසිරීම ගැන බියක් ඇති වූ බව ධනුෂ්ක අත්අඩංගුවට ගත් දිනයේදීම ඔස්ට්‍රේලියානු පොලිසියට ප්‍රකාශ කර තිබේ.

අලුයම 03ට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලයට යා යුතු බව තමා ඇයට පැවසූ බවත් ඇගෙන් වෙන් වීම ඉතා සුහද ආකාරයෙන් සිදු වූ බවත් ධනුෂ්ක පොලිසියට දුන් ප්‍රකාශයේ සඳහන්ය.

එමෙන්ම තම හෝටලයට යාම සඳහා කුලී රථය ගෙන්වා දුන්නේ ද එම කාන්තාව විසින් බව ධනුෂ්ක පොලිසියට පවසා තිබිණි.

ධනුෂ්ක දුන් සාක්ෂියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, තමාට කාන්තාව එල්ල කරන ලද අනාරක්ෂිත ලිංගික ක්‍රියා චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

අධිකරණයේ දී අද අනාවරණය වූ තවත් කරුණක් වන්නේ, අදාළ කාන්තාව ගේ පැමිණිල්ල දුරකථනය ඔස්සේ ලියාගත් පොලිස් කාන්තාව එම සටහන් ඉරා විසිකොට ඇති බවයි.

සිඩ්නි නුවර රෝස් බේ පොලිස් ස්ථානයට අනුයුක්ත එම පොලිස් කාන්තාව ධනුෂ්ක ගුණතිලක ගේ නිතිඥ මුරුගන් තංගරාජ් යොමු කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එය පිළිගනු ලැබීය.

එය අත්වැරදීමක් ලෙස සඳහන් කළ ඇය, අදාළ කාන්තාවට ලිංගික අපයෝජන චෝදනාවක් ඉදිරිපත් කරන ලෙසට යෝජනාවක් කළේ දැයි ධනුෂ්ක ගේ නීතිඥයා නැඟූ ප්‍රශ්නය පොලිස් කාන්තාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.

එමෙන්ම ධනුෂ්ක විසින් අනාරක්ෂිත ලිංගික ක්‍රියාවක් සිදු කළ බවට අදාළ කාන්තාව මූලික පැමිණිල්ලේ සඳහන් නොවන්නේ මන්දැයි නීතිඥයා මෙහි දී විමසා තිබේ.

මේ අතර, ධනුෂ්ක ගුණතිලක සහ අදාළ කාන්තාව පළමුවෙන් හමුවූ දිනයේ සීසීටීවී. දර්ශන අද පළමු වරට අධිකරණය විසින් මාධ්‍යයට අනාවරණ කළේය.

කෙසේ වෙතත් මෙම නඩු විභාගය හෙට අවසන් වීමට නියමිතය.

මළසිරුරක් සොයා දුන්නොත් ලක්ෂ 20ක්!

වවුනියාව නෙලුක්කුලම් පොලිස් වසමේ භාරතීපුරම් ප්‍රදේශයේදී ජල ටැංකියකට වැටී මිය ගිය අවුරුදු 2 ක් වයසැති දැරියගේ මළසිරුර මිහිදන් කල ස්ථානයෙන් අතුරුදහන් වීම හේතුවෙන් සිරුර සොයා දෙන්නෙකුට රුපියල් ලක්ෂ 20 ක් ලබාදෙන බවට මියගිය දැරියගේ ඥාතීන් පවසා සිටිති.

නෙලුක්කුලම් රාසේන්ද්‍රකුලම් පොදු සුසාණ භූමියේදී පසුගිය අගොස්තු මස 27 වනදා මිහිදන් කල එල්.දිව්‍යා නැමති දැරියගේ මළ සිරුර මේ මස (සැප්තම්බර් 05 වනදා ) අදාල මිහිදන් කල ස්ථානයේ මිණිවල හාරා සිරුර කිසියම් නාදුනන පිරිසක් විසින් රැගෙන ගොස් ඇති බවට දැරියගේ ඥාතීන් විසින් නෙලුක්කුලම් පොලීසියේ සහ වවුනියාව පොලීසියට පැමිණිළි කොට තිබුණි.

කෙසේ වෙතත් මේ දක්වා අතුරුදහන් වූ දැරියගේ මළ සිරුර සමබන්ධයෙන් කිසිදු හෝඩුවාවක් නොලැබීම හේතුවෙන් දැරියගේ මව වූ දැරියගේ මිත්තනිය වූ ගුණරත්නම් රෝහිණි විසින් වවුනියාව මාධ්‍ය සමාජයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පවසා සිටියේ,

මේ වනතුරුත් කුඩා දැරියගේ අතුරුදහන් වූ මළ සිරුර සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති වීමෙන් සියලුම ඥාතීන් දැඩි සිත්තැවුලකින් පසුවන අතරම දැරියගේ අතුරුදහන් සිරුර සම්බන්ධයෙන් තොරතුරු සපයන කෙනෙකුට රුපියල් ලක්ෂ 10 ක් ලබාදෙන බවටත් සිරුර සොයාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 20 ක් ලබාදෙන බවටත් තමන්ට කෙසේ හෝ දැරියගේ මළ සිරුර අවශ්‍ය බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Google, Facebook, YouTube, TikTok, Instagram තහනම් කරන්න තීරණයක්?

Google, Facebook, YouTube, TikTok, Instagram වැනි ජාත්‍යන්තර සන්නිවේදන සමාගම්වල ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව තුළ නියාමනය කිරීමට උත්සාහ කිරීම හමුවේ මෙම සමාගම් ශ්‍රී ලංකාව හැරයාමේ තර්ජනයක් ඇතිවිය හැකි බවත් ඒ ආකාරයෙන් රටට ද්‍රෝහි නොවන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට අවධාරණය කළා.

“ඔන්ලයින් සේෆ්ටි කියල ආණ්ඩුව ගැසට් එකක් ගහලා. එමගින් මූලික මූලධර්ම උල්ලංඝනය කරනවා.

තොරතුරු තාක්ෂණ සමාගම් ලංකාවට එන එක නතර කරන්න මේ නීතිය හේතුවෙනවා.

මේක මේ ක්ෂේත්‍රයේ ආයෝජන වලට මරු පහරක්. මේ ගෝත්‍රික නීතියට අපි විරුද්ධ විය යුතුයි.“ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම සඳහාද ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම පිණිස විධිවිධාන සැලසීම සඳහාද මෙම පනත් කෙටුම්පත යොදා ගන්නා බව මෙම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

මෙම ගැසට් නිවේදනයේ දිනය ලෙස සඳහන් වන්නේ 2023 සැප්තැම්බර් 15 වනදායි.

මෙමගින් භාෂණයේ නිදහස උල්ලංඝනය වන බවත්, ජනතාවට නිදහසේ අදහස් පළ කිරීමේ මූලික අයිතිය තිබිය යුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළා.

එසේම, මෙම ගැසට් නිවේදනය මගින් ජාත්‍යන්තර සන්නිවේදන සමාගම් නියාමනය කිරීමට ශ්‍රී ලංකාව තුළ කොමිසමක් පිහිටුවීමට යෝජනා කර තිබෙන බව මන්ත්‍රීවරයා අනාවරණය කළා.

“මේ කොමිසමේ සාමාජිකයින් පත්කරන්නේ ජනාධිපති. මේ කොමිසම විසින් සත්‍ය මොකක්ද?

අසත්‍ය මොකක්ද කියල තීරණය කරනවලු. එහෙම කරන්න පුළුවන්ද?

ඒක කරන්න බෑ. මේ සමාජ මාධ්‍ය ආයතන මේ කොමිසම කියන විදිහට වැඩ කරන්නේ නෑ.

ජනතාවට සන්නිවේදන පහසුකම් දෙන Google, Facebook, YouTube, TikTok, Instagram වැනි ගෝලීය තාක්ෂණික සමාගම් මේ විදිහට ලංකාවේ නියාමනය කරන්න බෑ.

එහෙම කළොත් ඒ සමාගම් ශ්‍රී ලංකාවෙන් යාවි.“ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේ, ලෝකයේ ක‍ෘත්‍රිම බුද්ධිය වැනි තාක්ෂණයන් වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන කාලයක මෙවැනි යල් පැනගිය ලිංමැඩි නීති හඳුන්වාදීම මගින් රට තව තවත් ආපස්සට ගමන් කරන බවයි.

මෙම සමාගම් ඔස්සේ ශ්‍රී ලංකාවේ විශාල තරුණ පිරිසක් ආර්ථික කටයුතුවල යෙදෙමින් රටට සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් උපයාදෙන බව අවධාරණය කළ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මෙවැනි නියාමන ක්‍රියාමාර්ග මගින් එවැනි අවස්ථා මෙරට ජනතාවට නැතිවී යා හැකි බවයි.

අතක් අහිමි කළ යාපනයේ පුංචි දියණිය පාසල් ගිය දා… දුටු දුටුවන් නෙත් කඳුළින් බොඳ වෙයි!

උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් සිටියදී යාපනය ශීක්ෂණ  රෝහලෙන් අතක් කපා ඉවත් කළ දැරිය 19 දා යළි පාසල් ගිය අවස්ථාව ඉතා සංවේදී අවස්ථාවක් විය.
මැණික් කටුව ළගින් කපා ඉවත්  කරන ලද පුංචි වෛසාලිගේ අත දැකීමෙන් ඇගේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ආචාර්යවරු කදුළු සලන්නට වූහ.

යාපනය හින්දු ප්‍රාථමික පාසලේ ශිෂ්‍යාවක් වන ශාන්ති වෛසාලි යළි පාසල් ගිය අවස්ථාවේදි ඇයට මල් කළඹක් දී ඇගේ සහෝදර  ශිෂ්‍යාවන් පිළිගත් අතර ඇය දිරිගැන්වීම සඳහා පාසල් සංවර්ධන සමීතිය හා විදුහල්පති තුමා ඇතුළු ගුරු මණ්ඩලය විශේෂ උත්සවයක්ද සංවිධනය කොට තිබුණි.

එහිදී ඇගේ අනාගතය වෙනුවෙන් ලබා දිය හැකි සියළුම පහසුකම් ලබා දීමට පාසල් සංවර්ධන සමීතිය එකඟ වූ අතර යාපනයේ තවත් ස්වේච්ඡා සංවිධාන කීපයක්ම ඇයව දිරි ගැන්වීම සඳහා ඉදිරිපත් වී සිටිති.

අට හැවිරිදි මෙම දැරියට අවශ්‍ය මනෝ ප්‍රතිකාර ලබා දීම සඳහා යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී  ඇත.

දැරිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය මේ ම්ස 27 දා යළි විභාගයට ගැනීමට නියමිතය.

දිනසේන රතුගමගේ