gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහවැලි ගඟ අයිනේ හිටපු මහරගම සීතාට වන ජීවි නිලධාරීන් වෙඩි තියලා (VIDEO)

මහියංගනය රජ මහා විහාරයේ පෙරහැරට සහභාගී වූ ඇතින්නක් පෙරහැර නිම වීමෙන් පසුව මහවැලි ගඟ අයිනේ ගැටගසා සිටිය දී වනජීවී නිලධාරීන් විසින් වෙඩි තබා ඇති බව වාර්තා වනවා.

ගඟෙන් පැමිණි වන අලියෙකු යැයි සිතා වනජීවී නිලධාරීන් විසින් අද (30) අලුයම මෙම සත්වයාට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.


ඇතින්නට වෙඩි තැබූ බවට සැකකෙරෙන වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වන ජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරයකු පැමිණ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඇතින්නට ප්‍රතිකාර කිරීම අරඹා ඇති බවයි වාර්තා වන්නේ.


මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ අවුරුදු 47ක් වයසැති මහරගම සීතා ඇතින්නට බවයි තොරතරු වාර්තා වුණේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka