gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හෙට සිට නීතිය ක්‍රියාත්මකයි.. භාණ්ඩ රැසක් තහනම් කරයි

හෙට (01) දිනයේ සිට තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්.පතිරගේ සදහන් කරයි.

ඒ අනුව ගැසට් නිවේදනය කඩ කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතියමය පියවර ගන්නා බවත් හෙට (01) දිනයේ සිට අදාළ වැටලීම් සිදු කරන බවද සභාපති සුපුන් එස්.පතිරගේ සදහන් කරයි.

එම තහනමට අනුව තනි භාවිත ප්ලාස්ටික් බීම බට සහ කලතන, තනි භාවිත ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි,ප්ලාස්ටික් මල් මාලා, ප්ලාස්ටික් ඉඳි ආප්ප වට්ටි යන අයිතම හෙට (01) දිනයේ සිට තහනම් කර ඇත.

මෙම දිනයෙන් පසු උක්ත අයිතම රට තුළ නිෂ්පාදනය, දේශීය භාවිතය සඳහා ආනයනය, විකිණීම, විකිණීම සඳහා අර්පණය, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, නොමිලයේ පිරිනැමීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka