gossip lanka

"අම්මේ තාත්තා නැන්දා කෙනෙක් එක්ක මහරගමදි දැක්කා" - සීල සමාධි වැඩසටහනට කාන්තාවකුත් සමග ගිය සැමියාට අවසානයේ වුණ දේ මෙන්න

කාර්යාලයේ තිබෙන සීල සමාධි වැඩසටහනට යන බව පවසා වෙනත් කාන්තාවක් සමග ගොස් දන්සලක ආහාර ලබාගන්නා අයුරු රූපවාහිනි ප්‍රවෘත්තිවලින් දුටු බිරිඳ සැමියාට ලබාදුන් අපූරු දඩුවමක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය නගරයකින් වාර්තා වනවා.

එම සැමියා කාර්යාලයේ ඇති සීලසමාධි වැඩසටහනට යාමට සූදානම් වෙමින් සිටියේ පොහොයට සතියක පමණ කාලයක සිටය.

ඔහුගේ බිරිඳ ඒ සඳහා අවශ්‍ය කළමනා සියල්ල අඩුවක් නැතිව සකසා දීමට වගබලා ගත් අතර දහවල් දානය කාර්යාලයෙන්ම සපයන අතර බිරිඳට සහ දරුවන්ට නිවසේ සිටින ලෙස සැමියා පවසා උදේම පෙහෙවස් සමාදන් වීම සදහා පිටව ගියා.

එම බිරිඳ සහ සැමියා යන දෙදෙනාම රජයේ සේවකයන් වන අතර ඔවුහු ප්‍රදේශ දෙකක කාර්යාල දෙකක සේවය කළ අතර සැමියාට රජය විසින් ලබාදෙන ලද යතුරු පැදියක් සහ බිරිඳට සිය පියා ලබාදුන් මෝටර් රථයක් තිබුණා.

නිවසේදී මල් පූජා කිරීම සඳහා සුදානම් කරමින් සිටිද්දී දරුවන්ගේ කෑ ගැසීම නිසා  සාලයට දිව ආ බිරිඳට “අම්මේ තාත්තා නැන්දා කෙනෙක් එක්ක දන්සලේ බත් කනවා දැන් පෙන්නුවා” යැයි දරුවන් පැවසීම නිසා ඇයට උන්හිටි තැන් අමතක විය.

සැමියාට ඇමතුමක් ගත්තද දුරකතනය ද ක්‍රියා විරහිත කර තිබුණා.

දරුවන් එහාට මෙහාට වන්නට හැර අන්තර්ජාලයෙන් ප්‍රවෘත්ති වැඩසටහන බාගතකර නැරඹූ ඇය හට සැමියා කාන්තාවකව සමග දන්සලක ප්‍රයිඩ්රයිස් කන අයුරු පැහැදිලිව දර්ශනය විය.

ඇය නැවත සැමියාට කඩිනමින් ඇමතුමක් ලබා ගත්තද ඔහු ඇමතුමට ප්‍රතිචාර නොදැක්වූ නිසා ඇය  දරුවන් සමග ඇයගේ මහ ගෙදර ගිය අතර ගේට්ටුවට ඉබියතුරු දමා යන්නට අමතක නොකළා.

රාත්‍රී නිවෙසට පැමිණි සැමියා ගේට්ටුව වසා දැමීම ගැන විමසීමට ඇමතුම් ලබාගත්තද බිරිඳ එයට ප්‍රතිචාර නොදැක්වූ නිසා ඇය මහගෙදර යන්නට ඇතැයි සිතා එහි ගිය සැමියාට බිරිඳගේ සහෝදරයන් දෙදෙනාගෙන් මුහුණ දෙකම්මුල් රතුවන සංග්‍රහයක් හිමිවූ අතර පවුලේ අයගේ දැඩිලෙස දෝෂාරෝපණයට ද ලක්වුුණ අතර නිරුත්තර වූ සැමියාට බිරිඳ විසින් විඩියෝ දර්ශනයද ප්‍රදර්ශනය කර පෙන්නුවා.

සැමියාගේ යතුරු පැදියේ බලපත්‍ර සියල්ල හා යතුර ඇය ලබාගත් අතර සැමියා සිය මෝටර් රථයේ නංවා ගෙන ගොස් නිවසේ සහ ගේට්ටුවේ යතුරු ඔහුට ලබාදි නිවස අසලින් බස්සවා ඇය නැවත මහගෙදර ගිය අතර දරුවන් සමග ඇයගේ මහගෙදර නැවතුනා.

කිලෝ මීටර් හතරක් පමණ පා ගමනින් ප්‍රධාන මාර්ගයට පැමිණ බස් රථයක නැගී දිනපතා රාජකාරියට යාමට සැමියාට පසු දින සිට සිදුවූ අතර යතුරු පැදියට කුමක් වුවාදැයි කාර්යාල මිතුරන් විමසූ විට එහි කාර්මික දෝෂයක් නිසා සිල් සමාදන් වීමට පැමිණිය නොහැකි වූවා යැයි බොරුවක් කීවද සිද්ධිය කාර්යාලයට ද ආරංචි වීමට වැඩි දිනක් ගත නොවීය.

අනෙක් කාන්තාව සහ සැමියා ආයතන ප්‍රධානියාගේ දැඩි දෝෂ දර්ශනයට ද ලක්විිය.

මිතුරන් ගේ උසුළු විසුළු දරාගත නොහැකිව සැමියා සතියක් නිවාඩුව ලබාගෙන නිවසේ ගතකරන අතර කාන්තාවට වෙනත් කාර්යාලයකට කඩිනම් ස්ථාන මාරුවීමක් ලැබුුුණා.
gossip lanka