gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගාල්ලේ මවක් දාහතර හැවිරිදි මල් කැකුළකගේ ඇඟ විකුණන්න කොළඹට අරන් ඇවිත් – ජාවාරමට අනියම් සැමියාත් හවුල්!

බාල වයස්කාර දැරියක ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා ගාල්ලේ සිට දෙහිවල දක්වා අධිවේගී මාර්ගයෙන් රැගෙන යමින් සිටි මවක් කොට්ටාව අධිවේගී පිවිසුමේදී අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි මවක් සහ 14 හැවිරිදි බාලවයස්කාර දැරියක් බව පොලීසිය කියයි.

මේ කාන්තාව ඉකුත් 10 වැනිදා සවස ගාල්ලෙන් ගාල්ලේ සිට මාකුඹුර දක්වා ධාවනය වන සුඛෝපබෝගී බස් රථයකට නැඟ තිබුණා.

පසුව කාන්තාව බස් රථයේ අසුන්ගෙන සිටියදී ඇයගේ සහ දියණියගේ සැකකටයුතු හැසිරීමත්, නිරන්තරයෙන් ලබාගන්නා දුරකථන ඇමතුම් පිළිබඳවත් විමසිල්ලෙන් සිටි බස් රථයේ කොන්දොස්තර ඒ පිළිබඳව ගැලණිගම අධිවේගී පිවිසුමේ පොලිස් මුරපොළට තොරතුරක් ලබාදී තිබුණා.

තොරතුර වහාම කොට්ටාව අධිවේගී පොලිස් මුරපොළේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන මහතාට ලබාදී ඔහුගේ උපදෙස් මත පො’සැ’ (61760) ලංකාජීව කොට්ටාව පිවිසුමෙන් පිටවීමට පැමිණෙන බස් රථය නවතා පරීක්ෂා කිරීමේදී සැකකටයුතු ලෙස හැසිරුණු කාන්තාවක් සහ දැරියක් ප්‍රශ්න කිරිම සඳහා පොලිස් භාරයට ගෙන තියෙනවා.

එහිදී කළ මූලික ප්‍රශ්න කිරීම්වලදී ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේ සිට දැරිය දෙහිවල ප්‍රදේශයට රැගෙන ගොස් එහිදී දැරිය මුදලට අළෙවි කිරීමේ සැලසුමක තොරතුරක් අනාවරණය වූ බව පොලීසිය කියයි.

පසුව කාන්තාව සහ දැරිය අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මව විසින් සිය දියණිය මුදලට අළෙවි කිරීම සඳහා රැගෙන යන බවත් ඇයගේ අනියම් සැමියාගෙන් දැරිය දූෂණයට ලක්වීම නිසා මෙසේ දැරිය අළෙවි කොට ජීවනෝපාය සලසා ගැනීමට කලක සිට ජාවාරම කරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය කියයි.

සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාවගේ අනියම් සැමියා සහ දැරිය මුදලට අළෙවි කිරීම සඳහා දෙහිවල ප්‍රදේශයේ ජාවාරම මෙහෙයවන පුද්ගලයන් සොයා විමර්ශනයක් ආරම්භ කළ බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව සහ බාල වයස්කාර දැරිය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා හෝමාගම මූලස්ථාන පොලීසියට භාරදීමට නියමිතව තිබුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka