gossip lanka

සිඟිති දරුවා ඇකයේ හොවාගෙන මත් කුඩු පානය කළ 25 හැවිරිදි මව

බොහෝ නගර ස්ථාපිත කර ඇති විවිධ බැංකුවලට අයත් ස්වංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) ආශ්‍රිතව මුදල් ගණුදෙනු කරන පාරිභෝගිකයින්ගෙන් මුදල් සිඟමනේ යෙදෙන යාකයින් අපට හුරුපුරුදු දර්ශනයක්.

එසේ ATM යන්ත්‍ර ආශ්‍රිතව රැඳි සිටිමින් සිඟමනේ යෙදෙමින් එම මුදල් වලින් මත් කුඩු භාවිතා කරන කාන්තාවක් ඊයේ (29) හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 25 ක කාන්තාවක් වන මැය පොල්ගස්ඕවිට පාලමගම ප්‍රදේශයේ පදිංචි කාරියක් වන අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇගේ මාස 8 පමන වයස පිරිමි දරුවාද ඇගේ ඇකයේ සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

මැය මීට දස මසකට ඉහතදී පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පිහිටි රූපලාවන්න්‍යාගාරයක සේවය කර ඇති අතර එහි සේවය කරන කාලය අතරතුර එම රූපලාවන්න්‍යාගාරය හිමි කාන්තාව සමග මත්කුඩු පානයට හුරුවී ඇති බව සඳහන්.

අත්අඩංගුවට පත් කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය දිනකට පැය තුනක කාලයක් මෙසේ සිඟමන් යෙදීමෙන් රුපියල් 2500 ක පමන මුදලක් උපයා ගන්නා බව ප්‍රකාශ කළා.

එම මුදලින් දිනකට දෙවරක් මත් කුඩු භාවිතා කරන බවත් එක් වරකදී මත්කුඩු සඳහා රුපියල් 600 ක මුදලක් අවශ්‍ය වන බවත් ඒ අනුව දිනකට මත් කුඩු සඳහා පමණක් රුපියල් 1200 ක මුදලක් ඇය වැය කරන බව කියා සිටියා.

ඇය අතුළු 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස ATM යන්ත්‍ර ආශ්‍රිතව සිඟමන් යෙදීමේ නිරත වන බව ඇය ප්‍රකාශ කර තිබුණා.

තම දරුවා ලැබීමට සිටි අවදියේදී ඇගේ ස්වාමිපුරුෂයා ඇය අතහැර ගොස් ඇති බවයි ඇය වැඩිදුරටත් පොලිසිය හමුවේ ප්‍රකාශ කළේ.

සැකකාර කාන්තාව අද (30) හොරණ වැඩබලන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
gossip lanka