gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රූමත් සේවිකාවන්ට කරදර කරන පාර්ලිමේන්තු වැඩ්ඩා කවුද? රටේ උත්තරීතර කියන තැනින් ඇහෙන තවත් එක් කතාවක් මෙන්න

පාර්ලිමේන්තුව කියන්නේ අපේ රටේ උත්තරීතරම ආයතනය කිව්වොත් හරි...

ඒත් එහෙම තැන්වලිනුත් මේ වගේ කතා ඇහෙනවා..

කොහොම වුණත්, විනයක් නීතියක් රැකෙන්න ඕන තැනක ඇහෙන මේ වගේ කතා ඇත්තෙන්ම හරි අශෝබනයි....

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි සමහර ප්‍රධානීන් විසින් ලිංගික හිරිහැර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට සූදානම් වන පුවතක් වාර්තා වෙනවා..

ඔහු මෙම විධිමත් පරීක්ෂණ ආරම්භ කළේ පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගේ දැනුම්දීම අනුවයි....

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ පැවැත්වූ කමිටුවේ වාර්තාව එහි ප්‍රධානීන් විසින් පාර්ලිමේන්තු මහලේකම්වරියට පසුගියදා බාර දි තිබෙනවා...

එම වාර්තාවෙන් හෙළිදරව්වී ඇති කරුණු පදනම් කරගෙන මෙම විධිමත් පරීක්ෂණය ආරම්භ කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ...

සිද්ධිය පිළිබඳව මූලික පරීක්ෂණ පවත්වනු ලැබුවේ පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂිකා තච්චනා රාණි මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කණ්ඩායමක් විසින්... ඊට ඇතුළත්වූ අනෙක් සාමාජිකාවන් දෙදෙනාවූයේ සහකාර අධ්‍යක්ෂිකා ඉන්දිරා දිසානායක සහ හැන්සාඩ් සංස්කාරිකා නයනි ලොකු කොඩිකාර යන අයයි...

එසේම මෙම ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහ පාලක ඇතුළු නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කෙරුණා...

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ඔවුන්ට චෝදනා පත්‍ර බාරදී නිදහසට කරුණු විමසීමට නියමිතයි..

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ විධිමත් පරීක්ෂණයේ වාර්තාව ලැබුණු පසු එහි නිර්දේශ අනුව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවයි...

පාර්ලිමේන්තුවේ මෙවැනි අශෝභන ක්‍රියා ඉදිරියේදී වැලැක්වීමට සියලු පියවර ගන්නා බවද ඇය සඳහන් කර ඇත්තේ..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka