gossip lanka

"මම මෙයා එක්ක උළු මෝ‍ලේ වැඩ කරනවා.. ඔයා වෙන අතක් බලාගන්න.." බෑණා සමඟ පවුල් වෙන්න ගිය නැන්දම්මා, දුවත් පරිවාසයට භාරදීලා කරපු වැඩේ නිසා සැමියාට තරු පෙනිලා

ඇය කොහොමත් නොහික්මුණු ගති ඇති දියණියක්..

මවත් විදෙස්ගතවී ඉන්න නිසා ඇය හිතේ හැටියට ඇගේ වැඩකටයුතු කරගෙන ගියේ කාගේවත් වචනයකට කීකරු නොවීමයි..

ගම්බද ප්‍රදේශයක ජීවත් වුණ අඹුසැමි යුවළට මේ තරුණ වයස නොඉක්මවූ අඩු වයස් දැරිය නිසා අහන්න වුණු කතා නිමක් නැහැ..

මෙම දැරිය තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් හොර රහසේම නිවෙසින් පලා යාම හේතුවෙන් ප්‍රදේශයේ පොලිසියට පැමිණිලි කොට ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ බාල වයස්කාර එම දැරිය පරිවාස කඳවුරක් වෙත යොමු කර තිබුණා...

මෙම සිදුවීමෙන් පසුව බිරිය විදෙස්ගතව සිට යළි දිවයිනට පැමිණියේ මෙවර සිංහල අලු‍ත් අවුරුද්දට සතියකට පෙරයි..
දියණිය සමග ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගිය තරුණයා ප්‍රදේශයේ මේසන් වැඩ කරමින් ජීවත් වන අතර, මෙම අඹු සැමි දෙදෙනා අතර ද ඉතාමත් කුලු‍පගව සිටින අයෙකු බවටයි වාර්තා වෙන්නේ..

මේ අතර, පරිවාස කාර්යාලයෙන් දියණියට අලු‍ත් අවුරුද්දට කෙටි නිවාඩුවක් දීමෙන් පසුව ඇය තම නිවෙසට පැමිණියා..
තමාගේ දියණිය සමග ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගිය තරුණයාට අවුරුදු පාටියක් දීමට සැමියා සහ බිරිය තීරණය කර තිබුණා.. ඒ අනුව පැවති සාදය ජයටම යන විට සිදුවී තිබුණේ කවුරුත් නොසිතන දෙයක්..

මධ්‍යම රාත්‍රිය ගත වන විට සාදයේ පිරිස සීසීකඩ වැටී ගොරවන්නට වුණා... සැමියා පාන්දර අවදි වී බලන විට දියණියත් බිරියත් නිවෙසින් අතුරුදන් බාල වයස්කාර දියණියගේ පෙම්වතා ද පෙනෙන්නට නොසිටි අතර, ඔහු කලබල වී විපරම් කර බලන විට ලියුම් කඩදහියක් මේසය උඩ පෙනෙන්නට තිබුණා..

එහි සඳහන්ව තිබුණේ, බිරියත්, දුවත් දෙදෙනාම ප්‍රේම සම්බන්ධතාව පැවැත්වූ තරුණයා සමග දංකොටුව ප්‍රදේශයේ උළු මෝලකට යන බවයි.. එපමණක් නොව එහි තවත් විශේෂ වාක්‍යයක් සඳහන්ව තිබුණා.. එහි සඳහන් වුණේ මෙහෙම කතාවක්..

''මම දුව පරිවාසෙට භාර දෙනවා. එයාගේ කල වයස හරි යනකන් මම මෙයා එක්ක උළු මෝ‍ලේ වැඩ කරනවා. ඔයා වෙන අතක් බලාගන්න.''

මේ ලිපිය නිසා සැමියා අන්දුන්කුන්දුන් වෙලා.. ඔහුගේ ඥාති පිරිස පැමිණ මේ බව පොලිසියට දැනුම් දෙන ලෙස කීවත්, සැමියා පොලිසියට පැමිණිලි කිරීමට අකැමැති වී ඇත්තේ ලැජ්ජාව දරාගත නොහැකි තැනයි..
gossip lanka