ජාතික ගීය මැද කලන්තය දැමූ දරුවාට මෙන්ඩිස්, සෙනෙහසින් වාරු දුන් හැටි (VIDEO)

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය ඊයේ පස්වරු 2.00කට ඉන්දියාවේ පුනේහි මහාරාෂ්ට්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

එම තරඟය ඊයේ ශ්‍රී ලංකාව පරාජය වූවද කුසල් මෙන්ඩිස් සිදු කළ ක්‍රියාවක් සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක් වෙනවා.

තරඟය ආරම්භයේ ජාතික ගීය ගායනා කරන අවස්ථාවේදී දරුවෙකු ක්ලාන්ත වී වැටීම සමඟ කුසල් මෙන්ඩිස් එම දරුවාට වාරු දෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙනවා.

එම වීඩියෝව පහතින්,

හොර වැඩ ටික ටික එලියට... ගයාත‍්‍රිගේ රහස් වීඩියෝවක් ජනකගෙන් පනී

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගෙන් තමන්ට තර්ජන එල්ල වන බවට කාන්තාවක් සිදුකර ඇති පැමිණිල්ලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ඊයේ (30) පොරොන්දුවක් ලබා දුන්නේය.

ජනක රත්නායක මහතා සමඟ සමීප සම්බන්ධයක් පැවැත්වූ බව කියන මේ වනවිට විදේශගතව සිටින ගයාත්‍රි බිම්බා නමැති කාන්තාවක් ගොනුකළ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෂනිල් කුලරත්න මහතා මෙම පොරොන්දුව ලබා දුන්නේය.

එසේම ඇයට එරෙහිව ජනක රත්නායක මහතා විසින් සිදුකර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම කාන්තාව අත්අඩංගුවට නොගන්නා බවටද ප්‍රතිඥාවක් ලබා දෙන ලදි.

එම පැමිණිල්ලට අදාළව ජනක රත්නායක මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ ද යන්න පිළිබඳව මීළඟ දිනයේදී අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියම කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්. සී.බී. එස්. මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය ලබා දෙන ලදි.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් මහතා පෙත්සම්කාරිය වෙනුවෙන් දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළේය.

පෙත්සම්කාර කාන්තාව ජනක රත්නායක මහතා සමඟ වසර 17ක් පමණ සමීප පෞද්ගලික සම්බන්ධතාවක් පැවැත්වා ඇති බවත් ඒ මහතා කීය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස ජනක රත්නායක මහතා කටයුතු කරද්දී මාසයකට රුපියල් 375000/- ගාස්තුවකට නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැණිව ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා මර්සිඩිස් බෙන්ස් වාහනයක් ලබාගෙන තිබූ බව නීතිඥවරයා සඳහන් කළේය.

එය පෙත්සම්කාරියට අයත් සමාගමක නමින් ලියාපදිංචි කර ඇති බවත් මේ පිළිබඳව තොරතුරු කෝප් කමිටුවේ දී අනාවරණය වූ බවත් නීතිඥවරයා කීය.

මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පරීක්ෂණයක් ආරම්භ කිරීමෙන් පසුව පෙත්සම්කාරියට ජනක රත්නායක මහතාගෙන් විවිධ තර්ජන එල්ල වීමට පටන් ගත් බවත් පෙත්සම්කාරියගේ දර්ශන ඇතුළත් පෞද්ගලික වීඩියෝ පටයක් මුදාහරින බවට ඔහු විසින් ඇයට තර්ජනය කළ බවත් නීතිඥවරයා කීය.

මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත එම කාන්තාව පැමිණිල්ලක් ඉදිරිපත් කළද ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවූ බව ඔහු සඳහන් කළේය.

මේ හේතුවෙන් ඇයට විදේශගත වීමට සිදු වූ බව ද ඔහු කීය.

අනතුරුව ජනක රත්නායක මහතා විසින් පෙත්සම්කාරියට එරෙහිව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව නීතිඥවරයා කීය.

එම පැමිණිල්ල මත සිය සේවාදායිකාව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති බව ද ඒ මහතා කීය. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෂනිල් කුලරත්න මහතා සඳහන් කළේ මෙම පෙත්සමට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන බවය.

කෙසේ වුවද පෙත්සම්කාරිය අත්අඩංගුවට නොගන්නා බවට සහ ඇයගේ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවට තමාට සහතික විය හැකි බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කීය.

කරුණු සලකා බැලූ අධිකරණය මෙම විමර්ශනවල ප්‍රගතිය සලකා බැලීම සඳහා පෙත්සම නොවැම්බර් මස 15 වැනිදා කැඳවීමට තීරණය කළේය.

නෙල්කා මැදගෙදර
Dinamina

තරුණයන් පිස්සු වට්ටන සරාගී සචිනි අයේන්ද්‍රා මේ දිනවල ඇමරිකාවේ ගෙවන ජීවිතය - (PHOTOS)

මේ දිනවල සුරූපී නිළි සචිනි අයේන්ද්‍රා නිවාඩු පාඩුවේ ඇමරිකාවට ගිහින් පවුලේ අය එක්ක හිතේ හැටියට විනොද වෙනවා.

බලන්නකො එයා ගිහින් තියෙන්නේ කොහෙද කියලා.

මේ ඡායාරූප දැක්ක එයාට ආදරේ කරන අය නම් කිව්වේ "හොලිවුඩයට ගියොත් නම් මෙයාව නවත්ත ගනියි කියලා"

විනාඩි ගානට ගණන් කියා ඊෂිකෑස් ක‍්‍රමයට ගණිකාවන් විකිණන රාජගිරියේ පොට් එක!

රාජගිරියේ තෙමහල් ගොඩනැගිල්ලක එක්මහලක් රුපියල් ලක්‍ෂයක කුලී පදනමක් මත ලබාගනිමින් සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් ඊෂිකෑස් ක‍්‍රමයට ගණිකාවන් ඇලෙවි කළ ගණිකා මධ්‍යස්ථානයක් වැටලූ වැලිකඩ පොලිසිය කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අන්තර් ජාලය ඔස්සේ දැන්වීම් පළකර ඒ අනුව ඒ ඒ කාල සීමාවන් සඳහා මෙම මධ්‍යස්ථානය මගින් කාන්තාවන් සපයා ඇතැයි පොලිසිය කියයි.

මෙහිදී අදාළ කාන්තාවන්ගේ පහස ලබාගන්නා කාලසීමාවන් අනුව මුදල් අය කෙරෙන අතර විනාඩි 5 කට රු.500 ක්, විනාඩි 10 ක කාලක් සඳහා රු.1000 ක් විනාඩි 15 ක් සඳහා රු.2500 ක් හා වැඩි වන කාලසීමාවන් අනුව එම අය කිරීම් ඉහළ යන බවත් පොලිස් පරික්‍ෂණවලදී අනාවරණය වූ බවත් පොලිසිය කියයි.

මෙයට පෙර අවස්ථා තුනකදී මෙම මධ්‍යස්ථානය වැටලීමට ලක්කර තිබූ බවත් සඳහන් කරන පොලිසිය එහිදී කාන්තාවන් 11 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත් කියයි.

මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගිය පුද්ගලයා වැටලීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ නොසිටි අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙහිදී අත්අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනා රාගම හා කෑගල්ලේ පදිංචි වයස අවුරුදු 44 හා 22 යන වයස් කාණ්ඩවල පසුවන්නියන් වන බව පවසන පොලිසිය එම කාන්තාවන් සමග අත්අඩංගුවට පත් පිරිමි පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 47 ක් හා 26 ක් වන රාජගිරිය හා බොරලැස්ගමුව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව පවසයි.

දරුවන්ගේ බඩගිනි නිවන්න ගස්ලබු ගෙඩි තුනක් කැඩූ පියාට පනස් දහසක ඇප!

කුසගින්නේ හඬනා තම දරුවන්ට ආහාර ලෙස ලබාදීමට අන්සතු ඉඩමකින් ගස්ලබු ගෙඩි තුනක් සොරාගත් පුද්ගලයකු දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට පනස්දහසක ඇපයක් හා ශරීර ඇපයක් තබන ලෙසත්, නොවැම්බර් 27 වැනිදා නැවත අධිකරණයේ පෙනී සිටින ලෙසත් වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රසන්න කොඩිතුවක්කු මහතා විසින් නියම කෙරිණි.

මෙසේ නියම වූයේ චුලම්පිටිය ගමගේ සුදම් කුමාර නමැති වේපතඉර හක්මණ පදිංචිකරුවකුටය.

දින ගණනාවකින් තම දරුවන්ට කුසට නිසි අහරක් දෙන්න බැරි වූ නිසා මෙම දෙය ඔහු කළ බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චම්පිකා ගමගේ මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් කීවේය.

හක්මණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතාගේ උපදෙස් මත පො. සැරයන් 925 සෝමසිර මහතා පෙනී සිටියේය.

මුලටියන – කේ. වසන්ත

"අක්කී, ඔයා අම්මා කෙනෙක් වෙන්න ආස නැද්ද?" - රසිකයන්ගේ ප්‍රශ්නවලට ශලනි දුන්න උත්තර....

ශලනි තාරකා කියන්නේ කවුරුත් දන්නා, ආදරය කරන අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.

ඇය කවදත් සමාජ මාධ්‍යයේ හරිම සක්‍රීය චරිතයක්.

ඉතින් ශලනි එයාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ රසික රසිකාවියන්ට තමන්ගෙන් ඕනිම ප්‍රශ්නයක් අහන්න අවස්ථාවක් ලබාදීලා තිබුණා.

මේ තියෙන්නේ කට්ටිය අහලා තියෙන ප්‍රශ්න සහ ශලනි ඒවට දීලා තියෙන උත්තර....

ගණේමුල්ලේ සංජීව රදවා සිටින ස්ථානය වීඩියෝ කළ කැමරාකරු අත්අඩංගුවට!

මහා පරිමාණ මත් කුඩු ජාවාරම්කරුවකු මෙන්ම, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන වන‘ගණේමුල්ලේ සංජීව' නමැත්තා රැදවුම් නියෝග මත රඳවා සිටින වීරඟුල පොලිස් ස්ථාන ගොඩනැගිලි, එහි ක්‍රියාත්මක ආරක්ෂක විධිවිධාන, නිට්ටඹුව පොලීසිය, තිහාරිය නගරයේ පිහිටීම ආදිය වීඩියෝගත කළ තරුණයෙක් එම ජංගම දුරකතනය ද සමග නිට්ටඹුව මූලස්ථාන පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී මෙම දර්ශන එහි තිබී හමු වූ බව පොලීසිය පවසයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,
 
නාවලපිටිය කහටෝවිට පදිංචි, විසිහත් හැවිරිදි තරුණයකු බවත්, ඔහු ත්‍රිරෝද රථ රියැදුරකු වශයෙන් කටයුතු කරන බවත් පොලීසිය කියයි.මෙම තරුණයා ත්‍රිරෝද රථ රක්ෂණාවරණයක් ලබාගැනීමට පැමිණිලි පිටපතක් ළබා ගැනීම සඳහා ඉකුත් දා (27 වැනිදා) නිට්ටඹුව මූලස්ථාන පොලීසියට ගොස්, එහි රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂක මංජුල මහතා හමු වී, ත්‍රිරෝද රථයේ අනතුරක් සම්බන්ධයෙන් ඔහුගේ දුරකතනයේ ඇති ඡායාරූප එම නිලධාරියාට පෙන්වමින් සිටියදී එහි තිබී මෙම වීඩියෝ දැක ඇති බව පොලීසිය පවසයි.

එම ජංගම දුරකතනය තවදුරටත් පරීක්ෂා කිරීමේදී, වීරඟුල පොලිස් ස්ථානය හා එහි ගොඩනැගිලි, එහි ආරක්ෂක තත්ත්වය, වීරඟුල වසමේ දමා ඇති මාර්ග බාධක,
 
නිට්ටඹුව පොලිස්  ස්ථානය, තිහාරිය නගරයේ වැදගත් ස්ථාන වීඩියෝ කළ දර්ශන ඔහුගේ ජංගම දුරකතනයේ තිබූ බව ද පොලීසිය කියයි. මෙම ස්ථාන වීඩියෝගත කිරීමට සාධාරණ හේතුවක් පැවැසීමට සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු අපොහොසත් වී ඇති බව පොලීසිය පවසයි. කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා ගණේමුල්ලේ සංජීව හෝ ඔහුගේ ගෝලයන්ගේ සැලසුමකට අනුව, ඔහු මෙම ස්ථාන වීඩියෝගත කළේ ද යන්න ගැන සැක කරන බව පොලීසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව, පැය 72ක රැඳවුම් නියෝග මත පොලීසිය රඳවාගෙන, ප්‍රශ්න කරමින් පසු වේ.

  ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

ලොවක් ආදරය කළ සුප්‍රසිද්ධ නිළියක් සියදිවි හානිකරගනී....

ඇගේ රංගනයට , ඇගේ ඒ රූපයට වසඟ වුණ බොහෝ රසික රසිකාවියන් පිරිසක් ඇය වටා එකතුව සිටියා..

ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම පැමිණි ඇගේ කතාව කවදාවත් මෙවැනි හැරවුම්ලක්ෂයකින් වෙනස්වේවි කියන්න කවුරුත් හිතන්න නැතුව ඇති...

ඉන්දීය සිනමාවේ සුප්‍රසිද්ධ මලයාලම් නිළියක් වන රෙන්ජුෂා මෙනන් ගෙල වැලලාගෙන මෙලෙස මිය ගොස් තිබෙනවා...

තිරුවානන්තපුරම් ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී ඇයගේ සිරුර සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ...

මියයන විට ඇය 35 හැවිරිදි වියේ පසු වී තිබෙනවා...

රෙන්ජුෂා මෙනන් සිය සැමියා සමඟ මෙම නිවසේ පදිංචිව සිට තිබීම විශේෂත්වයක්...

ඇගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රැගෙන ගොස් ඇති අතර මෙය ඝාතනයක්ද නැතිනම් සියදිවි නසාගැනීමක්ද යන්න සෙවීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ...

“අද වගේම හැමදාටම, අපිට අප්පච්චිගෙ පිහිටයි” – අලුත් ආරම්භයක් ගත් මාධවී අප්පච්චි ගැන කියු කතාව

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

ජැක්සන්ගේ අතීතය ගැන හෝ ජැක්සන්ගේ අතිශය පුද්ගලික දේත් ජැක්සන්ගේ මරණය හා සමඟ එළියට ඇවිත් තිබුණා.

මාධවී පියා ගැන සඳහන් කරමින් සටහනක්ද තබා තිබුනා.

අද වගේම හැමදාටම, අපිට අප්පච්චිගෙ පිහිටයි! ???? ස්තූතියි තනි නොකර හයියක් වෙච්ච අපේ කොල්ලො කෙල්ලො සෙට් එකේ හැමෝටම! පැළෙන්න ආදරෙයි ????

මධු ආයෙම ඒවා කිවුවා!... මුලින්ම මිනිබිරි දැක්කම මොන තරම් සතුටු වුණාද? - මධුමාදවගේ පියාගේ වියෝවෙන් තැවෙන නිල්මිණි!

නිල්මිණි තෙන්නකෝන්ගේ සහ මධුමාදවගේ 'විවාහය' දෙදරා යාම ගැන, 'නිල්මිණි' අනේක වාරයක් කරුණු කියා ඇති. ඈ ඇගේ පුංචි කිරි සප්පයා (ස්වේතා....) එක්ක 'යළි නොඑන්නම' යන්න 'තීන්දුවක්' ගත්තට පස්සෙ 'ඈ' ගැන අනුකම්පාවෙන් ප්‍රේක්ෂකයින් ඈ දිහාවට 'ඇස්' අලෝගෙන හිටියා.

'නිල්මිණි' නොලීවත්, මධුමාදව සැරින් සැරේ ඒ 'ආදර කතාවේ' වතගොත මුහුණූ පොතේ ලියා තිබුණා.

වරින් වර ඇවිත් නෑවිත් යන 'ගැහැනු අවතාර' බොහෝමයක් හිටියා වුණත් 'නිල්මිණි'ට 'ස්වේතා'ට තියෙන 'ලැදියාව' ගැන මධුමාදව 'හදවතින්'ම ලියා තිබුණූ තැන් බොහෝම යි.

පසුගිය දවසක 'මධු'ගේ ආදරණීය පියා ජීවතුන් අතරින් සමුගන්නවා. ඔහු 'සුනිල් සිරිවර්ධන'.... සංගීතයේ ප්‍රවීණයෙක්. මධූ ගැයූ ගීතවල ඇත්ත 'අයිතිකරුවා'...

විටින් විට 'සුනිල් සිරිවර්ධනයන්' වත් මධූගේ මුහුණු පොත ඇතුළේ දකින්න පේන්න හිටියා. (නොහිතපු මොහොතක ඔහු නික්ම යනතුරුම...)

'සුනිල් සිරිවර්ධන' නික්ම යාම, නිල්මිණි තෙන්නකෝන්ටත් වඩා වැඩිපුර දැනෙන්න ඇති. රිදෙන්න ඇති.

ඒ නිසාම 'දීර්ඝ සටහනකින්' ඈ ඔහු හා බැඳුනු 'මතක' මෙසේ ලියා තිබුණා.

'කඩුපුල් මලක් වෙලා පිපුනා දුරුත්තේ...යන්නම ගියා ආයෙ නොයන ගමනක් විශාරද සුනිල් සිරිවර්ධනයන් මට මුණගැහුනේ 1992 පූජිත ගුණතිලකඅධ්‍යක්ෂණය කළ පිණිබිඳු ටෙලි නාට්‍ය තුළින්,එතුමා මා දුටු පලවෙනි දවස සුහද ශීලීව සිනාසී දීප්ති නමින් මට ආමන්ත්‍රණය කරා මාද සිනාසුණා "පිණිබිඳුනාට්‍ය" මගේපෙම්වතා ලෙස රඟපෑවේ මධුමාධව අරවින්දමේ මගේ තාත්තා යැයි කියා මට අඳුන්වා දුන්නා මා දැන සිටියාගොඩාක් ගායක ගායිකාවන් ජාතික රූපවාහිනිය රූප රචනා තුලින් හඳුන්වාදුන්මෙතුමන් බව,සුන්දර මතකයන් සමග 95 වසර කවදාවත් අමතක නොවේවි,'

'ලස්සන පරිච්ඡේදයක ආරම්භය,මෙතුමා විසින් අධ්‍යක්ෂණය කළ..... "කුල විලොකනය "ටෙලිනාට්ටිය,නේත්‍රාංජලී ටෙලි නාට්‍යයකීපයක්ම මා ප්‍රධාන චරිත නිරූපණය කළ මේ හැමදේකටම වඩාඒ කටහඬේ තිබුණු වටිනාකමට වටිනාකමක් ලැබුණේ නැහැ මෙතුමාට... ,ලඹ සවන් රන් පටින් ,"මුහුද හඬන වෙලාවේ",රණ්ඩු වෙවී යාළු වෙවී,"කොවුලා හඬලනු නෑ මට ඇසුනේ",මේ ගීත සියල්ලක්මමා බෙහෙවින් ප්‍රිය කරා" මේ ගීතමෑත කාලයේ මධු විසින් නැවත ගායනා කරා,මේ හැමදාම සුන්දර මතකයන්හැමදාමත් එ මතකයන් වලට මා ආදරෙයි,'

'මෙතුමන් මුලින්ම මිනිබිරියගේ මූණ දැක්ක දවස මොන තරම් සතුටකින් අපි ඒ සතුට බෙදා ගත්තද ජීවිතයේ කියන්නේ මෙහෙම තමයි සතුට කියන එක හැමදාම තියා ගන්න අමාරුයි අද දවසේමානොදැක්කත් මාසෙකට කලින් දුවගේ සීයවමම ගිහිල්ලා බලුවාමට පපුව පැලෙන්න දුකක් ආවා....අද.මට ආරංචිය ලැබෙන කොටඉක්මනින්ම වැඩකටයුතු ඉවර කරලා තිබුණා මං ඒ ගරුත්වය හැමදාම තියෙනවා තතාත්තාට!!ඇස් දෙක පියා ගත්තම අතීතයේ ගොඩක් දුරට දිව ගියා පරණ albam පෙරළුවාමගේ කඳුල!! මං තනියම පිසගත්තාමා කුඩා කාලයේ මගේ තාත්තානැති උනාටපස්සේ මං හදවතින්ම ඔයාට තාත්තා කිව්වේ මාලිගාවත්ත ගෙදරජනේලයෙන්අපි ඈතට යනකම්මඔයා අම්මාඅතවනනවාහැමදාම,ඒ තමයි මගේ අතීතය!! ආදරේතාත්තේ ඔයාට නිවන් සුවලැබේවා'

මස් කටු කන හැටි උගන්වන්න ගිය ත්‍රිකලා මුහුණුපොතේ ජෝකර් කෙනෙක් වෙලා

බොහෝ දෙනෙක් ආදරය කරන ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ.

ඉතින් 2017 වසරේදී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගැනීමේ වාසනාව උදා කරගන්නේද මැයයි.

ඇය මූලික අධ්‍යාපනය හදාරලා තියෙන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්.

ඉතින් ඒ වගේම වෘත්තියෙන් ක්ෂේත්‍රයන් කිහිපයකටම දායකත්වය සපයන ඇය මවක් බිරිදක් ගායිකාවක් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වගේම අපේ රටේ ඉන්න ලාබාලතම විශාරදවරියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් නිරූපිකාවක් විදිහට අද ඇය හොඳ තැනක ඉන්නවා.

මේ දිනවල ත්‍රිකලා අලුත් වැඩක් පටන් අරන් තියෙනවා.

ඒ තමයි පිරිසක් ඉස්සරහ රැකිය යුතු ආචාර ධර්ම ගැන කියලා දෙන ටික්ටොක් වීඩියෝ.

මේ දවස්වල ජනප්‍රිය මස් කට්ටක් කන වීඩියෝවත් අන්න එහෙම විවේචනයට ලක්වුණු එකක්.

වීඩියෝවත් එක්ක, ඊට ලැබෙන කමෙන්ට් ඇසුරෙන් නිර්මාණය වුණු පෝස්ට් එහෙමත් සෑහෙන දකින්න ලැබෙනවා.

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා!

හෝමාගම මූලික රෝහල ඉදිරිපිට පිහිටි පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයක් ඉදිරිපිට ඊයේ (29) රාත්‍රියේ නිදා සිටි වයෝවෘද්ධ යාචකයකු හට පෙට්‍රල් ඉන්ධන වත්කර ගිනිතබා ඝාතනය කළ පුද්ගලයකු අද (30)  උදෑසන අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ හෝමාගම මූලික රෝහල ආසන්නයේම පදිංචිකරුවකු වන ඉතා දීර්ඝ කාලයක් තිස්සේ සිඟමන් යදිමින් ජීවත්වූ (64) හැවිරිදි පෙරුම්බුලි ආරච්චිගේ ධර්මදාස නැමැති පුද්ගලයෙක් බවත් පොලීසිය පැවසීය.
 
යාචකයා ඝාතනයට ලක් කළ පුද්ගලයා මීට පෙර දිනක ඔහු සමග බහින් බස් වීමක් සිදුවී ඇති බවත් එලෙස බහින්බස් වීම සිදුවන අතරතුරදී සැකකාර තරුණ පුද්ගලයා කාලකන්නියා තෝ නාන්නේ නෑනේ නෑ නේද ? වෙලාවක මම උඹව අපුල්ලනවා බැරිවුනොත් රෙදි ටිකටත් ගිනිතියලා තොටත් ගිනි තියනවා උඹ මේ සීමාවේ රෑට නිදාගත්තොත් බලාගන්න පුළුවන් යැයි පරුෂ වචනයෙන් බැනවදිමින් තර්ජනය කර ඇති බව වාර්තා වෙයි.
 
ඊයේ (29)  රාත්‍රී 10.30 ට පමණ වයෝවෘද්ධ පුද්ගලයා නිදා සිටි පෞද්ගලික වෛද්‍ය රසායනාගාරය ඉදිරිපිටට පැමිණි සැකකරු යාචකයා දෙසට පෙට්රල් විසිකර ගිනි තබා ඇති බවත් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණයවූ බවද පොලිසිය පවසයි.
 
සිද්ධියේදී විශාල ලෙස ගිනි ඇවිලුණු පුද්ගලයා උස් හඬින් කෑ ගැසීමේ ශබ්දය ඇසී අවට පදිංචි ප්‍රදේශවාසීන් පැමිණ ගිනි ගැනීමෙන් දැවෙමින් තිබූ පුද්ගලයා තෙත ගෝනි සහ තෙත රෙදි භාවිතා කරමින් නිවාදමා ඉතා ඉක්මනින් රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් පොලිසිය පැවසීය.
 
ඇතුළත් කරන විටත් බරපතළ තත්ත්වයේ පසුවූ වයෝවෘද්ධ යාචක පුද්ගලයා බේරාගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ නිලධාරීන් එක්ව හදිසි ප්‍රතිකාර රැසක් සිදුකර ඇති බවත් එලෙස ප්‍රතිකාර ලබමින් සිටියදී අද අළුයම වයෝවෘද්ධ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පැවසීය.

සැකකාර තරුණ පුද්ගලයා 27 වැනි වියේ පසුවන හෝමාගම, ගලවිලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් සැකකරු හෝමාගම පොලිස් ස්ථානය නිලධාරීන් විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පැවසීය.
 
සැකකාර තරුණ පුද්ගලයා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවී විටින් විට ප්‍රදේශවාසීන්ටද හිරිහැර වන අන්දමින් උන්මන්තක  තත්ත්වයෙන් හැසිරෙන අයෙක් බවත් පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අනියම් ප්‍රේමය සතියක් ගොළු වූ බව කියා සිය දිවි නසා ගන්න ගිහින්… දුරකථන ඇමතුමක් අරන් දී පොලිසිය දිවි නසාගන්න ගිය පුද්ගලයා ගහෙන් බස්සවා ගනී!

විදේශගතව සිටින  අනියම් බිරිඳ සතියක පමණ  කාලයක සිට තමන් සමග කතා බස්නොකළ බව පවසමින් අඩි 40ක පමණ උස  අඹ ගසකට නැඟ සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ පුද්ගලයකුට වට්ස්ඇප් මාරගයෙන් ඔහුගේ අනියම් බිරියට කතා කරන්නට සලස්වා ඔහුව ගසින් බස්සා ගැනීමට  යක්කලමුල්ල පොලිසිය කටයුතු කර ඇත.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

අක්මීමන හියාරේ ප්‍රදේශයේ පුද්ගලයෙක් ගෘහ සේවිකාවක් ලෙස කුවේට් රාජ්‍යයේ රැකියාව කරන තැනැත්තියක සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වමින් සිට ඇත.  දෙදෙනා අතර ඇති වූ අමනාපයක් හේතුවෙන්  සතියක පමණ කාලයක සිට ඔහු සමග සම්බන්ධතාවය පැවැත් වූ කාන්තාව  කතා බස් කිරීම නවත්වා තිබේ.

මේ නිසා යක්කලමුල්ල තලංගහ වත්ත නාකියාදෙණිය ප්‍රදේශයේ වතු නිවාස පෙළක්  අසල ඇති  අඩි හතළිහක් පමණ උසැති අඹ ගසකට කඹයක් ද රැගෙන නැග එහි අත්තක් මත වාඩි වී සියදිවි හානි කර ගන්නා බවට ප්‍රකාශ කොට තිබේ. ඔහු පවසා ඇත්තේ ඔහු පෙම් කළ කාන්තාව ඔහුට කතා නොකරන්නේ නම් ජීවත් වි පලක් නැති බවය.

මෙම සිද්ධිය  යක්කලමුල්ල පොලිසියට වාර්තා වීමත් සමග යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  චන්දන හේවගේ   එම ස්ථානයට ගොස් ඇත. 
 
තත්ත්වය විමසා බලා ඔහු විසින් සිය දිවි නසා ගැනීමට ගිය පුද්ගලයාට  විදේශගතව සිටින තැනැත්තිය  වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ    සම්බන්ධකර දි  ගසින් බිමට බස්වා ආරක්ෂාව සදහා පොලිස් ස්ථානයට රැගෙන ගොස් තිබේ.

මෙම පුද්ගලයාගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීමට මනෝ වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මංගල උත්සවයට ආ 21 හැවිරිදි තරුණිය අසාත්මිකතාවයකින් පසු හදිසියේ මරුට!

මංගල සාදයකට එක්වි සිටි තරුණියකට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ පුවතක් පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පුත්තලම - ආනමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි එච්.එම්.අයෝධ්‍යා දේශානි විජේවර්ධන නමැති තරුණියක්.

අයෝධ්‍යා මංගල සාදයකට සහභාගි වී මස් ඇතුළු ආහාර වර්ග කිහිපයක් ආහාරයට ගැනීමෙන් පසු හදිසියේ අසනීප වී තිබෙනවා.

පසුව ඇය ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ‌පුත්තලම මුලස්ථාන පොලීසිය ප්‍රකාශ කළේ.

දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දරුවා වන මෙම තරුණිය පාසල් කටයුතුවලින් පසු විවිධ සමාජ ක්‍රියාකාරකම්වලට දායක වී සිටි අයෙක් බවටයි ප්‍රදේශයෙන් වාර්තා වී ඇත්තේ.

තරුණිය පුත්තලම නගරයට ආසන්නයේ ඇති උත්සව ශාලාවක පැවති මංගල සාදයට එක්වි මෙම ආහාර වර්ගය ආහාරයට ගැනිමෙන් පසු ආසාත්මිකතාවයට පත්වී තිබෙනවා.

එසේ අසාත්මිකතාවයට පත්වු තරුණිය විනාඩි කිපයක් යාමට මත්තෙන් දැඩි ලෙස අසාධ්‍ය තත්වයට පත්වි පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබු අතර ඒ වන විටත් ඇය ජීවිතක්ෂවට පත්ව සිට ඇති බවයි පුත්තලම රෝහල් බලධාරීයෙකු ප්‍රකාශ කළේ.

ලහිරු කුමාර ලෝක කුසලානයෙන් ඉවතට – දුෂ්මන්ත චමීර සංචිතයට!

ආබාධයක් හේතුවෙන් ලහිරු කුමාරට ලෝක කුසලානයෙන් ඉවත්වීමට සිදුව තිබෙනවා.

ඔහු වෙනුවට අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පැමිණි දුෂ්මන්ත චමීර සංචිතයට එක් කර ගැනීමට පියවර ගත්තා.

ඒ අනුව දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයට එක් කිරීම සදහා ICC ලෝක කුසලානයේ තාක්ෂණීක කමිටුවේ අනුමැතිය හිමි වුණා.

සංචාරක වීසා වලින් රැකියාවට යන්න ගියොත් බඩු බනිස්...

සංචාරක වීසා උපයෝගි කරගනිමින් විදේශ රැකියා සඳහා යාමට උත්සහ කළ පිරිමි පුද්ගලයින් 8 දෙනෙකු නවතා ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටුනායක ගුවන් තොටුපොල පරිශ්‍රයේ පිහිටුවා ඇති ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයේ (SMPU) නිළධාරීන් කටයුතු කරලා තියනවා..

ඕමානයේ සංචාරයක් සඳහා යන බව හගවමින් පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය යන බව ප්‍රකාශ කළ තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු, ආපසු දිවයිනට පැමිණීමට අවශ්‍ය ගුවන් ටිකට්පත් ව්‍යාජ අයුරින් (Dummy) නිර්මාණය කරමින් විදෙස් ගතවීමට උත්සහ දරා තිබෙන බවයි වැඩි දුරටත් සදහන් වෙන්නේ..

ඊශ්‍රායලයේදී මියගිය අනුලාගේ දේහය දිවයිනට රැගෙන එයි!

ඊශ්‍රායලයේ යුද ගැටුම් හේතුවෙන් මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය අද (28) ශ්‍රී ලංකාවට රැගෙන එන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කරයි.

කටුනායක ගුවන් තොටුපොළ වෙත අද පෙරවරු 9.45ට පමණ ගොඩබෑමට නියමිත ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඇයගේ දේහය රැගෙන එනු ඇත.
 
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ද, ඊශ්‍රායල් රජය වෙනුවෙන් මෙරට සිටින නිර්වේතනික කොන්සල්වරයා සහ අනුලා රත්නායක මහත්මියගේ පවුලේ සාමාජිකයන් ඒ අවස්ථාවට එක්වීමට නියමිත බවද නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේය.


අනතුරුව අනුලා රත්නායක මහත්මියගේ දේහය කැලණිය ඊරියවැටියේ පිහිටි ඇයගේ නිවෙසට රැගෙන යෑමට නියමිතයි.

dinamina

මැතිව්ස්ව කණ්ඩායමට යලි ගෙනාවේ කුසල් නායකත්වය ගත් සැණින් – සියල්ල හෙළි වෙයි (VIDEO)

ඇන්ජලෝ මැතිව්ස්ව කණ්ඩායමට එක් කරගැනීමේ ඉල්ලීම සිදු කර තිබෙන්නේ නායක කුසල් මෙන්ඩිස් බව ක්‍රිකට් ආරංචි මාර්ග හෙළි කරයි.

මේ පිළිබදව ක්‍රීඩා මාධ්‍යෙව්දී අසාම් අමීන් පල කර අදහස පහතින්

දෙවන හරස් වීදියේ ගින්නෙන් 17ක් පිච්චෙයි! 6කට බරපතළයි!

පිටකොටුව දෙවන හරස් වීදියේ වෙළෙඳසැලක අද (27) උදෑසන හටගත් ගින්නෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.


පුද්ගලයින් 06 දෙනෙකුට බරපතළ පිළිස්සුම් තුවාල ඇති බවද වාර්තා වෙයි.


අද පෙරවරු 09.30ට පමණ දෙවන හරස් වීදියේ රෙදිපිළි අලෙවි සැලක මෙම ගින්න හටගෙන තිබුණි.


කොළඹ ගිනිනිවන ඒකකය විසින් ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නෙන් වෙළෙදසැල් කිහිපයකට හානි සිදුවී ඇති බවද පොලීසිය පවසයි.

ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පිටකොටුව පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

මාරවිල බාලවයස්කාර දැරිය FACEBOOK හරහා දවසට එක් අයකු බැගින් තරුණයන් නිවසට ගෙන්වාගෙන අනග රැගුම් පාලා!

තම පියාගේ ජංගම දුරකථනයේ මූණු පොත හරහා රාත‍්‍රී කාලයේ දවසට එක් අයකු බැගින් නිවසට ගෙන්වාගෙන තරුණයන් සමඟ හැසිරුණු අවුරුදු 15ක පාසල් සිසුවියකගේ ප‍්‍රකාශයක් මත මාරවිල පොලිසිය අත්අඩංගුවට ගත් 19 හැවිරිදි තරුණයන් දෙදෙනකු 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට මාරවිල දිසා විනිසුරු හා මහෙස්ත‍්‍රාත් රඛිත පී. අබේරත්න මහතා ඉකුත් 15 වැනිදා නියෝග කළා.

මාරවිල පොලිසියට සිසුවියගේ නැන්දා කෙනකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් සිසුවියගේ ප‍්‍රකාශය හේතුවෙන් අත්අඩංගුවට ගත හැකි වූයේ තරුණයන් දෙදෙනකු පමණක් බවත් තරුණයන් හත් අට දෙනකු සමඟ සිසුවිය රාත‍්‍රී 10ත් 12ත් අතර කාලයේ නිවසේ නාන කාමරයේ ලිංගිකව හැසිරී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

පියාගේ ජංගම දුරකථනයෙන් මුහුණු පොත ඔස්සේ තමා ගැන විස්තර පළකර තරුණයන් හා දුරකථන පණිවිඩ අනුව සම්බන්ධ වී ඔවුන් ගෙන්වා ගෙන ඇත්තේ සිසුවිය නැන්දාගේ නිවසේ රැඳී සිටියදීය.

මාරවිල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ විදුහලක ඉගෙනුම ලබන මෙම සිසුවිය වෛද්‍ය පරීක්ෂණ සඳහා මේ වන විට මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

“මට ඔයාට උසස්වීමක් දෙන්න පුළුවන් මාත් එක්ක දවසක් ගත කරන්න එන්න පුළුවන් නම්…” – රැකියාවේ උසස්වීම් දෙන්න ලොක්කා ඉල්ලු දේ එළියට!

“ඔයා එක දවසක් මාත් එක්ක එන්න මම ඊට පස්සේ ඔයාව නිර්දේශ කරලා ලියුම දෙන්නම්. මට ඔයාව දැක්කාම මාර ආසාවක් දැනෙනවා.”

“රස්සාව ඕනේ නම් මාත් එක්ක සෙක්ස් කරන්නම වෙනවා. හස්බන්ඩ් දැනගන්න ඕනේ නැහැ.”

“ඔයා මගේ මුල්ම ගර්ල් ෆ්‍රෙන්ඩ් වගේ. මට ඔයාට උසස්වීමක් දෙන්න පුළුවන් මාත් එක්ක දවසක් ගත කරන්න එන්න පුළුවන් නම්.”

මේ සියල්ල විවිධ ආයතනවල රැකියාවේ යෙදෙන, රැකියා අපේක්ෂිත සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාන්තාවන්ට ‘ඉහළ පුටුවල’ සිටින සමහර පුද්ගලයන්ගෙන් ලැබුණු කෙටි පණිවිඩ කීපයකි.

උසස් අධ්‍යාපනය හෝ රැකියාවක් සඳහා නිර්දේශ කර ලිපියක් ලබා ගැනීමේ සිට ආයතනයක් තුළ උසස් වීමක්, වැටුප් වැඩි වීමක් දක්වා ලිංගික අල්ලස් ලබා දීමට විවිධ ප්‍රධානීන්ගෙන් එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් කාන්තාවන් කීපදෙනෙකු සිය අත්දැකීම් බීබීසී සිංහල සේවයට හෙළි කළහ.

‘තදින් වැටුණු හුස්ම සහ කාමුක ඇස්..’

අප ඇය දුල්මිණී ලෙසින් හඳුන්වමු. ඉහළ අධ්‍යාපනයක් ලැබූ දුල්මිණි කොළඹ පිහිටි කාර්යාලයක රැකියාවකට බැඳුණේ ආධුනික පුහුණුවීම් සඳහාය. සය මසක පුහුණු කාලය අවසන් වූ පසු එම රැකියාව ස්ථීර කරගැනීම පිණිස ඇයට කාර්යාල ප්‍රධානියාගෙන් නිර්දේශ ලිපියක් අවශ්‍යය.

“පුහුණු කාලය ඉවර වෙන්න ලං වෙනකොට ලියුම ගැන ඔෆිස් එකේ මගේ බොස්ට මතක් කළා. ඒක වෙලාවට දෙන්නම් කියලා ඒ මොහොතේ කිව්වා. හැබැයි දවස් දෙකකට පස්සේ මට එක දිගට වැඩ වගයක් දීලා රෑ වෙනකම් ඔෆිස් එකේ තියාගත්තා.

“ගැහැණු සම්බන්ධයෙන් සර්ගේ ක්‍රියාකලාපය ගැන නම් මට සෑහෙන දේවල් ඇහිලා තිබුණා. ඒත් මට ඒ වෙනකම් කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. එදා`රෑ ඔෆිස් එකේ හැමෝම යනකම් මට වැඩේ ඉවර කරගන්න බැරි වුණා. ඒක ඉවර කරන්න මට බල කරපු නිසා මැදදී දාලා යන්න බැරි වුණා.

“ඔක්කොම යනකම් ඉඳලා සර් මට කතා කළා. වැඩ ඉවර වෙලා ඔෆිස් පාටියකට යන්න තියෙනවා කියලා ගෙදරට කියන්න, අද රෑ එයා එක්ක ගත කරන්න කියලා සර් කිව්වා. එහෙම කළොත් මගේ ලියුම හොඳටම ලියලා දෙන්නම් කිව්වා.

“මම දුප්පත් පවුලක කොළඹින් පිට ජීවත් වුණ කෙනෙක්. මට මේ වගේ තැනක ස්ථීර රස්සාවක් ලේසියෙන් ගන්න බැහැ. සර් හැදුවේ ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න. මම එවෙලේම ඔෆිස් එකෙන් එළියට දුවගෙන ගියා. ලැජ්ජාව නිසා මේ ගැන පොලිසියටවත්, ගෙදරටවත් කිව්වේ නැහැ.

“නමුත් එදා ඇති වුණ අප්‍රසන්න හැඟීම, අර මනුස්සයාගේ තදින් වැටුණු හුස්ම සහ කාමුක ඇස් දැකලා ඇති වුණ බය මගේ ඔළුවට තදින් කා වැදුනා. මට අපේ වගේ ජීවිත ගැන ඇති වෙලා තියෙන්නේ කලකිරීමක්,” දුල්මිණී තවදුරටත් පැවසුවාය.

‘ප්‍රසිද්ධ රහසක්’

ලිංගික අල්ලස් ඉල්ලීම ‘ප්‍රසිද්ධ රහසක්’ වන නමුත්, එවැනි සිදුවීමකට පසු කාන්තාවන් දැඩි මානසික පීඩනයකට ලක් වන බව මෙම කාන්තාවන් සියලුදෙනා පැවසූ පොදු කතාවයි.

ශ්‍රී ලංකාවේ කාන්තාවන් කොපමණ ප්‍රමාණයකට මෙවැනි බලපෑම් එල්ල වන්නේ ද ගැන නිශ්චිත තොරතුරු නොමැත. කෙසේනමුත්, සමානාත්මතාව සහ සාධාරණත්වය මධ්‍යස්ථානය (CEJ) නම් සංවිධානය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය නිසා අසරණ වූ සිංහල, දෙමළ සහ මුස්ලිම් කාන්තාවන්ට එල්ලවන ලිංගික අල්ලස් බලපෑම් ගැන 2020 මැයි මස අධ්‍යයනයක් ආරම්භ කර තිබේ. මේ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පසුගිය වසරේ දී වාර්තා කීපයක් නිකුත් කර තිබිණි.

කෙසේවෙතත්, කොවිඩ් 19 වසංගතය නිසා මේ සියල්ල තාවකාලිකව ඇන හිට ඇත.

“මෙවැනි සිද්ධි ගැන තොරතුරු එකතු කිරීම අසීරු කටයුත්තක් වී තිබෙනවා. මෙයින් ලැබෙන අපකීර්තිය හා කම්පනය නිසා කාන්තාවන් මේ දේවල් හෙළි කරන්නේ කරන්නේ ඉතා අපහසුවෙන්. විවිධ පොදු සේවාවන් ලබා ගැනීමේ දී ලිංගික අල්ලස් දීමට සිදු වූ බව පිළිගැනීම දුෂ්කර දෙයක් වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ මෙවැනි අධ්‍යයනයක් කළ පළමු අවස්ථාව ද මෙයයි,” සමානාත්මතාව සහ සාධාරණත්වය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ නීතීඥ ශ්‍යාමලා ගෝමස් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ගැටළුව සම්බන්ධයෙන් 2020 මැයි මස නිකුත් කළ වාර්තාවකට කරැණු දක්වමින් පවසා තිබේ.

ලිංගික අල්ලස් ඉල්ලීම් බොහෝ විට සිදු කරන්නේ බලතල සහිත පුද්ගලයන්ය. එවැනි ඉල්ලීමකට අකමැත්ත ප්‍රකාශ කිරීමත් සමග අදාළ පුද්ගලයන් ‘පළි ගැනීමේ’ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන බව සමහර කාන්තාවෝ පැවසූහ.

අපි ඇය නවෝද්‍යා නමින් හඳුන්වමු. රැකියාවේ ගැටළුවලට මුහුණ දීමට මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍ය නිර්දේශ කිසිවක් ඇයට නොලැබුණේ ලිංගික අල්ලසක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

“රජයේ ආයතනයක රැකියාව කරන මට එහි ප්‍රධානියෙක් අහගෙන ඉන්න බැරි තරමේ ලිංගික දේවල් දිගින් දිගටම කියන්න ගත්තා. ඊට පස්සේ එයත් එක්ක ලිංගිකව එක්වෙන්න කියලා මට යෝජනා කළා. මේ දේවල් ඉවසන්න බැරි තැන මගේ පවුලේ අය ඇවිත් මේ ගැන අදාළ පුද්ගලයා එක්ක කතා කළා.

“නමුත් ඊට පස්සේ තමයි මට සෑහෙන විඳවන්න වුණේ. මේ ලිංගික අල්ලස ඉල්ලපු පුද්ගලයා සෑහෙන බලයක් තියෙන කෙනෙක්. එයා ඒ බලය පාවිච්චි කරලා මම වැඩ කළ තැන සෑහෙන ප්‍රශ්න ඇති කළා. මම ගණිකාවක් කියලා කට කතා පැතුරුවා.

“මට උසස් අධ්‍යාපනයට අවශ්‍ය නිර්දේශ ලබා නොදුන්නා විතරක් නෙමෙයි, වෙනත් විශ්වවිද්‍යාලයකින් උසස් අධ්‍යාපනය වෙනුවෙන් ලැබුණු ශිෂ්‍යත්වය පවා නතර කෙරෙව්වා. වැඩ කරන තැන අනෙක් අයව මට එරෙහිව එයා යොදා ගත්තා. හැබැයි මම මේ ගැන රැකියා ස්ථානයට වගේම කාන්තා හා ළමා කාර්යංශයට පැමිණිලි කළා.

“රැකියා ස්ථානයේ දිගින් දිගටම පැමිණිලි විභාග කළත්, ඒවායේදී මගෙන් ප්‍රශ්න ඇහුවේ මම වැරදිකාරයා විදිහට. තවත් ගැහැණු ළමයින්ට එයා මේ විදිහට කරදර කළත් බලයට තියෙන බයට ඒ කිසි කෙනෙක් එයාට විරුද්ධව යන්නේ නැහැ.

“නමුත් පිටත දී දැඩි මානසික පීඩනයකින් ජීවත් වෙනවා.

“මගෙන් වුණ වැරැද්ද තමයි ලිංගික අල්ලස ඉල්ලපු වෙලාවෙම පොලිසියට පැමිණිලි නොකරපු එක. කාන්තා හා ළමා කාර්යංශයත් මට ඒ බව කිව්වා.

“මේ සිද්ධීන් නිසා මම දැඩි මානසික පීඩනයක ඉන්නේ. ඒක මගේ ශාරීරික සෞඛ්‍යයටත් තදින් බලපාලා තියෙනවා. හැබැයි මම සටන අත්හරින්නේ නැහැ. වරදේ පැටලෙන්නේ නැතිවම මම වින්දිතයෙක් වෙලා, සෑහෙන දේවල් නැති වෙලා. අවාසනාවට මේ සම්බන්ධයෙන් අපේ රටේ පැහැදිලි නීතියක්වත් නැහැ,” නවෝද්‍යා තවදුරටත් පැවසුවාය.

"හිනා සද්දයක් ඇහුණ නිසා මම කාමරේට එබුණා...දෙයියනේ...ඒ මගේම දුව" - අම්මා කෙනෙක් කියන, ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව

අම්මට උහුලන්න බැරි තරම් දුකක් සහ ඒ අම්මා ඒක රහසක් විදිහට තියාගෙන ඉඳිවී සඳහටම...

''සර් ඒ මගේ දුව මම හැදුවේ ඇහැක් වගේ, මගේ දුවට මට වඩා තාත්තට කිට්ටුයි ඒක කොහොමත් එහෙමනේ, තාත්තලාලු‍නේ දුවලට වැඩියෙන්ම ආදරේ කරන්නෙ, මගේ දුවට ඒ වෙද්දි අවුරුදු 12ක් විතර.ගොඩක් පරිස්සමට මම හැදුව දෝණිව එයා අනිත් ළමයින්ට වඩා ෆෝවඩ්.ගොඩක්ම වෙලාවට එයා කතා කළෙත් ලොකු ලොකු දේවල් ගැන.

කාන්තාවන්ගේ විමුක්තිය ගැන, අයිතිවාසිකම් ගැන එහෙමත් ලොකුවට කියවනවා.

ඉස්කෝලෙදි පිරිමි ළමයි එයාට කරදර කරන්න ආපු හැටි, බස්වලදී කකුල් පාගපු ඒවා එහෙමත් කියවනවා. ඒ නිසා ඇත්තටම දුවට හානියක් වේවි කියලා මං හිතුවේ නෑ. මේ හැමදේම වුණේ අහම්බෙන්.

මම කවදාවත් මගේම කසාද මිනිහා අවිශ්වාස කළේ නෑ. එයා හුඟක් උගත් මිනිහෙක්. අනික දූටත් ආදරෙයි. ඒත් ඒ ආදරේ ඕනෑවට වැඩී කියලා මට දැණුනු තැන් තිබුණා. සමහර වෙලාවට බාත්රූම් එකේ දුව නානකොට තාත්තා ටවල් එක අරන් ඇතුළට යනවා. ඔය සේරම සාමාන්‍ය දේ, හැබැයි ඒක අසාමාන්‍ය බව මට දැණුනේ හැමදේම වුණාට පස්සේ.

එදා මේ දේ වුණේ මම කලින් ගෙදරට ආපු වෙලාවක, එදා සෙනසුරාදාවක්, කාමරෙන් ඇහුණු මුකුලු‍ව මට ඇල්ලු‍වේ නෑ. මම සාමාන්‍යයෙන් ටවුන් එකට ගියාම එන්නේ හවස. මොකද වැඩ සේරම කරගෙනයි එන්නේ. වෙනදා කාර් එකේ යන්නේ.

එදා ගියේ බස් එකේ. ඇවිත් සද්ද නැතුවම දුවගේ කාමරේට එබෙද්දි, මෙන්න දුවයි තාත්තයි දෙන්නා. දෙයියනේ ඒ මම දැකපු දේ. මම දුවෙක්ව තාත්තෙක්ව දැක්කේ නෑ. හරියටම නිල් චිත්‍රපටියක් බලනවා වගේ.

මට ක්ලාන්තෙ හැදුණා. දුව අඬන්න ගත්තා. ඒ මගේම මිනිහා එයාගේ ලෙයින් උපන්න දුවව දූෂණය කිරීමක් නෙවෙයි. දෙන්නගෙම කැමැත්තෙන් වෙන දෙයක්.

මම මුලින්ම මේක හීනයක් කියලා අමතක කරන්න හිතුවා. ඒත් පස්සෙ මට තේරුණා ඒකේ බරපතලකම. මටත් කලින් අපේ අම්මලා මේක ගැන කාන්තා කාර්යාංශයට කියලා තිබ්බා.

මටත් පොලිසියට යන්න වුණා. අන්තිමේ මිනිහාට හිරේ යන්න වුණා. දුවට අතවර කරපු වරදට මොකද කෙල්ල වයස 16 සම්පූර්ණ නොකරපු නිසා. මම එදා ඉඳන් මේ වෙනකන් දුවව තියන් ඉන්නේ නිවාඩ අඩස්සියේ. ඒකිට පිරිමියෙක්, අඩුම මගේ තාත්තාවත් කිට්ටු වෙනවට මම කැමති නෑ. කවුරු එහෙම ඒකි අතගෑවත, ඒකිට අතට අත දුන්නත් මට බයයි''

ඔබේ අවධානයට:
දියණියන් සිටිනා මවුවරුණි, පියවරුණි, මේ ඔබේ අවධානය පිණිස
1. ඔබේ දියණියට වැඩිහිටි පිටස්තර පිරිමින්ගේ උකුල උඩ වාඩිවෙන්න දෙන්න එපා. වැනක ක්‍රීඩා පිලිබදව විමසිලිමත් වන්න. ඔබද නොදැනුවත්වම ඒ හරහා දරුවා ලිංගික ක්‍රියාවන්ට යොමු විය හැක.

2. අන්තර්ජාලයට භාවිතා කර දරුවන් පිවිසෙන වෙබ් අඩවි පිලිබදව සොයා බලන්න.

3. දරුවාට තමන්ගේ සිරුරේ අවයව හොදින් පිරිසිදු කරගන්නා ආකාරය හොදින් උගන්වන්න. ගෙදර මෙහෙකරුට හෝ මෙහෙකාරියට දරුවාගේ අවයව අල්ලන්න ඉඩදෙන්න එපා.

4. පිරිසක් ඉදිරියේ විනීතව සහ අචාරශීලිව හැසිරෙන හැටි දරුවාට පුරුදු කරන්න. ඇදුම් අදින ආකාරය සහ සියලු‍ දේ.

5. ඔයාගේ දරුවා කිසිම විටෙක කිසියම් කෙනෙක් පිලිබදව පැමිණිලි කලොත් නිහඩව ඉන්න එපා. වහාම ඒ පිලිබදව සොයා බලන්න.

6. නිහඩව සිටීම යම්කිසි අපරාධයකට දිරිදීමක් විය හැකි අතර එවැන්නක් සිදුවුවොත් එය ඔබේත් දරුවාගේත් මුළු ජීවිත කාලයටම වදදෙන වේදනාවක් පමණක් උරුම කරාවී.

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

ගායිකාවකට ලිංගික අතවර! ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක සාමාජිකයෙක් අත්අඩංගුවට!

ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ගායිකාවක අපයෝජනය කළැයි චෝදනා මත එම සංගීත කණ්ඩායමේ ම සාමාජිකයෙකු ජාඇල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇල තුඩැල්ල ප‍්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.

අදාල සංගීත කණ්ඩායමට අයත් සාමාජිකාවක වන 28 හැවිරිදි තැනැත්තිය සිය පැමිණිල්ල මගින් සඳහන් කර ඇත්තේ සංගීත ප්‍රදර්ශනයක් සඳහා සහභාගිවීමට බස් රථයේ ගමන් කරමින් සිටියදී අදාළ සැකකරු තමනට කායිකව හා වාචිකව ලිංගික අතවර කරන කරන ලද බවයි.

ජා-ඇළ පොලිසිය සිදුවීම ගැන වැඩිදුර පරීක්ෂණ කරයි

ටිකට් එකක් ගන්න සල්ලි නැතුව ආරක්ෂකයින්ගෙන් බේරෙන්න පුද්ගලයෙකු සමුද්‍ර දේවී දුම්රියෙන් බිමට පනින්න හැදූ වීඩියෝව සමාජ මාධ්‍ය කළබයි (VIDEO)

ඊයේ උදෑසන ( 2023/10/26 ) සමුද්‍ර දේවී දුම්රියේ ටිකට් නොමැතිව ගමන් කළ පුද්ගලයෙකු ටිකට් පරීක්ෂා කරන අවස්ථාවේ පරීක්ෂක වරුන්ගෙන් බේරීම සදහා ධාවනය වන දුම්රියෙන් ඉවතට පැනීමට උත්සහ කළ අතර මැදිරියේ සිටි මගීන්ගේ සහ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරන මහත්වරුන්ගේ දැඩි පරිශ්‍රමය හමුවේ නැවතත් ඔහු උඩට ගැනීමට සමත් වුන අතර රත්මලාන දුම්රිය ස්ථානයේ දුම්රිය නැවත්වීමට වේගය අඩු වූ මොහොතේ දුමිරියෙන් බස ගොස් තිබේ.

උපුටා ගැනිම - සමාජ මාධ්‍ය

"මං ටැටූ හයක් කරනවා... චූටි බයක් හිතේ තිබ්බත්, දැන් ඒක නෑ..." - ආසාවෙන් ටැටූ කරන්න ගිය ශලනි කියන කතාව මෙන්ම... (PHOTOS)

ශලනි තාරකා පසුගිය දවස්වල ගොඩක් කතා බහට ලක්වෙන චරිතයක්...

ශලනි නිහතයි මේ වෙද්දි විවාහයෙන් පස්සේ ටිකක් නිහඬ වෙලා ඉන්නවා නේ...

ඒත් ඉතිං එයාලා කරන කියන දේවල් ගැන ඒගොල්ලන්ට ආදරේ කරන රසික රසිකාවියන්ට කියන්න නම් ශලනි පොඩ්ඩක්වත් අමතක කරන්නෙ නෑ..

මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක්... කාලයක් තිස්සේ යාළුවොත් එක්ක ශලනි  ටැටූ කරන්න කතා කරගෙන හිටියලු..

ඒත් ඉතිං හිතේ තිබ්බ බය නිසා වගේම අම්මා ගැනෙන එක එක බාධාවීම් නිසා ශලනි මේ අදහස කාලයක් යනකම් හිතෙන්නත් අතඇරලා...

ඒත් ඉතින් නිහත නිසා ඒ බාධක ඔක්කොම නැති වුණා වගේ තමයි.. මොකද එයා ශලනිට කිසිම බාධාවක් කරන්නෑ.. එයා ආස කරන දේවල් කරන්න...

ඉතින් යාළුවො කට්ටියක් එකතු වෙලා friendship ටැටු එකක් වගේම, ඒ දෙන්නාගේ wedding date එක, එක්කම ශලනි ආස කරන විදිහට තව චූටි චූටි ටැටූ කීපයක්ම එදා දවස ඇතුලත කරලා.. ඒ අතරට නිහතගෙ නමත් තියෙනවා...

කොහොම වුනත් ඇය ආස කරන්නේ ටැටූ හයක් කරන්නලු..