gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දෙවන හරස් වීදියේ ගින්නෙන් 17ක් පිච්චෙයි! 6කට බරපතළයි!

පිටකොටුව දෙවන හරස් වීදියේ වෙළෙඳසැලක අද (27) උදෑසන හටගත් ගින්නෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.


පුද්ගලයින් 06 දෙනෙකුට බරපතළ පිළිස්සුම් තුවාල ඇති බවද වාර්තා වෙයි.


අද පෙරවරු 09.30ට පමණ දෙවන හරස් වීදියේ රෙදිපිළි අලෙවි සැලක මෙම ගින්න හටගෙන තිබුණි.


කොළඹ ගිනිනිවන ඒකකය විසින් ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නෙන් වෙළෙදසැල් කිහිපයකට හානි සිදුවී ඇති බවද පොලීසිය පවසයි.

ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පිටකොටුව පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka