gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"හිනා සද්දයක් ඇහුණ නිසා මම කාමරේට එබුණා...දෙයියනේ...ඒ මගේම දුව" - අම්මා කෙනෙක් කියන, ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව

අම්මට උහුලන්න බැරි තරම් දුකක් සහ ඒ අම්මා ඒක රහසක් විදිහට තියාගෙන ඉඳිවී සඳහටම...

''සර් ඒ මගේ දුව මම හැදුවේ ඇහැක් වගේ, මගේ දුවට මට වඩා තාත්තට කිට්ටුයි ඒක කොහොමත් එහෙමනේ, තාත්තලාලු‍නේ දුවලට වැඩියෙන්ම ආදරේ කරන්නෙ, මගේ දුවට ඒ වෙද්දි අවුරුදු 12ක් විතර.ගොඩක් පරිස්සමට මම හැදුව දෝණිව එයා අනිත් ළමයින්ට වඩා ෆෝවඩ්.ගොඩක්ම වෙලාවට එයා කතා කළෙත් ලොකු ලොකු දේවල් ගැන.

කාන්තාවන්ගේ විමුක්තිය ගැන, අයිතිවාසිකම් ගැන එහෙමත් ලොකුවට කියවනවා.

ඉස්කෝලෙදි පිරිමි ළමයි එයාට කරදර කරන්න ආපු හැටි, බස්වලදී කකුල් පාගපු ඒවා එහෙමත් කියවනවා. ඒ නිසා ඇත්තටම දුවට හානියක් වේවි කියලා මං හිතුවේ නෑ. මේ හැමදේම වුණේ අහම්බෙන්.

මම කවදාවත් මගේම කසාද මිනිහා අවිශ්වාස කළේ නෑ. එයා හුඟක් උගත් මිනිහෙක්. අනික දූටත් ආදරෙයි. ඒත් ඒ ආදරේ ඕනෑවට වැඩී කියලා මට දැණුනු තැන් තිබුණා. සමහර වෙලාවට බාත්රූම් එකේ දුව නානකොට තාත්තා ටවල් එක අරන් ඇතුළට යනවා. ඔය සේරම සාමාන්‍ය දේ, හැබැයි ඒක අසාමාන්‍ය බව මට දැණුනේ හැමදේම වුණාට පස්සේ.

එදා මේ දේ වුණේ මම කලින් ගෙදරට ආපු වෙලාවක, එදා සෙනසුරාදාවක්, කාමරෙන් ඇහුණු මුකුලු‍ව මට ඇල්ලු‍වේ නෑ. මම සාමාන්‍යයෙන් ටවුන් එකට ගියාම එන්නේ හවස. මොකද වැඩ සේරම කරගෙනයි එන්නේ. වෙනදා කාර් එකේ යන්නේ.

එදා ගියේ බස් එකේ. ඇවිත් සද්ද නැතුවම දුවගේ කාමරේට එබෙද්දි, මෙන්න දුවයි තාත්තයි දෙන්නා. දෙයියනේ ඒ මම දැකපු දේ. මම දුවෙක්ව තාත්තෙක්ව දැක්කේ නෑ. හරියටම නිල් චිත්‍රපටියක් බලනවා වගේ.

මට ක්ලාන්තෙ හැදුණා. දුව අඬන්න ගත්තා. ඒ මගේම මිනිහා එයාගේ ලෙයින් උපන්න දුවව දූෂණය කිරීමක් නෙවෙයි. දෙන්නගෙම කැමැත්තෙන් වෙන දෙයක්.

මම මුලින්ම මේක හීනයක් කියලා අමතක කරන්න හිතුවා. ඒත් පස්සෙ මට තේරුණා ඒකේ බරපතලකම. මටත් කලින් අපේ අම්මලා මේක ගැන කාන්තා කාර්යාංශයට කියලා තිබ්බා.

මටත් පොලිසියට යන්න වුණා. අන්තිමේ මිනිහාට හිරේ යන්න වුණා. දුවට අතවර කරපු වරදට මොකද කෙල්ල වයස 16 සම්පූර්ණ නොකරපු නිසා. මම එදා ඉඳන් මේ වෙනකන් දුවව තියන් ඉන්නේ නිවාඩ අඩස්සියේ. ඒකිට පිරිමියෙක්, අඩුම මගේ තාත්තාවත් කිට්ටු වෙනවට මම කැමති නෑ. කවුරු එහෙම ඒකි අතගෑවත, ඒකිට අතට අත දුන්නත් මට බයයි''

ඔබේ අවධානයට:
දියණියන් සිටිනා මවුවරුණි, පියවරුණි, මේ ඔබේ අවධානය පිණිස
1. ඔබේ දියණියට වැඩිහිටි පිටස්තර පිරිමින්ගේ උකුල උඩ වාඩිවෙන්න දෙන්න එපා. වැනක ක්‍රීඩා පිලිබදව විමසිලිමත් වන්න. ඔබද නොදැනුවත්වම ඒ හරහා දරුවා ලිංගික ක්‍රියාවන්ට යොමු විය හැක.

2. අන්තර්ජාලයට භාවිතා කර දරුවන් පිවිසෙන වෙබ් අඩවි පිලිබදව සොයා බලන්න.

3. දරුවාට තමන්ගේ සිරුරේ අවයව හොදින් පිරිසිදු කරගන්නා ආකාරය හොදින් උගන්වන්න. ගෙදර මෙහෙකරුට හෝ මෙහෙකාරියට දරුවාගේ අවයව අල්ලන්න ඉඩදෙන්න එපා.

4. පිරිසක් ඉදිරියේ විනීතව සහ අචාරශීලිව හැසිරෙන හැටි දරුවාට පුරුදු කරන්න. ඇදුම් අදින ආකාරය සහ සියලු‍ දේ.

5. ඔයාගේ දරුවා කිසිම විටෙක කිසියම් කෙනෙක් පිලිබදව පැමිණිලි කලොත් නිහඩව ඉන්න එපා. වහාම ඒ පිලිබදව සොයා බලන්න.

6. නිහඩව සිටීම යම්කිසි අපරාධයකට දිරිදීමක් විය හැකි අතර එවැන්නක් සිදුවුවොත් එය ඔබේත් දරුවාගේත් මුළු ජීවිත කාලයටම වදදෙන වේදනාවක් පමණක් උරුම කරාවී.

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka