gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මංගල උත්සවයට ආ 21 හැවිරිදි තරුණිය අසාත්මිකතාවයකින් පසු හදිසියේ මරුට!

මංගල සාදයකට එක්වි සිටි තරුණියකට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ පුවතක් පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පුත්තලම - ආනමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි එච්.එම්.අයෝධ්‍යා දේශානි විජේවර්ධන නමැති තරුණියක්.

අයෝධ්‍යා මංගල සාදයකට සහභාගි වී මස් ඇතුළු ආහාර වර්ග කිහිපයක් ආහාරයට ගැනීමෙන් පසු හදිසියේ අසනීප වී තිබෙනවා.

පසුව ඇය ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ‌පුත්තලම මුලස්ථාන පොලීසිය ප්‍රකාශ කළේ.

දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දරුවා වන මෙම තරුණිය පාසල් කටයුතුවලින් පසු විවිධ සමාජ ක්‍රියාකාරකම්වලට දායක වී සිටි අයෙක් බවටයි ප්‍රදේශයෙන් වාර්තා වී ඇත්තේ.

තරුණිය පුත්තලම නගරයට ආසන්නයේ ඇති උත්සව ශාලාවක පැවති මංගල සාදයට එක්වි මෙම ආහාර වර්ගය ආහාරයට ගැනිමෙන් පසු ආසාත්මිකතාවයට පත්වී තිබෙනවා.

එසේ අසාත්මිකතාවයට පත්වු තරුණිය විනාඩි කිපයක් යාමට මත්තෙන් දැඩි ලෙස අසාධ්‍ය තත්වයට පත්වි පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබු අතර ඒ වන විටත් ඇය ජීවිතක්ෂවට පත්ව සිට ඇති බවයි පුත්තලම රෝහල් බලධාරීයෙකු ප්‍රකාශ කළේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka