gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විනාඩි ගානට ගණන් කියා ඊෂිකෑස් ක‍්‍රමයට ගණිකාවන් විකිණන රාජගිරියේ පොට් එක!

රාජගිරියේ තෙමහල් ගොඩනැගිල්ලක එක්මහලක් රුපියල් ලක්‍ෂයක කුලී පදනමක් මත ලබාගනිමින් සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් ඊෂිකෑස් ක‍්‍රමයට ගණිකාවන් ඇලෙවි කළ ගණිකා මධ්‍යස්ථානයක් වැටලූ වැලිකඩ පොලිසිය කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අන්තර් ජාලය ඔස්සේ දැන්වීම් පළකර ඒ අනුව ඒ ඒ කාල සීමාවන් සඳහා මෙම මධ්‍යස්ථානය මගින් කාන්තාවන් සපයා ඇතැයි පොලිසිය කියයි.

මෙහිදී අදාළ කාන්තාවන්ගේ පහස ලබාගන්නා කාලසීමාවන් අනුව මුදල් අය කෙරෙන අතර විනාඩි 5 කට රු.500 ක්, විනාඩි 10 ක කාලක් සඳහා රු.1000 ක් විනාඩි 15 ක් සඳහා රු.2500 ක් හා වැඩි වන කාලසීමාවන් අනුව එම අය කිරීම් ඉහළ යන බවත් පොලිස් පරික්‍ෂණවලදී අනාවරණය වූ බවත් පොලිසිය කියයි.

මෙයට පෙර අවස්ථා තුනකදී මෙම මධ්‍යස්ථානය වැටලීමට ලක්කර තිබූ බවත් සඳහන් කරන පොලිසිය එහිදී කාන්තාවන් 11 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත් කියයි.

මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගිය පුද්ගලයා වැටලීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ නොසිටි අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙහිදී අත්අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනා රාගම හා කෑගල්ලේ පදිංචි වයස අවුරුදු 44 හා 22 යන වයස් කාණ්ඩවල පසුවන්නියන් වන බව පවසන පොලිසිය එම කාන්තාවන් සමග අත්අඩංගුවට පත් පිරිමි පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 47 ක් හා 26 ක් වන රාජගිරිය හා බොරලැස්ගමුව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව පවසයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka