gossip lanka

පොළොන්නරුවෙන් මෝටාර් උණ්ඩ මතුවෙයි

පොළොන්නරුව-වැලිකන්ද මහවැලිතැන්න සිංහපුර ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබී පැරණි මෝටාර් උණ්ඩ තොගයක් අද (29) පෙරවරුවේ පොලිසියට ලද තොරතුරකට අනුව සොයාගෙන ඇත.

මෙම මෝටාර් උණ්ඩ පොලිතින් පොහොර මල්ලක දමා සඟවා තිබූ බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

මෙම උණ්ඩ නිෂ්ක්‍රීය කිරීමට අරලගංවිල විශේෂ
කාර්ය බලකායට බාර දීමට නියමිතව ඇත.

මෙම මෝටාර් උණ්ඩ ඉතා පැරණි තත්ත්වයේ පවතින බැවින් යුද සමයේ ගෙන එන්නට ඇති බවට සැක කරන බව ද පොලිසිය පවසයි.



gossip lanka