gossip lanka

සුරූපී තරුණියකගේ ජීවිතයක් උදුරාගත් රියදුරා කළ අදහාගත නොහැකි දේ මෙන්න

ඇයට මේ වගේ ඉරණමක් අත්වේවි කියලා කවුරුත් හිතන්නේ නැතුව ඇති.. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්..

මේ දුවගේ වියෝව ඇයට ආදරය කරන අය කොහොම දරාගන්නවා ඇතිද කියන ප්‍රශ්නාර්ථයත් එක්කම මේ කියන්න යන්නේ තවත් වෙනස් විදිහක කතාවක්..

මේ වරදර දඬුවම් ලැබිය යුතු ඇගේ ජීවිතය බිලිගත් මේ රියදුරා දැන් ඉන්නේ කොහේද..? ඔහුට නිසි දඬුවම් හිමිවෙලාද..?

කන්තලේ ප්‍රදේශයේදී පාසල් සිසුවියක් වෑන් රථයක හැපී ජීවිතක්ෂයට පත්වීමත් සමඟ පලා ගිය වෑන් රථ රියදුරු මේවන විට විදෙස් ගතවී තිබෙනවා..

ඔහුට විදේශීය රටකට යෑමට උදව් කළ සැකකරුගේ වැඩිමහල් සහෝදරයා ලබන මැයි තුන්වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කන්තලේ මහේස්ත්‍රාත් දිළිඳු සමරසිංහ පොලිසියට නියම කර ඇති අතර,මෙලෙස බන්ධනාගාර ගත වූයේ කන්තලේ රජ ඇල පාරේ පදිංචි කුරුප්පු ගෙදර සමීර මධුෂාන් නැමැති අයෙක්..

බන්ධනාගාර ගත වූ සැකකරුගේ බාල සහෝදරයා වන කුරුප්පු ගෙදර තිළිණ මධුෂාන් නමැති අය පැදවූ වෑන් රථයට යට වී පාසල් සිසුවියක් මිය ගිය පසු සැකකරුට විදේශ ගතවීමට දැනට බන්ධනාගාර ගත කර සිටින වැඩිමහල් සහෝදරයා ආධාර අනුබල දී ඇති බවට පොලිසිය අධිකරණ හමුවේ පවසා තිබුණා..

සැකකාර වෑන් රථ රියදුරු සිය මවගේ අභාවය සඳහා ජපානයේ සිට මෙරටට පැමිණි අයෙක්.. අනතුර සිදුවීමෙන් පසු ඔහු නැවත ජපානය බලා යෑමට බැංකොක් වෙත පලා ගොස් ඇති බවට තොරතුරු පොලිසියට ලැබී තිබෙනවා..

පලා යැමට උපයෝගී කරගත් මෝටර් රථයද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා..
gossip lanka