gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අරලිය මැඳුරේ නොසන්සුන් තත්වයක්

අගාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේ යැයි කියාගත් පුද්ගලයින් දෙදෙනෙකු  අද අරලියගහ මන්දිරයට ඇතුල්වී එහි තිබෙන යම් යම් කාර්යාලීය උපකරණ පිළිබදව පරීක්ෂා කර ඒවා ඉවත් කිරීමට සූදානම් වීමේදී මහජනතාව හා ඔවුන් අතර නොසන්සුන්තාවයක් ඇතිවූ බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි.

සිද්ධිය සැල වූ වහා අරලියගහ මන්දිරයේ ආරක්ෂක නිලධාරීන් මැදිහත්ව නොසන්සුන්තාවය සමනය
කිරීමට පියවර ගත් බව එම නිවේදනයේ දැකවෙයි. එහි දැක්වෙන්නේ ‘අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතගේ නිල කාර්යාලය වන අරලිය ගහ මන්දිරය’ යනුවෙනි.

මෙම සිද්ධියට මුහුණ පෑ පුද්ගලයන් දෙදෙනා සිය අනන්‍යතාවය ඔප්පුකිරීමට හෝ ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් තොරව අරලියගහ මන්දිරයට ඇතුල්වී තිබෙන බව ආරක්ෂක අංශ සිදුකළ පරීක්ෂණයේදී හෙළි වූ බවත් ඔවුන්ගේ අනන්‍යතාවය පරීක්ෂා කර බලා ඔවුන් සුරක්ෂිතව කාර්යාල භූමියෙන් පිට කිරීමට අරලියගහ මන්දිර ආරක්ෂක නිලධාරීන් විසින් පියවර ගත් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka