gossip lanka

ඩොලරය රුපියල් 176ත් පන්නයි

ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද (31) රුපියල් 176 ද ඉක්මවා ගොස් තිබේ.

 ශ්‍රී ලංකා මහබැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහන අනුව අද ඇමරිකානු ඩොලරය ගැනුම් මිල රුපියල් 172.3605ක් ලෙස සටහන් වූ අතර ඇමරිකන් ඩොලරයක විකුණුම් මිල රුපියල් 176.2547ක් ලෙස සටහන් විය.

ඉතිහාසය තුළ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 172ත් විකුණුම් මිල රුපියල් 176ත් ඉක්ම
ගිය ප්‍රථම අවස්ථාව මෙය වේ.

ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල ඊයේ (30) සටහන් වූයේ පිළිවෙලින් රුපියල් 171.6722ක් සහ රුපියල් 175.5637ක් ලෙසය.


gossip lanka