අසූචි ටීම් එක ගැන කිව්වොත් මිලියන භාගයක් තෑගි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාර එල්ල කළ කණ්ඩායම පිළිබදව නිවැරදි ඔත්තුවක් දෙන අයකුට ලක්ෂ 5ක මුදලක් ලබා දීමට හිරු සී.අයි.ඒ. කණ්ඩායම තීරණය කර ඇත.

ඒ අනුව ඊට අදාළ තොරතුරු 077 0322 821 යන අංකයට දැනුම් දිය හැකිය.

“ඒක නම් පිස්සුවක් බං...!” - බුකියම ඇවිලූ උපේක්ෂාගේ සරාගී පින්තූර එකතුවට රසිකයන්ගෙන් නොසිතූ ප්‍රතිචාර - (PHOTOS)

උපේක්ෂා ස්වර්ණමාලි කියලා කියන්නේ ලංකාවේ සිටින ජනප්‍රියම රංගන ශිල්පිනියක්. රංගන ක්ෂේත්‍රය ඔස්සේ පමණක් නොව නර්තන ක්ෂේත්රය ඔස්සේත් උපේක්ෂා සිය හැකියාවන් විදහා දක්වනවා. ඇයට තවමත් බොහෝ දෙනා අමතන්නේ පබා කියන නමින්. ඒ මීට බොහෝ කලකට පෙර ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය කරන ලද පබා ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය ඇය නිරූපණය කළ නිසයි. එහිදී ඇය දැක් වූ විශිෂ්ට රංගනය නිසා ම තමයි ඇයට මේ තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි වෙලා තියෙන්නෙ.

ඒ වගේම තමයි පසුගිය කාල වකවානුවේ දී ඇයව අපිට දේශපාලන වේදිකාවෙන් ද දැකගන්නට පුළුවන් වුණා. නමුත් මේ වන විට දේශපාලනයෙන් ඉවත් වී සිය රංගන කටයුතු සමඟ කාර්යබහුල වී සිටිනවා. පසුගිය දින කීපයකට පෙර උපේක්ෂා සහභාගී වන රූපවාහිනී වැඩසටහනකදී අදහස් දක්වන ඇය පවසන්නේ ඇය ජීවිතයේ කරගත්තු ලොකුම මෝඩකම දේශපාලනයට ගිය එක කියලයි.ඒ නිසා ඇයට ගොඩක් දේවල් නැතිවුණා කියලා සඳහන් කරනවා.

ඒ වගේම ඇය දේශපාලනය නොකළනම් ඊට වඩා ගොඩක් දේවල් අයට දිනාගැනීමට හැකි බවත් ඇය දේශපාලනයෙන් කිසිදු අනවශ්‍ය මුදලක් හරි හම්බ කරගෙන නෑ කියලාත් සදහන් කරනවා. යම් යම් ගැටලූ හේතුවෙන් පළමු විවාහයෙන් වෙන් වූ ඇය දෙවන වරට විවාහ වූ අතර මේ වන විට පුංචි දියණියකගේ මවක් ද වනවා . කොහොම නමුත් පසුගිය දිනකදී උපේක්ෂා ස්වර්ණමාලි බුකියම කළඹමින් සරාගී චායාරූප එකතුවක් සිය ෆේස්බුක් මාධ්‍ය ගිණුම ඔස්සේ පළ කරලා තිබුණා. ඉතින් ඒ සඳහා ඇයට නොයෙක් ආකාරයේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණ බව තමයි අපට දැකගන්නට ලැබුණේ. සමහරක් අය “ඒක නම් පිස්සුවක් බං” ආදී වශයෙනුත් කමෙන්ට් කරලා තිබුනා. අදරණීය දියණියකගේ මවක් වුණත් ඇයගේ සුන්දරත්වය නම් පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. ඉතිං ඇයගේ ඉදිරි අනාගත කටයුතු සියල්ලක් ම සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

කුරුණෑගල නව තෙමහල් ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කෙරේ!

කුරුණෑගල නව තෙමහල් ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් 02.02.2022 වෙනි අද දින සිදු කෙරිණි.

පළාත් සභා හා පළාත් පාලන කටයුතු අමාත්‍යාංශයේ පුරනැගුම ව්‍යාපෘතිය හා සභා අරමුදල් යොදවා මෙම නව තෙමහල් ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ඉදිකර ඇත. මේ සදහා රුපියල් මිලියන 215ක් වැය කර ඇත. 2019 වසරේ අග භාගයේ දී නව ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා මුල්ගල තබා වසර 02ක් ඇතුළත මෙහි ඉදිකිරීම් අවසන් කර ඇත.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ මෙම නව තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය.

නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ බිම් මහල තුළ සරප්, මහජන සෞඛ්‍ය කාර්යාලය, ගබඩාව ලේඛනාගාරය, අවන්හල සහ කාය වර්ධන  මධ්‍යස්ථානය ඉදිකර ඇත. තාක්ෂණ අංශය, ආයතන අංශය, ප්‍රජා සංවර්ධන හා පරිසර අංශය, ආදායම් ප්‍රවර්ධන අංශය, මුද්‍රණ අංශය, සභාපතිතුමාගේ කාර්යාලය යනාදිය පළමු මහල තුළ ඉදිකර ඇත.දෙවන මහල තුළ ශ්‍රවණාගාරය, රැස්වීම් ශාලාව ඉදිකර ඇත.

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම, වීදි පහන් නඩත්තු කිරීම, වරිපනම් බදු අය කර ගැනීම, ප්‍රදේශයේ කසල බැහැර කිරීමේ කටයුතු සිදුකිරීම, ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අවශ්‍ය සැලසුම් අනුමත කිරීම, බල ප්‍රදේශයේ දුගී ජනතාව නඟා සිටුවීමට අධාර ලබා දීම, අඩු ආදායම් ලාභීන්ට නිවාස ලබා දීම, පුස්තකාල පහසුකම් ලබා දීම, පරිසර බලපත්‍ර ලබා දීම, ව්‍යාපාර ලියංපදිංචි කිරීම, ආදාහනාගාර පහසුකම් ලබා දීම, ත්‍රිරෝද රථ සංගම් ලියාපදිංචි කිරීම, ග්‍රාමීය පාසල් සංවර්ධනය යනාදිය ප්‍රාදේශීය සභා මගින් සිදු කරයි.

මෙම අවස්ථාවට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, වයඹ පළාත් ආණ්ඩුකාර, හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපති අචල නිමන්ත ඇතුළු දේශපාලන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.  
 

මාධ්‍ය ඒකකය                              
මහාමාර්ග අමාත්‍යාංශය