හෙට සිට අය කරන නව දුම්රිය ගාස්තු ලේඛනය මෙන්න

2018 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාව අනුව 2018.10.01 වැනි දින සිට සිදු කරනු ලබන දුම්රිය ගාස්තු සංශෝධනය යටතේ දුම්රිය අවම ගාස්තු සංශෝධනය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරනවා.

කලින් පැවති අවම ගාස්තුව තුන්වන පන්තිය රු. 10, දෙවන පන්තිය රු.20 හා පළමු පන්තිය රු. 40 තවදුරටත් මේ අනුව නොවෙනස්ව පවතිනවා.

නිව්යෝර්ක් ගිය ජනපති දිවයිනට !

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අලුයම දිවයිනට ළඟා විය.

මෙවර සැසිවාරය පැවැත්වූයේ එක්සත් ජාතීන් සියලු ජනතාවට සමීප කරවීම, සාධාරණ, සාමකාමී සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම යන තේමාව යටතේයි.

සාමාන්‍ය පෙළින් විෂයන් 3 ක් ඉවත් වන ලකුණු

සාමාන්‍ය පෙළ විෂය මාලාවට අයත් විෂයන් නවය, විෂයන් 6 ක් දක්වා අඩු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

ඇමති මංගල ගැන ජා.නි.පෙ.න් නිවේදනයක්

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසූ මතය විවේචනය කරමින්,  අමාත්‍ය මංගල සමරවීර මිනිස් අයිතිවාසිකම් පිලිබද බටහිර සංකල්පය පරමත්‍යයට නැංවීමට උත්සාහ කරන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා.

ඒ බටහිර මානව හිමිකම් පිළිබදව කාදිනල් හිමිපාණන්ගේ පසුගියදා ඒකල මතෙව් දේවස්ථානයේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වන අමාත්‍යවරයාගේ මතය පිලිබදව සදහන් කරමින්.

ඇමති අකිල, කෘෂිකර්ම ඇමතිකමට කැමැත්තෙන්

අධ්‍යාපන අමාත්‍ය ධුරයට වඩා, තමා කෘෂිකර්ම අමාත්‍ය ධුරය දැරීමට කැමැත්තෙන් පසුවන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

රන් මාලය කඩාගත් තරුණයින් දෙදෙනාව 12 හැවිරිදි සිසුවිය පෙරට්ටුවේදී හඳුනාගනී

තම 12 වැනි උපන් දිනය වෙනුවෙන් දෙමාපියන් විසින් තමාට තෑගි දුන් රන්මාලය කොල්ල කෑ කොල්ලකරුවන් සම්බන්ධයෙන් මීගමුව වැඩ බලන මහෙස්‌ත්‍රාත් ගොඩ්ප්‍රි කුරේ මහතා හමුවේ පැවැති හඳුනා ගැනීමේ පෙරට්‌ටුවේදී එම දැරිය විසින් එම කොල්ලකෑම සිදු කළ සැකකරුවන් දෙදෙනා හඳුනා ගැනීමට සමත් විය.

පෙරට්‌ටුවේදී හඳුනාගත් සැකකරුවන් වූයේ වයික්‌කාල දකුණු කම්මල්වැල්ල පදිංචි නිලූෂ ප්‍රියංකර

SFගේ කුඩු හවුල්කාරිය රටින් පන්නලා ?

පාතාල නායකයකු වන එස්.එෆ්. ලොක්කා නොහොත් ඉරෝන් රණසිංහගේ හෙරොයින් ජාවාරමේ හවුල්කාරිය බවට සැකකරණ කාන්තාවක් රටින් පලා ගොස් විදේශ රටක සැඟවී සිටින බව ‍පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
තරුණ විවාහක කාන්තාවක් වන ඇය මෙසේ පලාගොස් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන ‍පොලිස් පරීක්ෂකවරයා යටතේ ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් ඒකකය මගින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබියදීය.

ආණ්ඩුවේ යටි අරමුණක්?

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් පත් කිරීම ප‍්‍රමාද වෙමින් පවතින්නේ ආණ්ඩුවේ යටි අරමුණු නිසා දැයි සැකමතු වන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. ඒ හේතුවෙන් රාජ්‍ය යාන්ත‍්‍රණය බිඳ වැටෙන තත්ත්වයකට පත්ව ඇති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග පෙන්වා දුන්නේ.

මේ හේතුවෙන් ඉදිරියේදී මතුවිය හැකි තත්ත්වන්

මංගලගේ ප්‍රකාශය ගැන රතන හිමි කනස්සල්ලෙන්

මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කණගාටු වන බව එජාප ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසති.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්  සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා  දැක්වූ ප්‍රතිචාරය පිළිබඳ අදහස් දක්වමින් රතන මන්ත්‍රී හිමියන් මේ බව පැවසුයේ, ශ්‍රී ලංකා - චීන මිත්‍රත්ව දිනය වෙනුවෙන්

අවසන් පන්දුව දක්වා තියුණු තරගයකින් පසු ඉන්දියාව ආසියානු කුසලානයට හිමිකම් කියයි

අවසන් පන්දු ඕවරයේ අවසන් පන්දුව දක්වා දෙපිලට දෝලනය වෙමින් පැවති උද්වේගකර තරගයක් නැරඹීමට ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට ඉඩ සලසමින් බංග්ලාදේශයට එරෙහිව කඩුලු 3 ක ජයක් වාර්තා කරමින් 2018 ආසියා කුසලානය හිමිකර ගැනීමට ඉන්දියාව ඊයේ (28) සමත් වුනා. ඒ අනුව මේ දක්වා ආසියානු කුසලාන 7 ක ජයග්‍රහණය තමන් සතු කර

ඉන්දුනීසියා සුනාමිය ගැන මෙරට කාලගුණ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

ඉන්දුනීසියාවට බලපා ඇති සුනාමි තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් ජනමාධ්‍ය එලෙස වාර්තා කර තිබුණා.

හටගත් සුනාමි තත්ත්වයෙන් ඉන්දුනීසියාවේ පලු සහ

ඥානසාර හිමිගේ ඇප විභාගය කල් යයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර හයක සිර දඬුවම් ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම දඬුවමට එරෙහිව ඉදිරිපත්කර ඇති අභියාචනා ඉල්ලීම සලකා බැලීම ලබන මස 05 වනදා දක්වා කල් තබන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද(28) තීන්දු කළේය.

දුම්රිය ගාස්තුත් ඉහළට

දුම්රිය ගාස්තු සඳුදා (01 දා) සිට ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. මහා භාණ්ඩාගාරයේ උපදෙස් මත මෙලෙස දුම්රිය ගාස්තු සංශෝධනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

දුම්රිය ගාස්‌තුව සංශෝධනය කරනු ලබන්නේ වසර දහයකට පසුව බව පවසන දුම්රිය දෙපාර්තමේන්තුව මෙම සංශෝධනයෙන් පසුව ද දුම්රිය ගාස්‌තුව තවදුරටත් බස්‌ ගාස්‌තුවට වඩා අඩුවෙන් පවතින බව පවසයි.

ආප්ප, ප්ලේන් ටී, කිරි තේ සහ කෑම පැකට්ටුවක් අද සිට උපරිම සිල්ලර මිලකට

ආප්ප, ප්ලේන්ටී, කිරි තේ සහ දිවා ආහාර (මාළු) පාර්සලයක් අද (28දා) සිට උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

ඒ අනුව ආප්පයක් රුපියල් 15ක්, ප්ලෙන් ටී රුපියල් 20ක්, කිරි තේ එකක් රුපියල් 40ක් හා දිවා ආහාර පාර්සලයක් (මාළු) රුපියල් 140 යන මිල ගණන් යටතේ අලෙවි කිරීම සිදුවනු ඇත.

ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කළැයි අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සිසුවාට ඇප

ත්‍රස්ත ක්‍රියාවක් සැලසුම්කළ බවට සැක කරමින් ඕස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සිසුවා සතුව තිබී සොයා ගත් බව කියන සටහන් පොත්වල තිබූ අත් අකුරු ඔහුගේ නොවන බවට විශේෂඥයින් තහවුරු කර තිබෙනවා. මේ අනුව මෙහොමඩ් කමර් නිසාම්ඩීන් මෙම ශ්‍රී ලාංකික සිසුවා ඇප මත මුදා හැරීමට ඕස්ට්‍රේලියානු අධිකරණය තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

මෛත්‍රීගේ පුටුව මහින්දට ඉල්ලූ පෙත්සම ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිධුරයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉවත් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂමහතා එහි සභාපතිවරයා ලෙස පත්කිරීමේ නියෝගයක් ඉල්ලමින් ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධන අයදුම්පත්‍රය බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය  (27දා) විභාගයට නොගෙන නිශ්ප්‍රභ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයා ලෙස සලකන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා

ගායන ශිල්පී දමිත් අසංක රිමාන්ඩ්…

මෙරට ජනප්‍රිය ගායන ශිල්පයෙකු වන දමිත් අසංක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු ඔක්තොබර් 09 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලල්වායේ ඔහුගේ නිවසේදී මත්ද්‍රව්‍ය පානය කරමින් කලහ කලේ යයි අසල් වාසීන් විසින් පොලීසියට කළ

උපාය මාර්ග ගැන සිතා බලන්න: පිතිකරුවන් ස්ථාවර කරන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපාය මාර්ගයන් ගැන යළි සිතා බලන ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර කියා සිටිනවා. ආසියානු කුසලාන තරගාවලියේදී ලද පරාජයත් සමග සංගක්කාර මේ පිළිබඳව සදහන් කර සිටිනවා.

ආසියානු කුසලානය පස් වරක් හිමිකම් කි ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේදී බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය හමුවේ ලද අන්ත පරාජයත් සමග

පිදුරංගල පර්වතයේ අඩ නිරුවත් ඡායාරූප ගත් තිදෙනා රිමාන්ඩ්

ඓතිහාසික පිදුරන්ගල රජමහ විහාරස්ථානයේ පිහිටි ගල මතට නැග අඩ නිරුවතින් ඡායාරූප ගෙන  මුහුණු පොත හරහා අන්තර්ජාලයට මුදාහැර තිබූ බවට සැකපිට අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනා ඔක්තෝම්බර් 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද(27)  නියෝග කළේය.

මෙසේ බන්ධනාගාර ගත වූයේ ගලේවෙල ප්‍රදේශයේ

යෝෂිතට නඩු පැවරීමට යයි : විමර්ශන වාර්තාව නීතිපතිට

මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට සහ ඔහුගේ මිත්තණිය ඬේසි ෆොරෙස්ට් මහත්මියට එරෙහිව නඩු පැවරීමට එහි උද්ධෘත නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) ඊයේ (26) අධිකරණයට දැනුම් දී සිටියේය.

ඒ, ගල්කිස්ස මිහිඳු මාවතේ ඉඳිකර ඇති රුපියල් මිලියන 36 ක් පමණ වටිනා නිවාස හා දේපල මිලදී

TID ස්නයිපර් තුවක්කුවක් අස්ථානගතවූ කතාව බොරුවක් !

ත්‍රස්ත විමර්ශන ඒකකයේ තිබු ස්නයිපර් තුවක්කුවක් අස්ථානගත වී ඇති බවට පලවන මාධ්‍ය වාර්තාවල සත්‍යතාවයක් නැති බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසිය.

ස්නයිපර් ගිනි අවියක් භාවිතයෙන් ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවතියේ ද යන්න සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී එබව සඳහන් කල එම

හිටපු නාවික හමුදාපති ගැන හෙළිකළ නිලධාරියාට තර්ජන

තරුණයන් ඇතුළු 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තාට රටින් පලා යාමට හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආධාර අනුබල දී රැකවරණ දුන් බවට අනාවරණය කළ ලුතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරි මහතාගේ ජීවිතයට තර්ජන එල්ල වී ඇති බවට පැමිණිලි ලැබි ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (26) කොටුව වැඩ බලන නිල නොලත් මහේස්ත්‍රාත් නීතිඥ දීමනී බැද්දේවෙල මහත්මියට දැනුම් දුන්නේය.

මාණ්ඩලික ආරක්ෂක ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතාව ඉදිරි දින කිහිපය තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබාගෙන

අගමැති ඇතුළු හයකට වාරණ නියෝගයක්

ගාල්ල මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් හයදෙනකුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ජයකී ද අල්විස් මහත්මිය ඊයේ (26) පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු හයදෙනකුට වාරණ නියෝගයක් නිකුත් කළාය.

ගාල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් වන අන්වර් අන්සාර් මොහොමඩ්, රියාස් ලතීෆ්, මොහොමඩ් රෝෂන්, මොහොමඩ් එෆ්. නිශාන්, මොහොමඩ් ශිරාජ් හා මොහොමඩ් නිලාම් යන හයදෙනා ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරිය ලබන 10 වැනිදා දක්වා

ට‍්‍රම්ප්-මෛත‍්‍රී හමුවෙති..

73 වැනි එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගී වීම සදහා ඇමරිකාවේ නිවුයෝක් නගරයට ගොස් සිටින ජනාදිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අමරිකානු ජනාධිපති ඩොලනඩ් ට‍්‍රම්ප් හා ජනාධිපති බිරිදද මුණ ගැසී තිබේ.

සමුළුවට පැමිණි සියලු රාජ්‍ය නායකයන් සදහා ඇමරිකා ජනාධිපතිවරයා විසින් පිරිනමන රාත්‍රී භෝජන සංග්‍රහයටද ජනාධිපති මෛක‍්‍රිපාල සිරිසේන

මැතිව්ස් මෙන්ඩිස් විසිවෙයි - ප්‍රබල වෙනසක් සමගින් එංගලන්තය සමග එක්දින සටනට යන සිංහ පිල නම් කරයි

එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා සහභාගි වන ශ්‍රීලංකා කණ්ඩායම නම්කොට තිබෙනවා.මෙම සංචිතයේ නායකත්වය දිනේෂ් චන්දිමාලට හිමිවී ඇති අතර හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට හා පසුගිය සමයේ දුර්වල ක්‍රීඩා

ගෑස් මිල ඉහළට

කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. අද (26) මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මකයි.

මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කය තුළ කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අළෙවි වන්නේ රුපියල් 1,538කටය.

කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 78න්ද

මධුෂ් සමග ගනුදෙනු සොයන්න නාලකගේ දුරකථන පරීක්‌ෂා කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කළ බව කියන ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා, රටින් පලාගොස් සැගවී සිටින පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සමග සබඳතා පැවැත්වූවේද යන්න සෙවීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මධුෂ් සමග සබඳතා පැවැත්වූයේද යන්න සෙවීම

ජලභීතිකා රෝගය යළි හිස එසවීමේ අවදානමක්

ජලභීතිකා රෝගය යළි හිස එසවීමේ අවදානමක් මතුව තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි. සුනඛයන් එන්නත් කිරීමේ ක්‍රියාවලිය වසර දෙකක කාලයක සිට අඩපණ වීම හේතුවෙන් මේ තත්ත්වය ඇතිව තිබෙන බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කෙළේය.

ජලභීතිකා රෝගය වැලඳීම හේතුවෙන් 2018 වසරේ අගෝස්තු දක්වා කාලය තුළ පුද්ගල මරණ 13ක් වාර්තා වී තිබෙන බවත් පසුගිය වසරේ (2017)

පිදුරංගල පර්වතයේ නිරුවතින් සිටි අය ගැන පරීක්ෂණ

පිදුරංගල රජමහ විහාරස්ථ පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍ය ජාලවලට මුදාහැරීම සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.

අසභ්‍ය ප්‍රකාශන වැළැක්වීමේ 1983 අංක 22 දරන සංශෝධන පනත හා පොලිස් ආඥා පනත ප්‍රකාරව මෙම ඡායාරූපවල පෙනී සිටින පුද්ගලයන්ට එරෙහිව

CID ෆොන්සේකාගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි

හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගෙන් පැය හතරක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25දා) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සහ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෘෘර වධ හිංසනයට ලක් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකර ඇත.

ඔහු ඊයේ මධ්‍යහ්න 12.00ට පමණ එම

හිරුණිකාගේ නිවසට හොරු පනිති

පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ  හෝකන්දර අරංගල නිවසට බිඳ  එහි  අල්මාරියක  තිබු රුපියල් ලක්ෂ 5 ට අධික  වටිනා තිබු  රන් බඩු හා, වටිනා ඔරලෝසුවක් ඇතුලු භාණ්ඩ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

 මෙම නිවසට පැය 24 ක්  පුරාවට  පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබියදී  ඉකුත් (23) දින රාත්‍රියේ මෙම සොරකම සිදුව ඇති බවත්  පාර්ලිමේන්තු මන්ත්‍රිනි  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හා ඇගේ සැමියා පෙරේදා  (24) අතුරුගිරිය පොලිසියට පැමිණිලි කර ඇති බව

අඹේපුස්ස කඳවුරේ සිද්ධිය ඇතුලේම වැඩක් බව හෙළිවෙයි

අඹේපුස්ස යුද හමුදා කඳවුරේ මුර කුටියක රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබලෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඔහුගේ ගිනි අවිය පැහැරගැනීමේ සිද්ධියට එම කඳවුරේම සෙබළුන් දෙදෙනෙකු සම්බන්ධ බවට පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

විමර්ශන සිදුකරන උසස් නිලධාරියෙකු සඳහන් කළේ කොල්ලකෑම් සිදුකිරීම සඳහා මෙම හමුදා සෙබළාගේ

සජිත් "මහින්ද රාජපක්ෂ" නමින් ගමක් අරඹයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් ද නව ගම්මානයක් ඉදිකරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ සියලුම ජනාධිපතිවරුන්ගේ නමින් ගම්මාන ඉදිකිරීමට තීරණය කර තිබෙන අතර ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් ද ඉදිරියේදී ගම්මානයක් ඉදිවනු ඇති බවද සඳහන් කළේය.

ජාතියේ පියා වන මහාමාත්‍ය ඩී. එස් සේනානායක මහතාගේ නමින් මේ වන විට ගම්මානයක් ඉදිකර

ඤාණසාර හිමි නැවතත් ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කරයි…

සයවසරක සිර දඩුවමක් නියමව වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බොදුබල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් අද පෙරවරුවේ නැවත වරක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ආසාත්මික තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේ මෙලෙස ජයවර්ධනපුර

බුලත් විට රු. 10 කින් ඉහළට

නිෂ්පාදන වියදම වැඩි බව පවසමින් රුපියල් 30 ක්ව පැවති බුලත් විටක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට අලෙවිකරුවෝ තීරණය කොට තිබේ.

ඒ අනුව දිවයින පුරා රුපියල් තිහකට අලෙවි වූ බුලත්විටක් රුපියල් 40 කට අලෙවි කරන බව ජනතාව පවසති.

පුවක් ගෙඩියක් රුපියල් හතරක තොග මිලකට අලෙවි වන බවත් බුලත් කොළයක තොග මිල

නවසීලන්ත අගමැතිනිය එක්සත් ජාතීන් අමතන්න දරුවා කැටුව පැමිණෙයි

මේ දිනවල ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වාර්ෂික රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් නවසීලන්තය නියොජනය කරමින් පැමිණියේ එරට අගමැතිනිය ජසින්ඩා ආර්ඩන්ය.

ඇය සමග ඇගේ බිළිඳියද රාජ්‍ය නායක සමුලුව අමතන අවස්ථාවට එක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඇය සමුළුව අමතද්දී දරුවා ළඟ සිට ඇත්තේ ඇයගේ

ෆොන්සේකා අද රහස් පොලිසියට කැඳවයි

සරත් ෆොන්සේකා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (25දා) දින කැඳවා තිබේ.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමේ සහ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන කෘෘර වධ හිංසනයට පත් කිරීමේ සිද්ධීන්වලට අදාළව සිදු කෙරෙන විමර්ශනවලට අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා මෙම කැඳවීම සිදු කර ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව සරත් ෆොන්සේකා මහතා අද (25දා) දින

සභාපති තනතුරට වර්ණපුර හා මහානාමගේ නම් කරළියට

මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි ලෙස අසාර්ථකත්වයට පත්වීම පිළිබඳව වගකීමක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවටද පැවැරෙන බැවින් එම කමිටුවද ඉවත් කොට නව තේරීම් කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඉදිරි දින කිහිපය තුළදී කටයුතු කරනු ඇති බවත් නව ජාතික තේරීම් කමිටුවේ සභාපති තනතුර සඳහා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයන් වන බන්ධුල වර්ණපුර හා රොෂාන්

දස ලක්‍ෂ 135 ක බැංකු ණය නොගෙවා වංචා කළ සහල් මෝල් හිමියා රිමාන්ඩ්

වී තොග රැුස්කර ගබඩා කිරීම සඳහා එක්තරා පෞද්ගලික බැංකුවකින් රුපියල් දස ලක්ෂ 150 ක මුදලක් ණය වශයෙන් ලබාගෙන ඒ මුදලින් රුපියල් දස ලක්ෂ 136 ක් ආපසු නොගෙවා පැහැර හැර බැංකුවට වංචා කළ බවට පොලොන්නරුවේ මහා පරිමාණ සහල් මෝල් හිමියකුට විරුද්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔක්තෝබර් මස 3 දා දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කරන ලෙසට පොලොන්නරුව

පිටකොටුවෙන් බුදුරුව සහිත සාරියක් සොයා ගැනේ

පිටකොටුව දෙවැනි හරස් වීදියේ පදික වේදිකාවේ විකිණීමට තබා තිබූ බුදුරුවේ සිරස මුද්‍රණය කළැයි කියන සාරියක් සොයා ගත් බව පොලිසිය කියයි.

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ කාන්තාවක සාරි මිලදී ගැනීමට පිටකොටුව දෙවැනි හරස් වීදියට පැමිණ සාරි තෝරමින් සිටියදී මෙම සාරිය දැක 119 හරිදිසි ඇමැතුම් අංකයට ඇමැතුමක් ලබා දී තිබෙන බව පොලිසිය පවසයි.

එම පැමිණිල්ල අනුව දිවා ජංගම සංචාරයේ යෙදුණු නිලධාරීන් එම ස්ථානයට ගොස් සාරිය පොලිස් බාරයට ගෙන තිබේ. එම සාරිය විකිණීමට දමා තිබූ

නායකත්ව වෙනසත් සමගින් දිමුත් කරුණාරත්න එක්දින පිලේ ආරම්භක පිතිකරු වේවිද...?

ශ්‍රීලංකා එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරු බවට දිමුත් කරුණාත්න පත්කළ යුතු බව විස්තර විචාරක රසල් ආනල්ඩ් පවසනවා.

සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් ආර්නල්ඩ් මේ බව පවසා තිබෙනවා.

දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරු කිරීම මගින් පිතිකරුඅංශය ශක්තමත් වනු ඇතැයි ආනල්ඩ් මෙහිදී

ත්‍රීවීල් මීටරය අනිවාර්යයි

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා මීටරයක් අනිවාර්ය කිරීමේ නීතිය නැවත බලාත්මක කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව තීරණය කර ඇත.

ඒ අනුව මෙම නීතිය එළඹෙන ඔක්තෝබර් මස දෙවන සතියේ සිට අනිවාර්ය කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා තීරණය කර තිබේ.

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා සුදුසු මීටරයක් සවිකර

පාරිභෝගික ගැටලුත් ජිනීවා යයි

මෙරට පාරිභෝගික ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳ හෙට (25දා) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 34 වැනි සැසිවාරයට ඉදිරිපත් කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

මෙම කරුණු ඉදිරිපත් කිරීමට තම සංගමයේ ජ්‍යෙෂ්ඨ නීති උපදේශක ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා මහතා ස්විස්ටර්ලන්තයට ගොස් සිටින බවද එම සංගමයේ

අණබෙර ගසා අධිකරණ නියෝගයක් දැනුම් දෙයි

හලාවත අධිකරණ බල ප්‍රදේශයට අයත් මාදම්පේ ප්‍රදේශයේ නිවෙසක අයිතිය පිළිබඳ පැවැති නඩු විභාගයකදී පැමිණිලිකරුට ඉඩමේ අයිතිය හිමිවීම හා දැනට එහි පදිංචිකරුවන් වී සිටින පුද්ගලයන්ට ඉන් ඉවත් වීම පිළිබඳව දැනුවත් කිරීම හා ඒ පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා අණබෙරය යොදාගෙන ඇත.

වෘත්තීය බෙර වාදකයකු විසින් මේ අණබෙරය ගැසූ අතර හලාවත අධිකරණයේ පිස්කල් නිලධාරි

සක්‍රියම මන්ත්‍රීලා ඉන්නේ ජවිපෙ !

වත්මන් පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් සමීක්ෂණයක යෙදෙන mantri.lk වෙබ් අඩවිය විසින් පාර්ලිමේන්තුවේ සක්‍රීයම මන්ත්‍රීවරු පිළිබඳ නවතම සමීක්ෂණය එළිදක්වා තිබේ.

වත්මන් පාර්ලිමේන්තුව නැතහොත් 08 වැනි පාර්ලිමේන්තුව පත්වී දැනට වසර 03ක් ගතවී ඇති අතර එම සමීක්ෂණයට අනුව මෙම වසර 03 තුළ පාර්ලිමේන්තුවේ සක්‍රීයම මන්ත්‍රීවරු දසදෙනා අතර

සීනි බදු ඉහළ දැමීමට පෙර ව්‍යාපාරිකයෝ තිදෙනෙක් සීනි ගෙන්වලා

සීනි කිලෝවක බදු මුදල රුපියල් දාහතයි ශත පනහකින් ඉහළ දැමීමට පෙර ව්‍යාපාරිකයන් තිදෙනෙකු දින 45කට ආසන්න ප්‍රමාණයකට ප්‍රමාණවත් ලෙස සීනි ආනයනය කර තිබෙන බව ආනයනකරුවෝ පිරිසක් සඳහන් කරති.

සීනි මෙට්‍රික් ටොන් හැට දහසකට අධික ප්‍රමාණයක් මෙම තිදෙනා සතුව තිබෙන බවට වාර්තා වෙන බවත්, මෙම ව්‍යාපාරිකයන්ට බදු ඉහළ දැමීම පිළිබඳ තොරතුරු මුලින් ලැබී තිබෙන බවට සැක කරන බවත් ආනයනකරුවෝ පෙන්වා දෙති.

දින 30ක කාලයකට රටට අවශ්‍ය වන්නේ සීනි මෙට්‍රික් ටොන් හතළිස් දෙදහසත්, හතළිස් පන්දහසත්

පෙට‍්‍රල් 225 ඩීසල් 180 දක්වා මිල වැඩිවීම ස්ථිරයි..

ඉදිරි මාස කිහිපයේදී පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 225 දක්වා සහ ඩීසල් ලීටරයක් රුපියල් 180 දක්වාද ඉහල යාමේ පැහැදිලි අනතුරක් ඇතැයි ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රමේෂ් පතිරණ මහතා පවසයි.

වත්මන් ආණ්ඩුවේ වැඩපිලිවෙල නිසා අද වන විට

යකහටුවේ ඇඟලූම් සේවකයෝ 300ක් එකවර ලෙඩ වෙති

රෝගී වූ ඇඟලූම් කම්හල් සේවක සේවිකාවන්ට මිනුවන්ගොඩ දිසා රෝහලේදී දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරි සිසිර විජේසුන්දර මහතා ඇතුළු වෛද්‍ය  කාර්ය මණ්ඩලය හෙදියන් සහ අනෙකුත් සේවකයන් කඩිනමින් ප‍්‍රතිකාර ලබා දුන් අයුරු සහ රෝගීවූ සේවක සේවිකාවන් රෝහලේ සිටි අයුරු.

ඡායාරූපය - මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක

මිනුවන්ගොඩ යකහටුව ප‍්‍රදේශයේ ඇඟලූම් කම්හලේ සේවක සේවිකාවෝ 300 කට අධික පිරිසක් ආහාර විෂවීම හේතුවෙන් රෝගාතුර වී පෙරේදා (22 වැනිදා)

රුපියල පවා හිඟාකන බස් හිමියන්ට මගී සංගමය දුන්න පිළිතුර (Video)

මෙම මස 20 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තුව 4%කින් ඉහළ දැමීමට ගෙන ඇති තීරණයට විරෝධය පල කරන බව කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය සහ ශ‍්‍රී ලංකා පාරිභෝගික ජාලය ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් සන්දන්කර සිටියි.

පසුගිය 19 වැනිදාකොළඹදී පවත්වන ලද එම මාධ්‍ය හමුවේදී ඔවුන් වැඩි දුරටත් කියා සිටියේ බස් ගාස්තු වැඩි කිරීමට පමණක් ක්‍රියාත්මක වන ආයතන

ව්‍යවස්ථාදායක සභාවට අලුත්ම 5ක් !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරි සතිය තුළ නව සාමාජිකයින් පත් කරන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා කියයි.
එහි සමාජිකයින් 5 දෙනෙකුගේ නිල කාලය පෙරේදා
(21) අවසන්වීම හේතුවෙන් මේ නව පත් කිරීම් සිදුකරන බවද ඔහු කියා සිටියේය.

ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න, විජිත හේරත්, තිලක් මාරපන, සිබ්ලි අශීස් සහ රධිකා කුමාරස්වාමි යන