gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යකහටුවේ ඇඟලූම් සේවකයෝ 300ක් එකවර ලෙඩ වෙති

රෝගී වූ ඇඟලූම් කම්හල් සේවක සේවිකාවන්ට මිනුවන්ගොඩ දිසා රෝහලේදී දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරි සිසිර විජේසුන්දර මහතා ඇතුළු වෛද්‍ය  කාර්ය මණ්ඩලය හෙදියන් සහ අනෙකුත් සේවකයන් කඩිනමින් ප‍්‍රතිකාර ලබා දුන් අයුරු සහ රෝගීවූ සේවක සේවිකාවන් රෝහලේ සිටි අයුරු.

ඡායාරූපය - මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක

මිනුවන්ගොඩ යකහටුව ප‍්‍රදේශයේ ඇඟලූම් කම්හලේ සේවක සේවිකාවෝ 300 කට අධික පිරිසක් ආහාර විෂවීම හේතුවෙන් රෝගාතුර වී පෙරේදා (22 වැනිදා)
උදේ ගම්පහ මහ රෝහලට සහ මිනුවන්ගොඩ දිසා රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

රෝගාතුර වූ සේවක සේවිකාවන් 156 දෙනකු ගම්පහ දිස්ත‍්‍රික් මහ රෝහලට ද තවත් සේවක සේවිකාවන් 150 දෙනකු මිනුවන්ගොඩ දිසා රෝහලට ඇතුළත් කර තිබිණි.

බඬේ කොරය, කැරකිල්ල සහ ක්ලාන්ත ගතිය එම සේවක සේවිකාවන්ට පැවැති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

ඉකුත් 21 වැනිදා ලබා ගත් දහවල් ආහාරයෙන් පසුව ඇති වූ රෝගී තත්ත්වය පසුදා (22 වැනිදා) සේවයට පැමිණ උදේ ආහාරය ලබා ගැනීමෙන් පසුව උග‍්‍ර වූ බව රෝගී වූ එම සේවක සේවිකාවෝ පැවසූහ. එම ඇඟලූම් කම්හලේ සේවක සේවිකාවන් 1600 කට ආසන්න ප‍්‍රමාණයක් සේවයේ යෙදෙන බවත් කර්මාන්ත ශාලාව මගින් ඇණවුම් ලබා දුන් ආයතනයක් මගින් සේවක සේවිකාවන්ට උදේ සහ දිවා ආහාරය සපයන බවත් කර්මාන්තශාලා බලධාරීහු පැවසූහ.

ගම්පහ සහ මිනුවන්ගොඩ රෝහල්වලට රෝගී වූ එම සේවක සේවිකාවන් පෙරේදා (22 දා) උදේ ඇතුළත් කිරීමත් සමඟ එම රෝහල්වල සියලූම වෛiවරු, හෙදියන් සහ කාර්ය මණ්ඩලය ඉතා කැපවීමෙන් තමන්ට ප‍්‍රතිකාර ලබා දුන් බව රෝගී වූ එම සේවක සේවිකාවෝ පැවසූහ. නේවාසිකව ප‍්‍රතිකාර ලබා ගත් එම සේවක සේවිකාවන්ගේ රෝගී තත්ත්වය බරපතළ නොවූ බවත්, ඊයේ (23 වැනිදා) උදේ වන විට රෝගීන් කිහිපදෙනකු හැර අනෙකුත් සේවක සේවිකාවන් රෝහල දෙකෙන් පිටව ගොස් ඇති බවත් රෝහල් ප‍්‍රකාශකයෝ වැඩිදුරටත් පැවසූහ.

මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍ර. පො. ප. ජීවක රාජපක්‍ෂ, ගම්පහ මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලක්‍ෂ්මන් බණ්ඩාර යන මහත්වරුන්ගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් සහ ගම්පහ සහ මිනුවන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකරති.

මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka