gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

CID ෆොන්සේකාගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි

හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගෙන් පැය හතරක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25දා) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සහ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෘෘර වධ හිංසනයට ලක් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකර ඇත.

ඔහු ඊයේ මධ්‍යහ්න 12.00ට පමණ එම
දෙපාර්තමේන්තුව වෙත පැමිණ පස්වරු 4.00ට පමණ පිටත්ව ගිය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ගයන් පවසයි.

මෙම විමර්ශනයන්ට අදාළව සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගත් දෙවැනි අවස්ථාව මෙය බව එම ආරංචි මාර්ගයන් සඳහන් කරයි.

ඡායාරූප - සස්සඳ ලියනආරච්චි

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka