තම 12 වැනි උපන් දිනය වෙනුවෙන් දෙමාපියන් විසින් තමාට තෑගි දුන් රන්මාලය කොල්ල කෑ කොල්ලකරුවන් සම්බන්ධයෙන් මීගමුව වැඩ බලන මහෙස්‌ත්‍රාත් ගොඩ්ප්‍රි කුරේ මහතා හමුවේ පැවැති හඳුනා ගැනීමේ පෙරට්‌ටුවේදී එම දැරිය විසින් එම කොල්ලකෑම සිදු කළ සැකකරුවන් දෙදෙනා හඳුනා ගැනීමට සමත් විය.
පෙරට්‌ටුවේදී හඳුනාගත් සැකකරුවන් වූයේ වයික්‌කාල දකුණු කම්මල්වැල්ල පදිංචි නිලූෂ ප්‍රියංකර
ප්‍රනාන්දු සහ කොච්චිකඩේ වැලිහේන පදිංචි ඩබ්ලිව්. සංජීව ඉන්දික නමැත්තන්ය. මෙහි පැමිණිලිකාරිය වූයේ වැලිහේන කීනගහවත්තේ පදිංචි ඒ දෙනෙති ආර්යා පෙරේරා නමැති 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවයි. ඇය නිවස අසල පිහිටි වෙළෙඳ සලකට බිස්‌කට් මිලදී ගැනීමට ගිය අවස්‌ථාවේ යතුරු පැදියකින් පැමිණි මෙම සැකකරුවන් දෙදෙනා එම ශිෂ්‍යාවගේ ගෙලෙහි බිඳි රන්මාලය කොල්ලකා පලාගොස් ඇත.
රන් මාලය කඩාගත් තරුණයින් දෙදෙනාව 12 හැවිරිදි සිසුවිය පෙරට්ටුවේදී හඳුනාගනී
2018-09-29T16:46:00+05:30
Gossip Lanka Hot News
slide|




Posted in: 



