gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

SFගේ කුඩු හවුල්කාරිය රටින් පන්නලා ?

පාතාල නායකයකු වන එස්.එෆ්. ලොක්කා නොහොත් ඉරෝන් රණසිංහගේ හෙරොයින් ජාවාරමේ හවුල්කාරිය බවට සැකකරණ කාන්තාවක් රටින් පලා ගොස් විදේශ රටක සැඟවී සිටින බව ‍පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
තරුණ විවාහක කාන්තාවක් වන ඇය මෙසේ පලාගොස් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන ‍පොලිස් පරීක්ෂකවරයා යටතේ ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් ඒකකය මගින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබියදීය.

පොලිස් නිලධාරීන් දිගින් දිගටම එස්.එෆ්. ලොක්කාගේ හෙරොයින් හා ඒවා අලෙවි කරන ගෝලයන් අත්අඩංගුවට ගැනීමත් සමග ඔහු අදාළ කාන්තාව මැදපෙරදිග රටකට යවා ඇති බවට සැකකෙරේ.
පසුගිය දින කිහිපයේ ඇගේ ෆේස් බුක් ගිණුමේ විදෙස් රටක සිට උපන් දිනය සමරන සාදයක ඡායාරූප පළකර තිබෙන අයුරු ‍පොලීසිය නිරීක්ෂණය කර ඇති බවද වාර්තා වේ.

විවාහයෙන් වෙන්ව සිටින මේ කාන්තාව එස්.එෆ්. ලොක්කාගේ පෙම්වතිය බවට ද සැකකෙරේ.
සැකකාරිය එස්.එෆ්. ලොක්කාගේ හෙරොයින් ජාවාරමට කලක සිටම උදව් උපකාර සිදුකර තිබෙන බවත්, කොළඹ ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක සේවය කරමින් කොළඹ සිට අනුරාධපුරයට රහසිගතව හෙරොයින් ප්‍රවාහනය කර තිබෙන බවත් ‍පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

ගිනස් ලෝක වාර්තාලාභී කරාතේ උපදේශකවරයකු හා රාත්‍රී සමාජ ශාලා හිමිකරුවකු වූ වසන්ත සොයිසා මහතා ඝාතනය කිරීම, විදේශීය ජීව අත් බෝම්බයක් සන්තකයේ තබා ගැනීම ඇතුළු බරපතළ චෝදනාවන් කිහිපයක් සමබන්ධයෙන් එස්.එෆ්. ලොක්කා අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 2017 වසරේ අප්‍රේල් මස එස්.එෆ්. ලොක්කා ජීව අත් බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ඊ. එම්. සංජීව මහානාම මහතා විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඇය සමග ජංගම දුරකථනයක් ඔස්සේ රහසිගතව සබඳතා පවත්වමින් හෙරොයින් ජාවාරම සිදුකර ඇති බව ‍පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
අනුරාධපුර බන්ධනාගාරයේ සිට හෙරොයින් ජාවාරම සිදුකිරීම නිසා ඔහු වරකා‍පොළ බන්ධනාගාරයට මාරු කර යැවූ අතර එහි සිටි ඔහුගේ ගෝලයන්  යොදා ගනිමින් හෙරොයින් ජාවාරම සිදුකරද්දී ඔහුගේ ප්‍රධානතම ගෝලයා හෙරොයින් ග්‍රෑම් 100 කට අධික ප්‍රමාණයක් සමග දිසා වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka