gossip lanka

හෙට සිට අය කරන නව දුම්රිය ගාස්තු ලේඛනය මෙන්න

2018 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාව අනුව 2018.10.01 වැනි දින සිට සිදු කරනු ලබන දුම්රිය ගාස්තු සංශෝධනය යටතේ දුම්රිය අවම ගාස්තු සංශෝධනය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරනවා.

කලින් පැවති අවම ගාස්තුව තුන්වන පන්තිය රු. 10, දෙවන පන්තිය රු.20 හා පළමු පන්තිය රු. 40 තවදුරටත් මේ අනුව නොවෙනස්ව පවතිනවා.

මෙහිදී සිදු වන ප්‍රවේශ පත්‍ර‍ ගාස්තු සංශෝධනයත් සමඟ වාර ප්‍රවේශ පත්‍ර‍ ගාස්තු ද සංශෝධනය වන අතර වාර ප්‍රවේශ පත්‍ර‍ සඳහා මෙතෙක් අය කළ ප්‍ර‍තිශතයේ වෙනසක් සිදු වන්නේ නැහැ. ඒ අනුව රජයේ සේවක වාර ප්‍රවේශ පත්‍ර‍යකට අය කළ තනි ගමන් ප්‍රවේශ පත්‍ර‍යක වටිනාකම මෙන් නව ගුණයක් සහ පෞද්ගලික අංශයේ වාර ප්‍රවේශ පත්‍ර‍ සඳහා අය කළ තනි වාර ප්‍රවේශපත්‍ර‍ වටිනාකම මෙන් විසි හතර ගුණය ද නොවෙනස්ව පවතිනවා. එනම් එය දින දොළහක් සඳහා වන මුදලකි.  එමෙන්ම පාසල් සිසුන්ගේ සහ විශ්වවිද්‍යාල සහ පිරිවෙන් අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් අයකරනු ලබන ගාස්තුව වන්නේ තනි ගමන් වාරයක ප්‍රවේශපත්‍ර‍ වටිනාකම මෙන් හයගුණයක ගාස්තුවකි.

මෙම ගාස්තු සංශෝධනය සිදු කරනු ලබන්නේ වසර  10 ට පසුව වන අතර මෙම සංශෝධනයෙන් පසුව ද තවදුරටත් බස් ගාස්තුවට වඩා දුම්රිය ගාස්තු අඩුවෙන් පවතින බවයි පෙන්වා දෙන්නේ. 

ඒ අනුව එක් එක් කිලෝමීටර්යට අදාළව එක් එක් පන්තියට අනුව අයකරනු ලද හා සංශෝධිත ගාස්තුව සඳහා ලේඛණයක් පහතින් දැක්වෙයි.
gossip lanka