gossip lanka

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අද

අදට යෙදෙන ලෝක ළමා දිනයේ ජාතික උත්සවය අද (01) කොළඹ කේන්ද්‍රකොට ගනිමින් අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශලාවේ දී පැවැත්වීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය කටයුතු යොද තිබෙනවා.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාරගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික උත්සවය පැවැත්වීමට කටයුතු සැලසුම් කොට ඇති බවයි
වාර්තා වෙන්නේ.

'දිරියෙන් පෙරමුණට යන්න - ළමා කැළට සවිය දෙන්න' යන්න මෙවර එහි තේමාවයි.  මෙම උත්සවයේදී ලෝක ළමා දිනය නිමිත්තෙන් වූ සමරු මුද්දරය හා කවරය නිකුත් කිරීම ද සිදු වනවා.

විශේෂ දක්ෂතා සහිත දරුවන් 9දෙනෙකුට හා ලෝක ළමා දින මුද්ද‍රයේ චිත්‍රය නිර්මාණය කළ දරුවාට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉදිරිපත් කරන සංස්කෘතික අංග, පාසල් දරුදැරියන් ඉදිරිපත් කරන විශේෂාංග මෙම ලෝක ළමා දින උත්සවයේ දී පැවැත්වෙනවා.

මේ අතර ලොව පුරා වැඩිහිටියන් සැමරෙන ලෝක වැඩිහිටි දිනය ද අදට (01) යෙදී තිබෙනවා.

මෙම දිනය වෙනුවෙන් ලොව පුරා රටවල් රැසක් උත්සව හා විවිධ ක්‍රියාකාරී වැඩසටහන්  ක්‍රියාත්මක කරනවා.

ශ්‍රී ලංකාවේ මෙන් ම ලෝකයේ ද වැඩිහිටි ජනගහනය සීග්‍රයෙන් ඉහල යමින් පවතිනවා. වර්ෂ 1964 දී සියයට 5.4%ක් වූ වයස අවුරුදු 60ට වැඩි අයගේ ප්‍රතිශතය 2001 දී 9.2%ටත් 2012 දී 12.5%ටත් වැඩි වූ අතර 2050 වනවිට සියයට 30% දක්වා වැඩි වන බවට පුරෝකතනය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

වර්ෂ 2041 වනවිට ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 25%ක් අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන් වනු ඇති. ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය සීග්‍රයෙන් ඉහළ යෑම නිසා බෝ නොවන රෝගවල ඉහළ යෑමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

gossip lanka