gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අයවැයේදී කියූ විදුලි බස් තවම ගෙනත් නෑ

මුදල් ඇමැතිවරයා පසුගිය 2017 අයවැය කතාවේදී විදුලියෙන් ධාවනය කළ හැකි බස්රථ 50ක් ලංකාවට ගෙන්වන බව ප්‍රකාශයට පත් කළත් මේ වන තෙක් එවැනි එකදු බස්රථයක්වත් මෙරටට ගෙන්වා නොමැති බව ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවැසීය.

එම අයවැය කතාවේදී බස්රථ සඳහා රුපියල් මිලියන 500 ක ප්‍රතිපාදනයක් වෙන්කරන බවද මුදල් ඇමැතිවරයා පැවැසීය. නමුත් රුපියල් මිලියන 500 න් එම බස්රථ 50ක් මිලදී ගත නොහැකි බවද ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවැසීය. කෙසේවෙතත් මේ වන විට ප්‍රවාහන අමත්‍යාංශ බලධාරීන් මූලිකත්වය ගෙන විදුලියෙන් ධාවනය කළ හැකි බස්රථ 12ක් දිවයිනට ගෙන්වීමට කටයුතු කරමින් සිටිති.

ඒ සඳහා අදාළ  ටෙන්ඩර් මණ්ඩල අනුමැතියද ගෙන ඇති
අතර 2017 අයවැයෙන් වෙන් කළ රුපියල් මිලියන 500 ක් මිලදීගත හැක්කේ බස්රථ 12ක පමණක් බව ප්‍රවාහන අමාත්‍යාංශ නිලධාරියෙකු අප කළ විමසුමකදී පැවැසීය. විදුලියෙන් ධාවනය කළ හැකි මෙම බස්රථ චීනයෙන් මිලදී ගැනීමට නියමිත අතර ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියද ලබා ගැනීමට නියමිතය.

පානුක රාජපක්ෂ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka