කොළඹ මීගමුව ප‍්‍රධාන මාර්ගයේ වැලිගම්පිටිය මංසන්ධිය අසලදී ඊයේ (30 වැනිදා) දහවල් 12.00 ට පමණ එල්ල වූ වෙඩි ප‍්‍රහාරයකින් මෝටර් රථයක් පදවමින් සිටි කාන්තාවක
මියගොස් ඇත. වෙඩි ප‍්‍රහාරය එල්ලවී තුවාල ලැබූ ඇය ජාඇල රෝහලට රැගෙන යෑමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ගිලන් රථයකින් රාගම රෝහලට
ඇතුළත් කරන ලදී.
මෝටර් රථයට වෙඩි තබන අවස්‌ථාවේ ඇගේ දියණියද එහි ඉදිරි අසුනේ සිට ඇති අතර ඇයට හානියක් සිදුව නැතැයි ක¹න පොලිසිය පවසයි.
මේ අතර ජාඇල පොලිසියට පැමිණි ක්‍රිෂාන්ත අජිත් කුමාර නමැති අය කටඋත්තරයක් ලබා දෙමින් පවසා ඇත්තේ තමාට එරෙහිව විභාග වන නඩු කීපයකට අදාළව මිනුවන්ගොඩ ගම්පහ හා පෑලියගොඩ පොලිස් ස්‌ථානවලට ගොස් අධිකරණ නියෝග මත අත්සන් තබා නැවත කොළඹ මීගමුව පාරේ මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදී කිසියම් පිරිසක් මෝටර් රථයකින් ජාඇල වැලිගම්පිටිය ප්‍රදේශයේදී තමා පැමිණි මෝටර් රථය හඹා ආ බවත් තමා පැමිණි මෝටර් රථයට සමාන තවත් මෝටර් රථයක් එම ස්‌ථානයේ ගමන් කරන විට එම පිරිස ඊට වෙඩි තැබූ බවත්ය.
ඔහුට විරුද්ධව ගම්පහ ඔස්‌මන්ට්, දෙමටගොඩ චමින්ද හා බෝල සමන් යන අයට වෙඩි තැබීම සම්බන්ධව නඩු කිහිපයක් අධිකරණයේ විභාග වෙමින් පවතින බව පොලිසිය පවසයි.
මෝටර් රථය හඳුනා ගැනීමට නොහැකිව වැරදීමකින් මෙම වෙඩි තැබීම සිදුවී ඇතැයි පොලිසිය සැක කරන අතර මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ජාඇල වැලිකුරුඳුවත්ත අංක 95 නිවසේ පදිංචිව සිටි රසිකා රොසෙල් (40) නමැති අයයි. වෙඩි ප්‍රහාරවලින් බේරී ඇත්තේ ඇයගේ දියණිය වන දහතුන් හැවිරිදි එලිසා කොස්‌තාය.
මෙම මව හා දියණිය මෝටර් රථයෙන් නිවසේ සිට ජාඇල ප්‍රදේශයට ගොස් ඇත්තේ ව්‍යාපාරික කටයුත්තක් සඳහා බව වාර්තා වේ.
- දිවයින
වැරදීමකින් තැබූ වෙඩිල්ලට වැලිගම්පිටියේදී කතක් බිලි
2018-10-01T09:03:00+05:30
Gossip Lanka Hot News