gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුම්රිය ගාස්තු අද සිට 15% කින් නගී


දුම්රිය ගාස්තු අද (01 වැනිදා) සිට 15% කින් වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය ගාස්තු වැඩි වීමට අනුව රුපියල් 10 ක් වන අවම ගාස්තුව වැඩි නොවන නමුත් අවම ගාස්තුව යටතේ ගමන් කළ හැකිව තිබූ කිලෝ මීටර් 9 ක දුර ප‍්‍රමාණය කිලෝ මීටර් 7 දක්වා අඩුකර තිබේ.

දුම්රිය ගාස්‌තු වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්‌ඩල හා භාණ්‌ඩාගාර අනුමැතියද ලැබී ඇතැයි දුම්රිය
දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක්‌පැවැසීය.

වසර අටකට පසු මෙසේ දුම්රිය ගාස්‌තු වැඩිවන බවද හෙතෙම කීය.

අද සිට ක්‍රියාත්මක නව දුම්රිය ගාස්‌තුව යටතේ කොළඹ-කොටුවේ සිට ප්‍රධාන දුම්රිය ස්‌ථාන කීපයකට තුන්වන පන්තියේ ගාස්‌තු වැඩිවීම මෙසේය.

මීගමුව රුපියල් 45-55 දක්‌වාද, ගම්පහ රුපියල් 35-40 දක්‌වාද, රාගම රුපියල් 20-25 දක්‌වාද, කළුතර රුපියල් 50-55 දක්‌වාද, අවිස්‌සාවේල්ල 65-80 දක්‌වාද, රඹුක්‌කන රුපියල් 85-105 දක්‌වාද, හලාවත රුපියල් 80-100 දක්‌වාද, බදුල්ල රුපියල් 205-275 දක්‌වාද, යාපනය රුපියල් 320-350 දක්‌වාද මඩකලපුව රුපියල් 235-315 දක්‌වාද, මහනුවර රුපියල් 110-140 දක්‌වාද, ගාල්ල රුපියල් 105-135 දක්‌වාද, මාතර රුපියල් 135-170 දක්‌වාද, අනුරාධපුරය රුපියල් 165-215 දක්‌වාද, පොළොන්නරුව රුපියල් 190-250 දක්‌වාද, බණ්‌ඩාරවෙල රුපියල් 190-250 දක්‌වාද, ත්‍රිකුණාමලය රුපියල් 210-280 දක්‌වාද, මාතලේ රුපියල් 130-165 දක්‌වාද, පේරාදෙණිය රුපියල් 105-135 දක්‌වාද, වේයන්ගොඩ රුපියල් 45 සිට 50 දක්‌වාද, කුරුණෑගල රුපියල් 95 සිට රුපියල් 115 දක්‌වාද, ගාස්‌තු ඉහළ යනු ඇත.

වාර ප්‍රවේශ පත්‍ර ගාස්‌තු වැඩිවීමේදී සාමාන්‍ය තනි ගමන් ප්‍රවේශපත්‍ර මුළු අගයෙන් සියයට 40 ක්‌ ඉහළ නංවා ඇති අතර රජයේ සේවක වාර ප්‍රවේශ පත්‍ර ගාස්‌තුව සියයට 15 කින් වැඩිවී තිබේ.

විශ්වවිද්‍යාල, පිරිවෙන් සහ වයස අවුරුදු 12 ට වැඩි පාසල් වාර ප්‍රවේශ පත්‍ර ගාස්‌තු සියයට 10 කින් ඉහළ නංවන බවද වයස අවුරුදු 12 ට අඩු ශිෂ්‍ය වාර ප්‍රවේශපත්‍ර සහ දුම්රිය සේවක වාර ප්‍රවේශපත්‍ර ගාස්‌තු සියයට 5 කින් ඉහළ නංවන බවද දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

-  දිවයින


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka